News Category
From Date
To Date
Maximum Number of Result

“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි

Jun 13, 2026 at 05:27 AM
|

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මඟින් හඳුනාගෙන ඇති ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරයා මාර්ගයෙන් පෙරේදා (11) අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රැඳවුම් භාරයේ තබාගැනීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් සුරේෂ් සලේ ගොනුකර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මෙම කරුණු ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වාදී ඇත්තේ, විනිසුරු ජායකි ද අල්විස්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ඇතුළු පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකළ විමර්ශන කිහිපයකදීම, ප්‍රහාරය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් සිය රාජකාරිය පැහැරහැරීමේ චෝදනාව මත එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෂානි අබේසේකර සහ එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි රවි සෙනෙවිරත්න යන අයට එරෙහිව අපරාධමය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවයි.

එමෙන්ම, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව පවත්වන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, අංශභාර අධීක්ෂණ කාරක සභාව, විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් ඉමාම්, විනිසුරු ජායකි ද අල්විස්, විනිසුරු ජනක් ද සිල්වා යන අයගේ කමිටු වාර්තා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු කටයුතුවලදී ද සුරේෂ් සලේට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බව ඔහු තවදුරටත් කියා ඇත.

මෙහිදී විනිසුරු ජනක් ද සිල්වා කමිටුවේ සොයාගැනීම් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇති ජනාධිපති නීතිඥවරයා, ශ්‍රී ලංකාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ අයි.එස්.අයි.එස්. අන්තවාදීකරණ ප්‍රයත්නයන් පිළිබඳව බුද්ධි තොරතුරු වාර්තා රැසක් එම වාර්තාවේ අඩංගු වන බව පවසා ඇත. “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස සිය රාජකාරිය පැහැර හැර ඇති ෂානි අබේසේකර, දැන් සුරේෂ් සලේගේ විමර්ශකයා බවට පත්ව සිටිනවා” යැයි නීතිඥ ජයවර්ධන සඳහන් කර තිබේ.

මෙම රිට් පෙත්සම සලකා බලන ලද්දේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන ජූලි මස 10 වැනිදාට නියම කර තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් පෙනීසිට ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නිකුත් කර ඇති රැඳවුම් නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු නියෝගයක් සහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින සියලුම නඩු කටයුතු අත්හිටුවන අතුරු නියෝගයක් සුරේෂ් සලේ මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෂානි අබේසේකර, කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.

පෙත්සමට අනුව, මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ (Channel 4) නාලිකාව විකාශය කළ වාර්තා චිත්‍රපටයක අඩංගු කරුණු සම්බන්ධයෙන් ගරු රොහාන් ද සිල්වා පියතුමන් විසින් 2024 ඔක්තෝබර් 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මතය.

එම වාර්තා චිත්‍රපටයේදී ‘අසාත් මවුලානා’ ලෙස හැඳින්වෙන මොහොමඩ් මිහිලාල් මොහොමඩ් හන්සිර් නැමැත්තා, සුරේෂ් සලෙයි සහ පාස්කු ප්‍රහාරය අතර සබඳතාවක් ඇති බවට චෝදනා කර තිබිණි.

කෙසේවෙතත්, සුරේෂ් සලේ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, තමන් අන්තවාදී දේශක සහරාන් හෂීම් හෝ ඔහුගේ සගයන් සමඟ සබඳතා පැවැත්වූවා යැයි කියන කාල සීමාවන් තුළ තමන් ශ්‍රී ලංකාවේ නොසිටි බව පෙන්වා දී ඇත.

2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා තමන් මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයෙකු ලෙස සේවය කරමින් එහි පදිංචිව සිටි බවත්, 2019 ජනවාරි 07 සිට 2019 නොවැම්බර් 29 දක්වා නවදිල්ලියේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා ඉන්දියාවේ රැඳී සිටි බවත් ඔහු ප්‍රකාශ කරයි.

2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ද තමන් සිටියේ ශ්‍රී ලංකාවේ නොව ඉන්දියාවේ බව පෙත්සම්කරු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සම්බන්ධිත පුවත් | Related News

සත්ත්ව සුබ සාධන පනතක් ලෙසින් ආණ්ඩුව ගෙනවිත් ඇත්තේ සත්ත්ව සුබ සාධන පනතක් නොව පෙරහැර නතර කිරීමේ පනතක් බවට පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ චෝදනා කරති.
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම මහ බැංකුවේ පවතින දීර්ඝකාලීන අභ්‍යන්තර පාලන දුර්වලතාවල ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2024 අගෝස්තු මාසයේදී දැවැන්ත විරෝධතා හමුවේ බලයෙන් පහවී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina), රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවැරදි මාවත යළි ස්ථාපිත කිරීම සඳහා එළඹෙන දෙසැම්බර් මාසයේදී බංගලාදේශයට නැවත පැමිණීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
ලෝකයේ දත්ත සම්බන්ධ සාකච්ඡාව දැඩිව මතුව ඇති මොහොතක වෙනත් රටවල නායකයන් තමන්ගේ කිසිඳු දත්තයක් වෙනත් රටවලට ලබාගැනීමට නොහැකි වන ලෙස ක්‍රියාකරද්දී මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තමන්ගේ පුද්ගලික දත්ත ඉන්දියාවට දී ඩිජිටල් හැඳුනුම්පතක් සාදාගෙන එළඹෙන සැප්තැම්බරයේදී තමා ලොකු වැඩක් කළ බව පැවසීමට උත්සාහ දරණ බව ජන අරගල ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභික වසන්ත මුදලිගේ මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.
පසුගිය සති කිහිපය තුළ තමන්ට එරෙහිව එල්ල වී ඇති පදනම් විරහිත පුද්ගලික ප්‍රහාර සහ අසත්‍ය චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති නීතිඥ රජීව් අමරසූරිය සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කරයි.

ප්‍රධාන පුවත්

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..

පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.

බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!

මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්

හම්බන්තොට වරායේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් රටාව හේතුවෙන් කොළඹ වරායේ ඉදිරි කටයුතු හා ආදායම් මාර්ගයන් වෙත නොසිතූ ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසයි.

රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..

රට දැන් අමුතුම තැනකට යමින් ඇති බවත් එය උසාවියේ සිටින අයට තේරුම් ගත හැකි බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය විසින් සඳහන් කරයි.

ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..

මෑත කාලීනව ස්පාඤ්ඤය මුහුණ දුන් නීති විරෝධී මහා සංක්‍රමණික රැල්ල සහ ඒ පිටුපස ඇති ජාත්‍යන්තර හා භූ-දේශපාලනික බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විශේෂ විශ්ලේෂණයක නිරත වේ.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..

ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ "විශාල මට්ටමේ" ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ තැබූ "දූෂණය නැති කර රටේ ආර්ථිකය ගොඩනගනවා" යන ප්‍රධාන ආඛ්‍යානය (Narrative) සම්පූර්ණයෙන්ම අතහැර දමා, මේ වන විට "අපරාධ රාජ්‍යය නැති කිරීම" නමැති ව්‍යාජ ආඛ්‍යානයක් සමාජගත කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ල පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!

ඊශ්‍රායලයේ සහ අරාබි රටවල් කිහිපයක පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල සෙනසුරාදා(01) දින මැද පෙරදිග ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බවට ඇමරිකානුවන්ට අනතුරු අඟවා, කලාපයෙන් පිටව යාම පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.