News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය පෙබරවාරි 28 වනදා ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් ඝාතනයට ලක් වුණු ඉරානයේ උත්තරීතර නායක සයීද් අලි කමේනි මහතා ඇතුළු එරට ඉහළ පෙළේ නායකයන් වෙත ශෝකය පල කිරීම වෙනුවෙන් කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අංක 222 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති තුමාගේ නිල නිවසේ ශෝක ප්‍රකාශ ග්‍රන්ථයක් තැන්පත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය පවසයි.

ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ඇමෙරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානය ආක්‍රමණය කිරීම සහ එරටේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීම ගැන විරෝධය පල කර තිබෙන අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව එම ආක්‍රමණය හෙළා දකිමින් ඊට විරෝධය පල කරමින් කිසිදු වචනයක් ප්‍රකාශ නොකිරීම කණගාටුවට කරුණක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද(03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක අංශ විසින් බැලස්ටික් මිසයිල 161, කෲස් මිසයිල 8ක් සහ ඩ්‍රෝන යානා 645ක් සාර්ථකව විනාශ කළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

රටේ පවතින ගෑස් ගබඩා කිරීමේ පහසුකම්වල පවතින දැඩි දුර්වලතාවය සහ ඒ හේතුවෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිය දැඩි අප්‍රසාදය පළ කළේය.

නෝර්වේ රාජ්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රියාස් ක්‍රාවික් මහතා Andreas Kravik සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි හී ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඇමෙරිකාව, ඊශ්‍රායලය ද හවුල් කර ගනිමින්, ඉරානයට එල්ල කරන ප්‍රහාර තමන් තරයේ හෙලා දකින බවත්, ඉරානයට පහර දීමට තම හමුදා කදවුරු භාවිත කිරීමට ඉඩ නාදෙන බව ස්පාඤ්ඤ රජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට දන්වා ඇත.

‘කම්පනය සහ විස්මය’ යනු 2003 වසන්තයේ දී ඉරාකයට එරෙහි එක්සත් ජනපද මෙහෙයුම හඳුන්වා දීමට භාවිතා කළ යෙදුමයි. මෙහෙයුම සම්බන්ධයෙන් කළ පසු විපරමේදී, මෙහෙයුම ජාත්‍යන්තර දේශපාලන වේදිකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය

දිගුකාලීන යුද්ධයක් උද්ධමනය ඉහළ යාමට හේතු විය හැකි බව යුරෝපීය මහ බැංකුව පවසා තිබේ.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය වැඩ තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම මාර්තු මස 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.