News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ බුද්ධි සේවයේ (SVR) මාධ්‍ය කාර්යාංශය පවසන්නේ ඔවුන් වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව, යුක්රේනයේ මේ වන විට වර්ධනය වෙමින් පවතින තත්වය මත යුක්රේන සන්නද්ධ හමුදාවන්ට හුදකලාව රුසියාවට එරෙහිව ඔවුන් අපේක්ෂා කරන ජයග්‍රහණයක ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බව එක්සත් රාජධානිය සහ ප්‍රංශය දන්නා බවයි.

ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ නියෝගයක් බලරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.

2011 සිට දිගටම ගල් අඟුරු ගෙනැවිත් ඇත්තේ කැබිනට් පේපරයක් මගින් අවසරය ලබාදුන් ආයතනයක් මගින් සහ ප්‍රසම්පාදනයකින් එළියේ ගල්අඟුරු මිලදී ගැනීම සිදුකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.

ගල් අඟුරු ටෙන්ඩරය පූර්ණ විනිවිධ භාවයකින් යුතුව සිදුවූ එකක් බවත්, නොරොච්චෝල බලාගාරය ඉදිකර ඇති ස්ථානය වැරදි බවත් එනිසා වාරකන් කාලය මඟහැර ගල්අඟුරු ගෙන ඒමට සිදුවී ඇති බවත් නි. අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු - යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටී.

දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාව නිසා නාය යමෙන් දුම්රිය මාර්ගයට වූ දැඩි හානි නිසා උලපනේ වරකාපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නතර වූ දුම්රිය මාස හතරක් තිස්සේ තවමත් එම ස්ථනයේම නවතා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. ‍

අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ මත පනවන ගෝලීය තීරුබදු ප්‍රතිශතය සියයට 10ක් දක්වා පහත දමා තිබේ.

මත් උවදුර සහ අපරාධ මැඩලීමට ගෙන යන දැඩි තීන්දු නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ ගොස් ඇති බව වෙරිටේ සමීක්ෂණය අනුවද තහවුරු වන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.