ට්‍රම්ප්ගේ ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට ස්ටීවන් මිලර්.. - සුසී වයිල්ස් ඉවතට..
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ (Donald Trump) ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී (White House Chief of Staff) සුසී වයිල්ස් (Susie Wiles) එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර, ඒ වෙනුවට ස්ටීවන් මිලර් (Stephen Miller) පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මධ්‍යවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය ලැබූ දැඩි පරාජයෙන් අනතුරුව ධවල මන්දිරයේ සිදුකෙරෙන ප්‍රධානතම තනතුරු වෙනස් කිරීම මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බහුතර බලය රිපබ්ලිකන් පක්ෂයට අහිමි වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර, මැතිවරණ උපායමාර්ගය පිළිබඳව ද ඔහු කෝපයෙන් පසුවන බව මේ පිළිබඳ දැනුමක් ඇති ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වේ.
ට්‍රම්ප්ගේ සමීපතම සහායකයෙකු වන ස්ටීවන් මිලර්, ඔහුගේ දෙවන ධුර කාලයේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තිය සැලසුම් කිරීමේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළ අයෙකු ලෙස සැලකේ.
කෙසේ වෙතත්, මිලර් මෙම ඉහළ තනතුරට පත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ ට්‍රම්ප් සිය පාලන ප්රවේශයේ මූලික වෙනසක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි දේශපාලන විශ්ලේෂණවලදී පෙන්වා දී ඇත්තේ.
මේ අතර, සුසී වයිල්ස් සිය දේශපාලන මෙහෙයුම් කටයුතු සඳහා යොමු කරන බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ඇය සිය රාජකාරිය විශිෂ්ට ලෙස ඉටු කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර, ධවල මන්දිරයෙන් පිටත්ව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවැත්වෙන උත්සවයකට සහභාගී වීමට යන අතරතුර ස්ටීවන් මිලර් ද ට්‍රම්ප්ගේ පැසසුමට ලක්ව තිබේ.
මූලාශ්‍රය - CNN
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්රටික් පක්ෂයට සැර අවවාදයක්
පැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්..
ශ්රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..
මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..
LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..
මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..
ඡන්ද ගණන් කර අවසන් වෙන්නත් පෙරම ට්‍රම්ප් ට දැවැන්ත පරාජයක්...