News Category
From Date
To Date
Maximum Number of Result

ඊළාම්වාදීන්ගේ නවතම කුමන්ත්‍රණය හා බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනු බවට සංවිධානාත්මක පිරිසක් විසින් ප්‍රචාරය කරන මතවාදය ඊළාම්වාදී ඩයම්පෝරාවේ කොන්ත්‍රත්තුවක් බවට හෙළිකෙරෙන වීඩියෝවක් අන්තර්ජාලයේ නිකුත්ව තිබේ.

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින හරක් කටා සහ කුඩු සලිඳු ගේ මිත්‍රයන් 43ක් ගැන පසුගිය දා තොරතුරු අනාවරණය වූ බව මාධ්‍ය විසින් පළ කර තිබූ අතර, එම මිත්‍රයන් බොහෝමයක් පොලිසියේ ඉහළ සිට පහළට තනතුරු දරන නිලධාරීන් බව අනාවරණය විය.

ක්‍රිප්ටො රජු ලෙස සැළකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත ඇණ ගසා මරණයට පත්කිරීමේ ඛේදජනක සිද්ධිය ලෝකවාසී කතෝලික හා කිතුනු ජනතාව මහත් ගෞරවයෙන් සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදට (29 දිනට) යෙදී ඇත.

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියලු ම දෙනා එක කුඩයක් යටට ඒකරාශි කරන්නැයි එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් තමන්ට නියෝග කර ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජෙයා සරවනාන් සඳහන් කළේ ය.

කිතුල් ගස ලෝක උරුම ශාකයක් බවට පත්කිරීමට කිතුල් සංවර්ධන මණ්ඩලය මූලික කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

8 වැනි විධායක ජනාධිපති ධුරයේ උපරිම ආයු කාලය තව දින 193ක් යැයි ‘නිදහස’ ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වැනිදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ නියෝග කර තිබේ.


ප්‍රධාන පුවත්

ආදායම් බදු, වැට් බදු අඩු කලොත් වෙන ක්‍රමයකට ඒ ආදායම උපයන්න වෙනවා - ජනපති අනුර කියයි

ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව සිටින තත්ත්වය මත ඉදිරියට යාමට පරාමිතීන් දෙකක් ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

අලුත් ආණ්ඩුවේ ණය රුපියල් ට්‍රිලියනය පන්නලා - ගම්මන්පිල හෙළිකරයි

වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබාගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක නිළධාරියා කෝවිඩ් එන්නත් වංචාව සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට නියමිතයි!

ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලාට කෝවිඩ් එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බිලියන ගණනක් වංචා කළ බවට එල්ලවන චෝදනා හේතුවෙන් වී සිරගත වීමට ඉඩ ඇති බව පැවසේ.

මේ එකක්වත් අපි ගෙනාපු තෙල් නැව් නෙවෙයි... තෙල් මිල අඩු කරන්න බැරි ඒ නිසා - ජනපති අනුර

දැනට රට පුරා බෙදා හරින සියලු ඉන්ධන තම රජය යටතේ ගෙනවන ලද තෙල් නැව් නොවන බවත්, එනිසා එහි මිල පාලනයත් සම්බන්ධයෙන් මැදිහත් වීමට අසීරු බවත් ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මහ මැතිවරණයේ දී මාලිමාවට 2/3 බලයක් ලබා දීම අනතුරුදායකයි - උවිඳුගෙන් අනතුරු ඇඟවීමක්!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට අති බහුතරයක් ලැබීම දේශපාලනික වශයෙන් විනාශකාරී දෙයක් විය හැකි බව දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

මාලිමාවේ නිල මතය කියන්නේ මමයි... කවුරුවත් කියන මතවලින් වැඩක් නැහැ - චන්නගේ ප්‍රශ්නයට නලින්ද දුන් උත්තරය (වීඩියෝ)

ජාතික ජනබලවේගයේ නිල මතය ලෙස පිළිගත යුත්තේ එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක සහ විධායක කමිටු සාමාජික නලින්ද ජයතිස්ස මහතා විසින් පවසන මතය දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක් වෙමින් ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරණයේ දී ඩඩ්ලි, අනුරට කෝටි දහයක් දුන්නා... රත්න සහල් අධිපති සජිත්ට කෝටි 50ක් දුන්නා - ඉන්ද්‍රානන්ද කියයි (වීඩියෝ)

ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි දහයක මුදලක් වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට ලබා දුන් බව ජන අරගල සන්ධානය පවසයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.