විජිත, බිමල්, නලින්ද එකතු වෙලා හේදුවත් වැඩක් නෑ.. - සුජීව සේනසිංහ
විජිත හේරත්, බිමල් රත්නායක, නලින් ද ජයතිස්ස කැබිනට් අමාත්‍යවරුන් එකට එකතු වෙලා ආණ්ඩුවට එල්ල වී තිබෙන ගල් අඟුරු වංචාවේ චෝදනාව සෝදා හැරීමට දැඩි උත්සහයක් ගත්තත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් සිදු නොවන බවත් මෙම අමාත්‍යවරුන් තිදෙනා එකට එකතු වී මාධ්‍ය හමුවක් පැවැත්වීම තුළින් පෙන්නුම් කරන්නේ වර්තමාන මාලිමා ආණ්ඩුවේ ප්‍රබල කඩා වැටීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මෙම අමාත්‍යවරුන් තිදෙනාම එකතු වී හදිසියේ මාධ්‍ය හමුවක් පැවැත්වීම තුළින්ම ආණ්ඩුවේ බරපතල කඩා වැටීම මැනවින් පෙන්නුම් කෙරුණු බවයි.
අමාත්‍යවරුන් තිදෙනා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරුවලින් ඒ බව ඉතාම හොඳින් පැහැදිලි වූ බවත් සුජීව සේනසිංහ විසින් පෙන්වා දෙනු ලැබීය.
ආණ්ඩුව ඉතා වේගයෙන් කඩා වැටෙමින් පවතින නිසා මින් ඉදිරියට ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරියත් මාධ්‍ය හමු පැවැත්වුවොත් ඊට ද පුදුම විය යුතු දෙයක් නැති බවද ඔහු සඳහන් කරයි.
ගල් අඟුරු වංචාව හේතුවෙන් රටට සිදුවන හානිය මුල සිටම විපක්ෂය විසින් පෙන්වා දුන්නද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා විපක්ෂයට මඩ ප්‍රහාර එල්ල කරමින් ආණ්ඩුව ඉතාමත්ම උද්දච්ච ආකාරයෙන් හැසුරුණු බවත් ගල් අඟුරු සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රකාශ කළ බවත් විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ දී ආණ්ඩුවේ සියළුම දෙනාම එම වංචාව වසා දැමීම සඳහා ඒ වෙනුවෙන් කතා කළ බව හැන්සාඩ් වාර්තාවද සාක්ෂි දරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
නියඟයත් සමඟ ඉදිරියේදී තවත් ජල අර්බුදයකට රටට මුහුණ පෑමට සිදුවන බවත් ඒ අවස්ථාවේදී විදුලි කප්පාදුවක් බොහෝ විට සිදුවීමට ඉඩ ඇති බවත් බාල ගල් අඟුරු ආනයනය නිසා ඇතිවී තිබෙන ප්‍රශ්නයත් සමගම මෙම විදුලි සහ ජල අර්බුද තවත් උග්‍රවීමට ඉඩ තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉතා කෙටි කාලයක් තුළදී කෝටිපතියන් වී තිබෙන නිසා මෙම ගල් අඟුරු වංචාවේ පාඩුව ඔවුන්ගෙන් අය කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලේ ද රුපියල් කෝටි ගණනක් තිබෙන නිසා එම අරමුදලින්ද කොටසක් හෝ ලබාගෙන මෙම ගල් අඟුරු වංචාවේ පාඩුව පියවීමට වර්තමාන ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවද සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..