News Category
From Date
To Date
Maximum Number of Result

​බටගොඩ සෙනෙහසේ කැදැල්ලේ අබිරහස් මරණ රැසක්ම සිදුවෙලා.. NSPD වෙත යැවූ වාර්තාවකින් හෙළිවේ..

Jun 6, 2026 at 12:37 PM
|

පසුගියදා විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් ඇතුළු පිරිසක් රැඳී සිටි හොරණ බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ගින්නට හසුව මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් 6 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

2026 පෙබරවාරි 06 දිනැති ලිපියක් මඟින් ආබාධිත පුද්ගලයින් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය (NSPD) වෙත මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් යොමු කර ඇති වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම මහා ඛේදවාචකය සිදුවීමට පෙර මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මෙම නිවාසය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී අතිශය බරපතල තත්ත්වයන් රැසක් අනාවරණය වී තිබිණි.

ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික මහා ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් වාර්තා කර තිබූ විමර්ශන වාර්තාවට අනුව, උපරිම ධාරිතාව 15 දෙනෙකු සඳහා පමණක් වුවද, මෙම නිවාසය තුළ කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 20 දෙනෙකු ඇතුළුව නේවාසිකයින් 48 දෙනෙකු අධික තදබදයක් යටතේ රඳවා තබා තිබේ.

එහිදී එකම ඇඳෙහි නේවාසිකයින් දෙදෙනෙකු බැගින් නිදාගෙන ඇති අතර, ඇතැම් අයට ඇඳන් පවා නොමැතිව බිම නිදා ගැනීමට සිදුව තිබූ බවයි හෙළිව ඇත්තේ.

​එමෙන්ම, මෙම නිවාසය තුළ දරුණු ලෙස දුර්ගන්ධයක් හැමීම, අපිරිසිදු වටපිටාව, නේවාසිකයින් ගණනට සාපේක්ෂව වැසිකිලි සහ නානකාමර පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙන්ම එහි සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳ පාලනාධිකාරිය කිසිදු සැලකිල්ලක් නොදැක්වීම ද මෙම විමර්ශනයේදී අනාවරණයවී තිබේ.

නිවාසය පිටුපස ආරක්ෂිත වැටක් නොමැති වීම හේතුවෙන් මානසික රෝගී නේවාසිකයින් ඉන් පැන යාමේ දැඩි අවදානමක් පැවති අතර, වඩාත්ම සැකකටයුතු කරුණ වූයේ මෙම ගින්න හට ගැනීමට පෙර ද ඉතා කෙටි කාලයක් ඇතුළත මෙම නිවාසය තුළ අබිරහස් මරණ කිහිපයක්ම සිදුවී තිබීමයි.

​කිසිදු රාජ්‍ය නියාමනයක් හෝ විධිමත් පරීක්ෂාවකින් තොරව පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත පමණක් පවත්වාගෙන ගිය මෙම රැකවරණ නිවාසයේ සිදුවූ දරුණු නොසැලකිලිමත්කම හේතුවෙන් අසරණ මිනිස් ජීවිත 13ක් අහිමි වූ අතරම 2024 මාර්තු 10 වැනිදා මෙම නිවාසයේ කාන්තාවක් අනාරක්ෂිත වලකට වැටි මියයාමේ සිද්ධියක් හිරු ප්‍රවෘත්ති විකාශය තුලින් ද වාර්තා කර ඇත.

අදාල වාර්තාවේ සඳහන් කරුණු සියල්ල පහතින්,

01. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 649 බටගොඩ ග්‍රාම නිලධාරී වසමේ පවත්වාගෙන යනු ලබන මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල නිවාසය, මානසික රෝගීන් සඳහා නේවාසික රැකවරණය සලසන නිවාසයක් ලෙස ක්‍රියාත්මක වේ. කළුතර, දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේරුපිට ආබාධික නිවාසයට අනුබද්ධව එක්සත් සරණ සේවා පදනම් මගින් පවත්වාගෙන යන මෙය, 2024 නොවැම්බර් මස ආරම්භ කළ එකකි.

02. ආරම්භයේ දී, මානසික රෝගී කාන්තාවන් සඳහා පමණක් වෙන් වුණු මෙම නිවාසය, මේ වන විට මානසික රෝගී පිරිමි පුද්ගලයන්ට ද රැකවරණය සැලසීම සිදු කරයි. මෙම නිවාසය සම්බන්ධයෙන් සිදු කරන ලද නිරීක්ෂණ අනුව, භාරකරුවන් සිටින, මුදල් ගෙවීම සිදු කරන පුද්ගලයන් ද, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙන් ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යොමු කරන භාරකරුවන් නොමැති රෝගීන් ද මෙහි නේවාසිකව සිටියි. ඒ අනුව, මේ වනවිට කාන්තා නේවාසිකයන් 28 දෙනෙකු සහ පිරිමි නේවාසිකයන් 20 දෙනෙකු මෙහි රැඳී සිටියි. දහවල් කාලයේ දී මෙම නේවාසිකාගාර පරිශ්‍රයේ ම අවට ගත කරනු ලබන පිරිමි නේවාසිකයන්, රාත්‍රී කාලයේ දී එම වසමේ ම කුළී පදනම මත ලබාගත් වෙනත් නිවසක් වෙතට යොමු කරනු ලැබේ.

03. මෙම නේවාසිකාගාරයේ උපරිම ධාරිතාව නේවාසිකයන් 15 දෙනෙකු සඳහා පමණක් වන අතර, එකම ඇඳ නේවාසිකයන් දෙදෙනෙකුට වෙන්වන අවස්ථා මෙන්ම ඇඳක් නොමැතිව සිටින නේවාසිකයන්ද නිවාසය තුළ නිරීක්ෂණය වේ. එසේම, නිවාපය ඇතුළත දැඩි දුර්ගන්ධයක් මෙන්ම අපිරිසිදු බවක්ද නිරීක්ෂණය වේ. නේවාසිකයන් ගණනට සාපේක්ෂව පවතින වැසිකිළි සහ නානකාමර ප්‍රමාණය ද ප්‍රමාණවත් නොවන බව පෙනී යන අතර, නේවාසිකාගාරයේ සෞඛ්‍යාරක්ෂිතභාවය පවත්වාගෙන යාමට ද ප්‍රමාණවත් උත්සාහයක් නොගන්නා බව ද නිරීක්ෂණය වේ. නිවාසය පිටුපස ආරක්ෂිත වැටක් නොවීම හේතුවෙන් නේවාසිකයන් නිවාසයෙන් පැනයාම් ද වාර්තා වන අතර මානසික රෝගී පුද්ගලයන් බැවින් එය අවට සමාජ සුරක්ෂිතභාවයට ද බලපෑම් ඇති කරනු ලැබේ. එසේම, නිවාසය තුළ කෙටි කාල සීමාවක් ඇතුළත මරණ කිහිපයක් ම සිදු වී ඇති බවට ද වාර්තා වී ඇත.

04. කොට්ඨාසය තුළ පවත්වාගෙන යනු ලබන සමාජ සුභසාධනය පදනම් කරගත් ආයතනයක් වන බැවින්, මෙම නිවාසය වසම් භාර නිලධාරීන්, සමාජ ස්වා නිලධාරි සහ වනිතා සංවර්ධන නිලධාරි මඟින් මෙන්ම මා විසින් ද වරින් වර අධික්ෂණය සිදු කරන ලදී. එම සෑම අධීක්ෂණ අවස්ථාවක දී ම, ධාරිතාව ඉක්මවා නේවාසිකයන් ඇතුළත් කර නොගන්නා ලෙසත් අභ්‍යන්තර හා බාහිර පරිසරය ක්‍රමවත්ව, සෞඛ්‍යාරක්ෂිතව හා පිරිසිදුව පවත්වාගෙන යන ලෙසත් නේවාසිකයන්ට ප්‍රමාණවත් පහසුකම් සලසන ලෙසත් උපදෙස් ලබා දෙනු ලැබූව ද, එම උපදෙස් අනුව කෙටි කාලයක් කටයුතු කර, නැවත සුපුරුදු ගැටළුකාරි පිළිවෙලට පවත්වාගෙන යාම මෙම නිවාසයේ සාමාන්‍ය ස්වභාවය බවට පත්ව ඇත.

05. ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, පොලිසිය මෙන්ම ගම්වාසීන්ගෙන් ද, අනාරක්ෂිත ලෙස පවත්වාගෙන යනු ලබන මෙම නේවාසිකාගාරය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ලැබෙන පැමිණිලි මත විවිධ අවස්ථාවල දී, නිවාසයේ පාලන අධිකාරිය කැඳවා, සාකච්ජා කර අවශ්‍ය උපදෙස් ලිඛිතව ලබා දීම ද සිදු කර ඇතත්, සුරක්ෂිත ලෙස මෙම නේවාසිකාගාරය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට අසමත්ව ඇත.

06. මානසික සෞඛ්‍ය විද්‍යායතනය, විවිධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙන්ම පෞද්ගලික භාරකරුවන් මඟින් යොමු කරනු ලබන මානසික රෝගීන් කිසිදු නියාමනයකින් හා විධිමත් අධීක්ෂණයකින් තොරව භාර ගනිමින්, පෞද්ගලික පදනමෙන් පවත්වාගෙන යනු ලබන මෙම නිවාසය මඟින් ඉදිරියේදී මෙම කොට්ඨාසය තුළ විවිධ සමාජ ගැටළු රාශියක් උද්ගතවීමේ හැකියාවක් පවතින අතර, මෙම ගැටළු නිරන්තර අධීක්ෂණය කිරීමේ හැකියාවක් මෙම කාර්යාලයට නොමැති බැවින්, මෙම නිවාසය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ඔබගේ කාරුණික අවධානයට යොමු කරමි.

සම්බන්ධිත පුවත් | Related News

ප්‍රංශයේ පැරිස් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණය ලෙස සැලකෙන අයිෆල් කුලුනේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. වැඩ වර්ජනය හේතුවෙන් අයිෆල් කුලුන වසා දැමුණු අතර, එය නැරැඹීමට විදේශවලින් පැමිණි සංචාරකයන්ට ද ආපසු හැරී යෑමට සිදුවිය.
පසුගිය 2024 ජනවාරි මාසයේ සිට 2025 ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් 31ක් වසා දැමීමට කටයුතු කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමග ගිවිසුම් තුනකට හෙට (09) දිනයේදී අත්සන් තැබෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කිසිදු ආණ්ඩුවකට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විනාශ කිරීමට නොහැකි වූ බවත්, එම පක්ෂය විනාශ කරනු ලැබුවේ අද එහි නායකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් විසින්ම බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණි තිබේ.
උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබේ.
වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අද (08) විශ්‍රාම ගනු ලැබීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (09) දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සංවිධානය කිරීමට පියවර ගත් අනුරාධපුර රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඔහු හදිසියේම අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.