News Category
From Date
To Date
Maximum Number of Result

එදා කිව්ව කොමිස් එකයි බද්දයි අඩු කරලා ඉන්ධන ලාබෙට දෙන්න.. - නාමල්

Mar 17, 2026 at 06:26 AM
|

‘ආණ්ඩුව QR  එක ගැන මීට කලින් කල්පනා කරන්න තිබ්බා පහුගිය කාලේ අපි දැක්කනේ මේ ජනාධිපතිවරයාම පහුගිය ආණ්ඩුවෙන් QR එක දානකොට කියපු කතා ටික. දැන් ඒ වගේම තමයි ලෝකේ බොහෝ රටවල් මීට පෙර මේ සම්බන්ධයෙන් සූදානම් වුණා. පරක්කු වෙලා හරි අපි ඒ  සම්බන්ධයෙන් සූදානම් වීම ගැන අපි සතුටු වෙනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

"ගල් අඟුරු වංචාව වෙච්ච පාඩුව වහගන්න අද පළවෙනියටම තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණා. ඉතින් ගල් අඟුරු වංචාවෙන් පාඩුව අන්තිමට සමස්ථ ජනතාවටම විදදරා ගන්න සිද්ධ වෙනවා. ඒ විදදරා ගැනීම ලෝක යුද්ධයකට සීමා කරලා බේරගන්න උත්සාහ කරනවා. ලෝක වෙළඳපොළේ තෙල් මිල ගැන අවබෝධයක් ලබා ගත්තේ ආණ්ඩුව බලයට ඇවිල්ලා පස්සේ වෙන්න පුළුවන්.හැබැයි ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව ලෝක වෙළඳපලේ වෙච්ච හින්දා පාඩුවක් නෙවෙයි.මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය හා වංචාව නිසා වෙච්ච පාඩුවක්.ඒක වහගන්න ලෝක වෙළඳපලට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ.

තවත් පැත්තකින් ඒ කාලේ කිව්වානේ  ඇමතිවරයාට එකසිය පනහක් හම්බවෙනවා කියලා.ඉතින් ඒ එකසිය පනහ තෙල් මිලෙන් අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න.එදා ආණ්ඩුවේ හිටපු ඇමතිවරු හොරකම් කරා නං නම් 150 ක් දැන් ඒක හොරකම් කරන්නෙ නැත්තං ඒ එකසිය පනහ අඩු කරන්න.අඩුකරලා ජනතාවට සහනයක් දෙන්න.දැන්  ජනාධිපතිතුමා ඇවිල්ලා  කියන්න එපා තෙල් ලිඳවල් නැති නිසා තෙල් මිල වැඩි කරන්නේ එතුමාගේ වාසියට නෙවෙයි කියලා. ජනාධිපතිවරයා පරිගණක ක්ෂේත්‍රයේ ඉහළ කෙනෙක් නෙවේ නිසා QR එක  ගැනත් අහන්න එපා කියලා කියාවිද දන්නේ නැහැ.

හැබැයි ඒ කෙසේ වෙතත් කරුණාකරලා අත්‍යවශ්‍ය සේවාවන් වලට වෛද්‍යවරුන්ට ත්‍රීවිල් වලට මොකද ඔය කියන තෙල් ගානෙන් හයර් දුවන්න නම් හම්බවෙන්නේ නැහැ විශේෂයෙන්ම නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවලින් දුවන්න වෙන්නේ දුර දුවන හයර්නේ ඒ හින්දා මේ දේවල් ගැන ආණ්ඩුව ප්‍රායෝගිකව බලන්න ඕනේ.ඒ වගේම වෙළඳ ව්‍යාපාර සංචාරක ව්‍යාපාරය වැඩි ක්ෂේත්‍රයන් වලට ආණ්ඩුව අවධාරණය යොමුකරලා යම් වැඩපිළිවෙලක් හදන්න ඕනේ.

මේ වෙනකොට නිවසේ සිට රාජකාරී කිරීම වැනි තීන්දු ගතයුතුයි.මන් දැක්ක ජනාධිපතිවරයා අධ්‍යයනය කරන්න ඕනේ කියලා කියලා තියෙනවා. ඉතින් අධ්‍යනය කරන්න දෙයක් නෑ කොවිඩ් 19 වසංගතය වෙලාවේ මුළු ලෝකයම වහපු වෙලාවෙත් work from home නැත්නම් නිවසේ සිට  කටයුතු කරන්න රාජ්‍යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවා.ඉතින් අධ්‍යනය කරලා තීන්දුවක් ගන්න දෙයක් නෙවෙයි.හැබැයි මේ කාලසීමාවේ ලෝකයේ සිදුවන දේ අනුව අපි අනුගත වෙන්න ඕනේ.හැබැයි කලින් නම් කිව්වනේ අපිට ඕන තරම් තෙල් තියනවා බයවෙන දෙයක් නෑ කියලා.තමන්ගේ ආණ්ඩුව පිළිබඳව නොදැනුවත්කම තමන්ගේ තිබෙන තෙල් සංචිත පිළිබඳව සහ මේක කොතරම් කාලයකට ඇතිද කියන කාරණය ගැන එක්කෝ නොදැනුවත්කම නැත්තං දැන දැන තමන්ගේ මහන්තත්තකම මත ආණ්ඩුව කරන්න කටයුතු කරා. අපි දැක්ක පහුගිය ආණ්ඩුවල මෙවැනි තීන්දු ගන්න පරක්කු වෙච්ච නිසා අවසානය අරගලයක් ඇවිල්ලා ආණ්ඩුවට යන්න වුණා. ඉතින් මේ ආණ්ඩුවත් පහු නොකර නියමිත වේලාවට තීන්තු තීරණ ගනියි කියල අපි හිතනවා.

මේ වෙලාවෙත් පොහොර හිඟයක් තියෙනවා. පහුගිය කන්නේ පොහොර වල මුදල් ආණ්ඩුවෙන් දුන්නෙත් නැහැ පොහොරවල මිල ගොවියට දරාගන්නත් බැහැ. ඉතින් මේ තත්ත්වය අනුව පොහොරවල හිඟයක් වගේම පොහොරවල මිල අසීමිත තැනකට යන්න පුළුවන්.ආණ්ඩුව ගොවියා ගැන තඹ සතේකට ගණන් ගන්නේ නෑ. ආණ්ඩුව හිතනවා  පිටරටින් හාල් ගෙනල්ලා දෙන්න පුළුවන් කියලා.ඉතින් මේ කාල සීමාවේ මොන රටින්ද අපිට හාල් දෙන්නේ කියන ප්‍රශ්නෙත් අහන්න වෙනවා.අපේ ගොවියා ශක්තිමත් කරලා වවා ගත්තේ නැත්නම් අපේ ගොවිතැන් ටික හේන් ටික වගා කරේ නැත්නම් අපේ මත්ස්‍ය  අස්වැන්නෙන් ස්වයංපෝෂිත කරගන්න හැකි තාක් දුරට උත්සාහ කරේ නැත්නම් අපිට තව රටකට වැඳ වැඳ ඉන්න වෙනවා මිනිස්සුන්ට කන්න ටික දෙන්නත්. ඉතිං ඒ බව දැන දැනත් ආණ්ඩුව ගොවිජනතාවගේ ආර්ථිකය වට්ටන්න කටයුතු කරනවා.

දැන් ඉතින් ඒ වෙනස පේනවනේ ගොවියට තියෙන තත්වයත් මෝල්හිමියට තියෙන තත්ත්වයක් බැලුවම මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳටම පේනවා.ඉතින් පැහැදිලිවම අපිට ඉදිරි කාල සීමාව තුළ ගොවි ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වෙච්ච හානිවලට වන්දි ගෙවා ගන්නත් ආණ්ඩුවට තවම බැරිවෙලා තියෙනවා.ඉතින් මෙවැනි පරිසරයක ගොවි ජනතාව විශාල අසීරුතාවයකට පත්වෙලා තියෙනවා ඉතින් මේ කාරණය ඇතුළෙදි ඉදිරියේදී පාරිභෝගිකයටත් මේකට මුහුණ දෙන්න සිද්ධ වේවි.එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව වෙලාවේ අපි පුනර්ජනනීය ශක්තියට ආයෝජනය කරන්න සුළං විදුලි බලාගාරවලට ආයෝජකයෝ ගෙනල්ලා සූර්ය බලයෙන් විදුලිය උත්පාදනයකරන්න හැකිතාක් උත්සාහ කෙරුවේ මේ ලෝකයේ ඉදිරියේ ඇතිවෙන්න පුළුවන් අභියෝග පිළිබඳව යම් අවබෝධයක් ඇතිව.ඉතින් මේ ආණ්ඩුව බලයට ආවම ඒ පිළිබඳ අවබෝධයක් නැතුව ඒ ව්‍යාපෘති නවත්තලා ආයෝජකයෝ එළවලා දැම්මා.දැන් ඩීසල් වලින් ඩීසල් මාෆියාව එක්ක ආණ්ඩුව කටයුතු කරනවා.

සම්බන්ධිත පුවත් | Related News

කොළඹ වරාය නගර (Colombo Port City) පරිශ්‍රය තුළදී චීන ජාතිකයින් පිරිසක් අතර ඇති වූ දරුණු ප්‍රචණ්ඩකාරී ගැටුමකින් එක් චීන ජාතිකයෙකු ඝාතනය වී තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කොළඹ වරාය පොලිසිය පවසයි.
සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සිය අප්‍රසාදය පළකර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකාබැලීම සඳහා අගෝස්තු මස 03 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන බුද්ධි අංශ පාවා නොදෙන ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා වත්මන් රජයෙන් ඉල්ලීමක් කර සිටියි.
තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අද (23) සිදුකිරීමට නියමිතය.
2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය.
සංස්කෘතික උත්සව පැවැත්වීම මගින් මෙරට වෙසෙන වෙනත් කිසිදු ජාතියකට හෝ ආගමික ප්‍රජාවකට සිත් රිදවීමක් සිදු නොවිය යුතු බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන පුවත්

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.