සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක.. රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්..
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා තමන් රඳවා සිටින බන්ධනාගාරය තුළ තමන්ට එල්ල වන දැඩි පීඩනයන්ට සහ අසාධාරණයන්ට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
සුරේෂ් සලේ මහතා වෙත ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස සලකන බවටත්, ඔහුට දරාගත නොහැකි බවටත් පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතීඥ උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේය.
සලේ මහතාගේ බිරිඳ සහ පුත්‍රයා කළ ඉල්ලීමකට අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගම්මන්පිල මහතා කියා සිටියේ, මෙම උපවාසයේදී ඔහු ආහාර පමණක් නොව ජීවත්වීමට අත්‍යවශ්‍ය ජලය සහ ඖෂධ ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බවයි.
සලේ මහතා රඳවා සිටින ස්ථානයේ පවතින අමානුෂික තත්ත්වය පැහැදිලි කරමින් ගම්මන්පිල මහතා විශේෂ සිදුවීමක් අනාවරණය කළේය.
ඊයේ රාත්‍රියේ සලේ මහතාට ආහාර ලෙස ලබා දී ඇත්තේ රාබු හොදි සමඟ බත් හැන්දක් පමණක් බවත්, එය ලබා දී ඇත්තේ පිඟානකට නොව බිම එළන ලද පත්තර කොළයකට බවත් ඔහු සඳහන් කළේය. හොදිවලට පත්තර කොළය පෙඟී ඉරී යාම නිසා ආහාර සියල්ල බිම වැටී ඇති අතර, ඔහුට සිදුව ඇත්තේ බිම වැටුණු ආහාර අනුභව කිරීමට බවත් මෙයින් ඔහු දැඩි මානසික කඩාවැටීමකට ලක්ව ඇති බවත් ගම්මන්පිල මහතා පැවසීය.
අද දින පෙරවරුවේ සලේ මහතා බැලීමට ගිය ඔහුගේ සහෝදරයා සහ පුත්‍රයා හමුවේ ඔහු හඬා වැටෙමින් පවසා ඇත්තේ, "පොලීසිය මට සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදිහට. මෙහෙම කරන්න මම කරපු වරද මොකක්ද?" යනුවෙනි.
මෙවැනි අමානුෂික වදහිංසාවලට ලක්වෙමින් සහ බොරු චෝදනාවලට මැදිවෙමින් ජීවත් වීමට වඩා මියයාම සැපක් බව සලේ මහතා පොලිස් නිලධාරීන් හත් දෙනෙකු ඉදිරිපිටදීම ප්‍රකාශ කර ඇත.
සුරේෂ් සලේ මහතා රඳවා තබාගෙන සිටින්නේ අධිකරණ නියෝගයක් මත නොව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අවභාවිත කරමින් නිකුත් කළ නියෝගයක් මත බව උදය ගම්මන්පිල මහතා මෙහිදී අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..