මැදපෙරදිග යලි ඇවිලේ.. ඉරානයෙන් කුවේටයට සහ බහරේනයට මිසයිල ප්‍රහාර..
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න කරමින් ඉරානය විසින් සිය අසල්වැසි රටවල් වන කුවේටය සහ බහරේනය ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
එක්සත් ජනපද මධ්‍යම විධානය සඳහන් කළේ ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල හතෙන් හයක්ම සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඇමරිකානු හමුදා සමත් වූ බවයි.
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඇමරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් කලාපයේ පිහිටි සතුරු කඳවුරු වෙත මෙම මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි.
මෙම ප්‍රහාරයන් හමුවේ කුවේටයේ සහ බහරේනයේ අනතුරු ඇඟවීමේ සංඥා කිහිප වතාවක්ම නාද වී ඇති අතර, වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට ආරක්ෂක අංශ උපදෙස් දී ඇත.
බහරේනයේ පිහිටි ඇමරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානයට හානි සිදුව ඇති බවට ඉරානය කළ ප්‍රකාශ අසත්‍ය බවත්, කිසිදු ඇමරිකානු සෙබළෙකුට හානියක් සිදුව නැති බවත් තහවුරු කළේය.
මෙම සිදුවීමට පැය කිහිපයකට පෙර, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට තර්ජනයක් වෙමින් ඉරානය විසින් එවූ මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා හතරක් වෙඩි තබා බිම හෙළීමට ඇමරිකානු හමුදා කටයුතු කර ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු හමුදා ඉරානයේ ගොරුක් (Goruk) සහ කේශ්ම් (Qeshm) දූපතේ පිහිටි රේඩාර් මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍යාංශය මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් කියා සිටියේ, ඇමරිකාව විසින් ඉරාන තෙල් නැවකට සහ සන්නිවේදන කුළුණකට ප්‍රහාර එල්ල කර ඇති බවයි. එමෙන්ම සිය භූමිය ඇමරිකානු හමුදාවන්ට භාවිතා කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් කුවේටය සහ බහරේනය ද මෙම ආක්‍රමණයේ හවුල්කරුවන් බවට ඉරානය චෝදනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..