News Category
From Date
To Date
Maximum Number of Result

මාස් හෝල්ඩින් ව්‍යාපාරය සතු තවත් ඇඟළුම් කම්හල් දෙකක් වසා දමා තවත් සමාගම සේවක කප්පාදුවකට සූදානම් වන බව වාර්තා වෙයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් අත්සන් කරන ලද නව ප්‍රතිපත්තියකට අනුව, එරට සංක්‍රා.න්ති ලිංගික පුද්ගලයින්ට දරුවන් හදා වඩා ගැනීමට (adoption) තහනම් කරමින් නව නීතියක් බලාත්මක කර තිබේ.

නඩු අයින් කනවා කියා බලයට පැමිණි මාලිමා ආණ්ඩුව තමන්ට තවත් නඩු දැමූ බවත්, වදින්න ගිය දේවාලේ දැන් හිසට කඩා වැටී ඇති බවත් අරගලයේ මුල් පෙළ සාමාජිකයෝ පවසති.

නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා මෙරටට ගෙන්වන ලද මුල් ගල්අඟුරු නැව් හයේම අඩංගු ගල්අඟුරු, අනුමත ටෙන්ඩර් ප්‍රමිතීන්ට වඩා බෙහෙවින් පහත් මට්ටමක පවතින බව රසායනාගාර වාර්තා මගින් තහවුරු වී ඇතැයි බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරන්නේ කියුබානු රජය බිඳවැටීමේ අද්දර සිටින බවත්, එහි නායකයා පැහැර ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියෝග කළ හැකි බවත්ය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන (NGO) ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව සඳහන්.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි මහතා 2014- 15 සමයේදී ලංකා පොහොර සංස්ථාවේ හුණුපිටිය මධ්‍යම ගබඩා සංකීර්ණයේ කාපට් ඇතිරීමේ සිදුවීමකට සම්බන්ධව වංචාවක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී වරදකරු බවට පත් වී ඇති බවට ඊයේ (20 ) දින පාර්ලිමේන්තුවේ චෝදනා එල්ල විය.

කොටි යුදමය වශයෙන් පරාජය කිරීමට යුද්ධය ආරම්භ කරන අවස්ථාව හෝ යුද්ධය නිමා කරන අවස්ථාව හෝ එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා දැන නොසිටි බවත් ඔහු රටේවත් නොසිටි බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

මීට මාස 6කට පෙර බලශක්ති අමාත්‍ය වරයා පොහොර සංස්ථාවේ සේවය කරද්දී දූෂිත ටෙන්ඩර් ගණුදෙනු සිදුවීම පිළිබඳ ලිපිගොනුවක් අල්ලස් කොමිසමට බාර දුන් බවත්, ඉන් පසු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ගැනුණු ක්‍රියාමාර්ගයක් පෙනෙන්නට තිබුනේ නැති බවත් සංඛ චන්දම අභයවර්ධන මහතා පවසයි.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.