News Category
From Date
To Date
Maximum Number of Result

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් රට වටා ආසන මට්ටමින් පැවැත්වීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජන රැලි මාලාවේ පළමු වැන්න හා සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා පස්වරු 3.00 අනුරාධපුර තලාව නගරයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද අධිකරණය නියෝග කර තිබේ.

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී ලාල්කාන්ත මහතා ඉකුත් මැයි පළමුවෙනිදා සිදුකළ ප්‍රකාශයකදී වචනයේ යම් අඩුපාඩුවක් සිදු වුවද, සමස්ත කතාවේ හරය නිවැරදි බව එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බලවත් පුද්ගලයන් විසින් ඩොලර් බිලියන 56ක් විදේශ බැංකු ගිණුම්වල තැන්පත්කර ඇති බව රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා බරපතළ හෙළිදරව්වක් කර ඇති බවත්, මේ වසරේ ගතවූ මස 5ක කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 9ක් එම ඩොලර් බිලියන 56 තුළට අදාළ බවත් ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව මාළිගාකන්ද අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මූලිකත්වයෙන් සහ සියලුම ජාතික සංවිධානවල සහභාගීත්වයෙන් 'රටේ ඉරණම වෙනස් කිරීමේ මූලාරම්භය, ජාතික න්‍යය පත්‍රයක මූලාරම්භය' සම්මුතිය අත්සන් තැබීම 2024 - 05 - 27 වන දින සවස 3.30 ට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

ඊළඟට පත්වන නායකයා ඉලක්ක කර සැකසූ සැලසුම් මිස රට ගොඩ නැගීම සඳහා අවශ්‍ය උපායමාර්ගික සැලසුම් මෙරට දේශපාලන කරළිය තුළ සාකච්ඡා නොවූ බවත්, මෙරටට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එකක් නොව සුසමාදර්ශී වෙනසක් බවත් පිරිපුන් දේශයක් සංවිධානයේ සභාපති ආනන්ද දේවසිංහ මහතා පවසයි.

කොවිඩ්-19 වෛරසයට එරෙහිව ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.


ප්‍රධාන පුවත්

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.