News Category
From Date
To Date
Maximum Number of Result

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (13) පස්වරුවේ පවත්වා තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපතිවරණය නොපැවැත්වීමට සිදු කරන කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ නියමිත කාලයට ජනාධිපතිවරණය හා මහමැතිවරණය පැවැත්වෙන බවයි.

ඉන්දියාවේ අමුල් සමාගම හවුල් කරගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු කිරීමට කිසිවකු හෝ උත්සාහ කරන්නේ නම් ඊට එකඟතාවය පළ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

ජනප්‍රිය තරු පහේ හිල්ටන් හෝටලයේ (Hilton Colombo) හිමිකාරීත්වය දරන Hotel Developers Lanka Ltd මිලදී ගැනීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම් හතරෙන් තුනක්ම ඉන්දීය සමාගම් බවත්, බොහෝ විට එය ඉන්දියානු සමාගමකට යාමට ඉඩ අැති බවත්, සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු අනාවරණය කරයි.

දේශපාලන කරළියේ උණුසුම අනපේක්ෂිත ලෙස ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලන සංවාදය කෙමෙන් බරපතළ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබුණද , රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් "වඩා ජනප්‍රිය අපේක්ෂකයෙකු" බව විශ්‍රාමික එක්සත් ජනපද ගුවන් හමුදා ලුතිනන් කර්නල් Karen Kwiatkowski පවසයි. ඒ මහතා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු විශ්ලේෂකයෙකු ද වේ.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් කිරීම පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්‍ෂි විභාග කරන්න නියෝග

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ පාස්කු නඩුවේ චෝදනාවලින් එම විත්තිකරුවන් දෙදෙනා විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (05දා) බලරහිත කරමින් තීන්දුවක් නිකුත් කරන ලදී.

සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)

2022 දී රට අරාජික කිරීම සඳහා ක්‍රියාත්මක වූ අරගලය වෙනුවෙන් ප්‍රකට ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අලිරාජා මුදල් ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු තමන් සතු බවත්, රට නිවැරැදි මාවතට අවතීර්ණ කර ගැනීමේ අවස්ථාව ඔහුගේ මැදිහත්වීම හරහා වැළකී ගිය බවත් සිංහ එෆ්.එම් නාලිකාවේ හිටපු හිමිකරු නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.

උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි

සොරකම් කළ ධනය උගන්ඩාවේ සඟවා ඇති බව තම පක්‍ෂය විසින් කිසි දිනක පවසන්නේ නැතැයි ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු

පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන්නැයි විජිත හේරත් ඇමතිවරයාට සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියෝග කලේය.

ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවර්යා ලෙස තේරී පත්වී යුක්රේන ගැටුම අවසන් කිරීමට ඉතා උනන්දුවෙන් උත්සාහ කළහොත් ඔහුට අවසානයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඉරණම අත්විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි. හෙට(05) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුවද වොෂින්ටනය සහ මොස්කව් අතර සබඳතා වල මේවන විට තිබෙන ආතතිමය ස්වභාවය එලෙසම පවතිනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය .

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.