News Category
From Date
To Date
Maximum Number of Result

මේ වන විට බංගලාදේශ අගමැතිනි ෂික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී රට හැරගොස් ඇති අතර, රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

මෙරට කාන්තා සවිබල ගැන්වීම සඳහා යැයි පවසමින් සංක්‍රාන්ති ලිංගිකයන් සවිබල ගැන්වීම සඳහා ගෙනා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පසුගිය දා දැඩි විවේචනයක් එල්ල කරන ලදී.

බංගලාදේශ අගමැති ධුරයෙන් ෂික් හසීනා ඉල්ලා අස්වී රට හැරයාමෙන් පසු රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් තවදුරටත් පවතී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් කඩා දැමූ ආකාරයටම රාජපක්ෂ පවුලත් කඩා දමා ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදාපතිවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබේ.

සංක්‍රමණිකයන්ට සහ ඉස්ලාම් ආගමට එරෙහිව එංගලන්තය පුරා විරෝධතා පැන නැගිද්දි, එංගලන්ත වැසියන් ජීවත්වන ර්‍ඔතෙර්හම් නගරයේ සරණාගතයින් නවාතැන් ගෙන සිටින හෝටලයකට දක්ෂිනාංශික විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇතැයි වාර්තාවේ. කෙසේ වුවද කැරලිකරුවන් “නීතිය හමුවට” පමුණුවන බවට අගමැති කීර් ස්ටාර්මර් ප්‍රතිඥා දුන්නේය. ඊයේ(04) දහවල් රොදර්හැම් හි හොලිඩේ ඉන් එක්ස්ප්‍රස් ශාලාවෙන් පිටත සියගණනක් ජනයා රැස්ව, 2022 සිට හෝටලයේ රඳවා සිටින සරණාගතයින් 130 දෙනා වෙත විරෝධ්ය පල කරමින් පොලිස් නිලධාරීන්ට ලී සහ බෝතල් වලින් ප්‍රහාර එල්ල කරමින් “ඔවුන් එළියට දමන” ලෙස කෑ ගසමින් විරෝධතාවයේ යෙදී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

බංග්ලාදේශය තුළ යළි මතු වී ඇති විරෝධතා අතරතුර පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් තිබෙනවා.

බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දේශපාලඥයන් සහභාගි කරගෙන පවත්වන උත්සව ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.


ප්‍රධාන පුවත්

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.