News Category
From Date
To Date
Maximum Number of Result

තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීම සඳහා කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නන්දන ගුණතිලක මහතා චෝදනා කරයි.

මාලිමා ආණ්ඩුව ජාවාරම්කාරයන් මුලිනුපුටා දමන බවට වහසි බස් දෙඩුව ද රුපියල් ට්‍රිලිනයකට අධික බදු පොලු තැබූ සියලු ජාවාරම්කාරයන් වර්තමාන ජනාධිපති යටතේ ඉතාම සුරක්ෂිත බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජිනීවාවල රඟදැක්වූ නාට්‍යයේ පටපත ලියූ අය සතුටු කිරීම සඳහා ආණ්ඩුව සෑම උත්සාහයක්ම දරන බවත්, ඩයස්පෝරාවේ අපේක්ෂා ඉටු නොකරන්නේ නම් ඊළඟ මැතිවරණය දිනාගත නොහැකි බවට ප්‍රකාශයක් අධිකරණ අමාත්‍යවරයා ඉකුත් දා රූපවාහිනී නාලිකාවක දී පැවසූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මඩකළපුව ප‍්‍රදේශයේ මන්මුනෙයි දකුණ, කෝරළපත්තු - වාලච්චේන ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක පුරාවිද්‍යා ස්ථාන නාම පුවරු ගලවා සභාවේ කුණු ලොරියේ පටවන් යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

රාවණ රජු විසින් බලය කවා ඇති බවට ජනප්‍රවාදයේ කියැවෙන ‘රාවණා ගල’ ලෙස හැඳින්වෙන වටිනා පාෂාණයක් රුපියල් කෝටි 3000කට විකිණීමට ගිය පස්දෙනෙකු සහ එය මිල දී ගැනීමට පැමිණ සිටි ඉන්දීය ජාතිකයා ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

තායිවාන් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපාන අගමැතිනි සානේ ටකයිචි විසින් මෑතකදී කරන ලද ප්‍රකෝපකාරී ප්‍රකාශ චීන ජාතිකයන් අතර දැඩි කෝපයක් මෙන්ම ජගත් යුද විරෝධී සහ අධිරාජ්‍ය විරෝධී ජනයා අතර වික්ෂිප්තභාවයක් ඇති කිරීමටද සමත්ව ඇති අතර මේ සම්බන්ධයෙන් ග්ලෝබල් ටයිම්ස් හි පලවූ ලිපියක සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.

සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරැයුම් කළේය.

පාසැල රැකුණොත් ගම රැකෙන බවත්, ගම රැකුනොත් පන්සල රැකෙන බවත්, උතුරට අවශ්‍ය මේ සංකල්පය බවත් සිසු සෙවණ සංවිධානයේ සභාපති කෝසල පත්තිනිගේ මහතා පවසයි.

බැනියම් හැත්තෑ පන්දහක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කිහිපයක් ඉදිරිපත්ව තිබූ බවත්, මෙහිදී හඬපටයක් ද නිකුත්ව තිබූ බවත් එය CIDයට ද ගොස් තිබූ බවත්, අල්ලස් කොමිසමට ලබාදුන් හඬපටය එසේ CIDයට ගියේ කෙසේ දැයි ගැටලුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.