ශක්තිවන්තයා සැමවිටම නිවැරදි නැහැ.. කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි - චීනයෙන් දැඩි ප්‍රකාශයක්
මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද තත්ත්වය දැඩි ලෙස හෙළා දුටු චීනයේ විදෙස් අමාත්‍ය වැන්ග් යි පවසා ඇත්තේ මෙම ගැටුම "කිසිසේත්ම සිදු නොවිය යුත්තක්" බවත් වහාම සටන් විරාමයක් අවශ්‍ය බවත්ය.
චීනයේ අද (08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මුළු කලාපයම මේ වන විට "ගිනිදැල්වලට හසුව ඇති" බවය.
"මෙය කිසිදු පාර්ශවයකට වාසිදායක නොවන, සිදු නොවිය යුතුව තිබූ යුද්ධයක්," ලෙසද ඔහු අවධාරණය කර තිබේ.
පසුගිය පෙබරවාරි 28 වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමඟ මෙම යුදමය තත්ත්වය උත්සන්න විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයේ පවතින අමෙරිකානු ඉලක්ක වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ඊට ප්‍රතිචාර දක්වයි.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ලෙබනනයට ද ප්‍රහාර එල්ල කරමින් සිටියි.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම ද චීනය මීට පෙර දැඩි ලෙස හෙළා දැක තිබුණි.
"ශක්තිවන්තයා සැමවිටම නිවැරදි නැහැ, කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි. හිතුමනාපයට බලය පාවිච්චි කිරීමෙන් තමන්ගේ ශක්තිය ඔප්පු වන්නේ නැහැ." යනුවෙන් ද ඔහු පවසා ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ මීළඟ නායකයා තේරීමට තමන්ට අයිතියක් ඇති බව ප්‍රකාශ කිරීම සහ ඉරානය "කොන්දේසි විරහිතව යටත් විය යුතු" බවට කළ ඉල්ලීම සම්බන්ධයෙන් ද චීනය සිය අප්‍රසාදය පළ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්