බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්?
ලෝක වෙෙළඳපොළේ බොරතෙල් බැරලයක් සඳහා වන වැඩිම මිල, එනම් අමෙරිකානු ඩොලර් 286ක් ගෙවමින් ශ්‍රී ලංකාව බොරතෙල් මිලට ගෙන ඇතැයි 'මිඩ්ල් ඊස්ට් අයි' වෙබ් අඩවිය අනාවරණ කරයි.
ඒ, HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩ්‍රි මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් උපුටා දක්වමිනි.
කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ එම පුවත අසත්‍යයක් බවය.
මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමට පෙර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පැවතුණේ අමෙරිකානු ඩොලර් 70 ත් 80 ත් අතර මිලකටය.
එහෙත් පෙබරවාරි 28 වෙනිදා යුද්ධය ආරම්භ වීමෙන් පසු එම බැරලයක මිල අමෙරිකානු ඩොලර් 119 දක්වා ඉහළ ගිය අතර එය නැවතත් ඩොලර් 100 න් පහළට පැමිණ තිබේ.
ඒ අතර ලෝක වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය බොරතෙල් මිලට වඩා අතිශය ඉහළ මිලක් ගෙවමින් ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් සඳහා ඩොලර් 286 මිලක් ගෙවා ඇති බවට 'මිඩ්ල් ඊස්ට් අයි' වෙබ් අඩවිය අනාවරණ කරයි.
එහි සඳහන් වන්නේ පසුගිය අඟහරුවාදා හොංකොං හි පැවති ආයෝජන සමුළුවකදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩ්‍රි මහතා ඒ පිළිබඳ මෙලෙස ප්‍රකාශයක් කර ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..