News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවේ කෙනෙකුට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක්.. විපක්ෂයේ නම් හොරකමක්.. මේ දවස්වල ඒ ගැන අධ්‍යනය කරනවා - නාමල්

Apr 7, 2026 at 07:32 AM
|

ආණ්ඩුවේ කෙනෙකුට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක් විපක්ෂයේ සහ රාජ්‍ය සේවයේ අයට තිබුනොත් ඒක හොරකමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ කැලණිය මහා විහාරයේ ආගමික වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

"මගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු කැළණි ආසනනය වගේම  ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ පොදු ජන පෙරමුණේ අය නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් පින්කමක් ලෑස්ති කරලා තිබ්බා ඒ වෙනුවෙන් මම ආවා.

සමාජ ප්‍රාග්ධනය කියලා එකක් තියනවනේ ඒ ගැන මේ දවස්වල අධ්‍යනය කරනවා. ආණ්ඩුවේ අයට මොකක් හරි හම්බවුණොත් ඒක සමාජ ප්‍රාග්ධනයක්. රාජ්‍ය සේවකයෙකුට මොකක් හරි හම්බ වුණොත් විපක්ෂයේ දේශපාලනඥයන්ට මොකක් හරි වත්කමක් තිබුණොත් ඒක හොරකමක්. දැන් ආණ්ඩු පක්ෂයේ අයට සහ ජේවීපී එකේ අයට තියෙන්නේ සමාජ ප්‍රාග්ධනය එයාල කියන විදියට.හැබැයි රාජ්‍ය සේවකයෝ විපක්ෂයේ ඉන්න අයට තියෙන්නේ හොරකම් කරපුවා.ඉතින් ඒ ගැන මේ දවස්වල අධ්‍යයනය කරනවා.

එදා වේදිකාවේ බොරු චෝදනා නැගුවා ලැම්බොගිනි ගැන රත්තරන් අශ්වයෝ ගැන කිව්වා ඩොලර් බිලියන 18ක් උගන්ඩාවට ගෙනිච්ච කිව්වා ඉතිං එදා නොයෙක් චෝදනාා නැගුවා විපක්ෂ දේශපාලන වේදිකාව ඇතුළේ.හැබැයි අද බාල ගල් අඟුරු වංචාවට ජනාධිපතිවරයා සෘජුවම සම්බන්ධයිනේ. දැන් ඉතින් ජනාධිපතිවරයාගේ හොඳම ගෝලයානේ ඇමැතිවරයා බවට පත් කළේ.ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමතිවරයා විදියට  අපේ චන්ද්‍රිකා මැඩම්ලා එක්ක දේශපාලනය කරනකොට එදා තිබිච්ච ලොකුම ටෙන්ඩරය තමයි පොහොර ටෙන්ඩරය ඒකෙ ප්‍රධානියා බවට පත් කරපු කෙනා අද ඔහු ජනාධිපතිවරයා බවට පත්වුණාම දැන් යන ලොකුම ටෙන්ඩරය  යන්නේ ගල් අඟුරු ටෙන්ඩරය.ඒකෙ කැබිනට් අමැතිවරයා බවට පත් කළා.දෙන්න එකතුවෙලා වැඩේ කරලා දැන් ඉස්සෙල්ලා අයින් වෙන්නේ කවුද කියලා වෙන්නැති දෙන්න කල්පනා කරනවා ඇත්තේ.ඒක හින්දා ඒක ඒ දෙන්න කල්පනා කර ගත්තු දෙන්. හැබැයි ඉතින් මේ රටේ අහිංසක ජනතාව තමයි අන්තිමට ඒ පීඩාවේ පාඩුවේ වගකීම්කාරයෝ බවට පත්වෙලා තියෙන්නේ.ඉතින් ඒ අයගේ විදුලි බිල වැඩි වෙනවා තෙල් මිල වැඩි වෙනවා.

එදා ඔබට මතක ඇති අපි කොරෝනා වෙලාවේ පන්දාහ හතර වතාවක් දුන්නා අමාරුකම් තියෙද්දි ලේසි නෑ. කොරෝනා කියන්නේ මීටත් වඩා දරුණු කාල සීමාවක් එළියට ඇවිල්ලා ඔබට මේවා ප්‍රශ්න කරන්න වෙන්නෙ නෑ අපිට උත්තරයක් දෙන්න විදිහකුත් නෑ තෙල් නැව් තිබ්බත්  නැව් එන්න විදියකුත්  නෑ.ඉතින් එවැනි වාතාවරණයත් කියනකොටත් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා.අපේ හැමදාම උත්සාහ කරේ මේ රටේ සමාජය ව්‍යසන වලින් ජනතාව මුදවා ගන්න.

අපි එල්ටීටීඊ එක්ක හැප්පුනේ සමාජ ව්‍යසනය වෙන එක නවත්තන්න නැත්නම් අපිටත් තිබුණා ඔයා ඒ පැත්ත බලාගන්න අපි මේ පැත්ත බලා බලාගන්නම් කියලා. මහින්ද මහත්තයා එහෙම  හිටියනම් අද නොබෙල් සාම ත්‍යාගයත් හම්බවෙලා.ඒ තැනට අන්තිමට ලෝකය එතුමාව මිනීමරුවෙක් හොරෙක් බවට පත් කරා මොකක්ද හේතුව එල්ටීටීඊ එක පරාජය කරපු එක හැබැයි ඒ වගේම තමයි කෝවිඩ් දහනමය වසංගතය අප වෙලාවෙත් අපිට තිබ්බේ සමාජ ව්‍යසනයක් නවත්තනවද ආර්ථිකය පැත්තටම ඔලුව දාගෙන අයිඑම්එෆ් සහ අනිත් ආයතන කියන විදියට ඉන්නවද.

අපි සමාජය ව්‍යසනයක් නැවැත්තුවා මිනිස්සු බඩගින්නේ මැරෙන එක නැවැත්තුවා කෘෂිකර්මාන්තයට උදව් කරා.ඔබට මතක ඇති රසායනික පොහොර කාබනික පොහොර අර්බුදය එන්න කලින් කන්න දෙකක් නිකං පොහොර දුන්නා ඇයි ඒ මේ රටේ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවන්න ඕන නිසා.ඉතිං අපි හැම වෙලාවෙම කරේ ව්‍යසනයක් නවත්තපු එක.අරගලයක් ඇවිල්ලා තරුණයෝ එළියට බැස්සා බංගලාදේශය නේපාලය වගේ අපි මරාගෙන මැරෙන්න ගියේ නැහැ.අපි අඩියක් පස්සට අරගෙන තවත් සමාජ ව්‍යසනයක් නැවැත්තුවා.අපි මේ රටේ හැමදාම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සහ ආගම දහම අනුව ජීවත්වෙන අය ඉතින් අපි දන්නා මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය අනුව හැඩ ගැහෙන්න ඕනේ.

ඉතින් ජනතාව ඉල්ලනකොට අපි එනවා එපා කියනකොට යනවා.ඉතින් හැමදාම අපි තීන්දු ගත්තේ සමාජ ව්‍යසනවලින් ජනතාව මුදවා ගන්න මිසක් තව තවත් ව්‍යසන වලට ජනතාව ඇදගෙන දාන්න නෙවෙයි.අද ආණ්ඩුව පපුවේ කිසිම තෙතමනයක් නැතුව තීන්දු තීරණ ගන්නවා විතරක් නෙවෙයි තමන් කරපු වංචාවේ පාඩුවත් ජනතාව පිට පටවනවා."


සම්බන්ධිත පුවත් | Related News

සෙවනලගල සීනි කර්මාන්ත ආයතනය ලාභ ලබන මට්ටමට ගෙන යෑමට නොහැකි වී ඇත්තේ පැවති ආණ්ඩු ඒවා සිය පෞද්ගලික බූදලයක් යැයි සිතා කටයුතු කිරීම නිසා බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
කොළඹ වරායේ බහලුමක තිබූ රුපියල් බිලියනයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගය වැටලීම සම්බන්ධයෙන් අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය (08) අයිස් පැයක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පර්සියානු බොක්කේ පිහිටි අමෙරිකානු නෞකා දෙකකට සහ බොරතෙල් නෞකා අටකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසයි.
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බෙහි වූ ජාත්‍යන්තර මුහුදේ ඉරාන නෞකා ඇතුළු නැව් 47ක් නවතා තිබෙන බවත්, ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය නිරන්තර නිරීක්ෂණයක පසුවන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ජෝර්දානයේ අල් අස්රාක් ප්‍රදේශයේ පිහිටි අමෙරිකානු කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.
මෑත කාලයේදී පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකළ උසස්වීම් අභියෝගයට ලක්කරමින් නිලධාරීන් 1,050කට ආසන්න පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් පමණ නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින බරපතළ ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා අද (09) දිනයේ දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව, මේ වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට රජය විසින් ගෙවීමට ඇති සමස්ත නොපියවූ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.53ක් (රුපියල් බිලියන 30,533.60ක්) දක්වා ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලියේ ව්‍යුහය වෙනස් කරමින් කණ්ඩායම් සංඛ්‍යාව අඩු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන ඇති තීරණයට එරෙහිව බදුරලිය ක්‍රීඩා සමාජය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ප්‍රධාන පුවත්

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.