News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන උප වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම පිණිස මුදල්ල ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ සමාගම හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් පහත දමා ඇත.

වඳුරු උණ ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන mpox වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන රෝගියකු ඉන්දියාවෙන් වාර්තා වීමත් සමඟ මෙරට සෞඛ්‍ය බලධාරීන් සිය සුපරීක්ෂාකාරීත්වය තවදුරටත් ඉහළ නංවා තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගන්නා බව යුරෝපා සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය යහපත් වුවද, පිටරටින් ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේ ගැටලු පවතින බවත්, තමන් විසින් ඒ සඳහා ජර්මනියේ ඉහළ මට්ටමේ ‍ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ලංකාවට ගෙනඒමට උත්සාහ දැරූව ද දේශපාලකයන්ගේ දැඩි බලපෑම නිසා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද අපේ ජනබල පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

කියුබාව ත්‍රස්තවාදී ලයිස්තුවෙන් ඉවත් කර ගැනීම වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයට දැඩි බලපෑමක් එල්ලකිරීම සඳහා අන්තර්ජාලය හරහා ලෝකවාසී ජනයාගෙන් සහයෝගය ලබාගැනීමේ දැවැන්ත වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

මෑත දිනවල මෙරට ඇතිවී තිබෙන විදේශ ගමන් බලපත්‍ර පෝලිම පසුපස මාෆියාවක් ක්‍රියාත්මක වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිසා දිවයිනේ සියලු පාසල් මෙම මස 20 වැනිදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට විවෘත සංවාදයක් සඳහා පැමිණෙන ලෙස ඊයේ (09දා) ආණමඩුව ප්‍රදේශයේ පැවැති ජන රැලියකදී අභියෝග කළේය.


ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.