News Category
From Date
To Date
Maximum Number of Result

රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණය පැවැත්වීම වඩා සුදුසු බවත් රට ගොඩගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (28) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක දී සෙනෙට් සභාවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සලසන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.

'එට්කා ඇතුළු රටට අහිතකර ගිවිසුම් සහ රටට හතුරු බලමුලු පරදවා බත බුලතින් සරුසාර රටක් උදෙසා ' පවත්වනු ලබන කිරි ආහාර පූජාව සහිත මහා අධිෂ්ඨාන පූජාව රුවන්වැලි සෑය අභියසදී 2024 මාර්තු මස 30 වෙනි සෙනසුරාදා දින උදෑසන 5 සිට පැවැත් වේ.

පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ලේඛනගත පාතාල අපරාධකරුවෝ 10 ක් විශේෂ මෙහෙයුම් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.‍

රංගන ශිල්පිණි දමිතා අබේරත්න හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

කථානායකතුමා විසින් විශ්වාස භංගයට පසුව සිදුකළ ප්‍රකාශය අනුව ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිකම භාරගන්නා ලෙස භික්ෂූන් වහන්සේනමක් සහ කතෝලික පූජකවරයෙක් මෙන්ම විදේශ බලවේගයක් බලපෑම්කර ඇත.

ඉදිරියේදී නිර්මාණය කරනු ලබන නව සන්ධානය යටතේ ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකත්වය තමන්ට ලබාදුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ආදායම් බදු, වැට් බදු අඩු කලොත් වෙන ක්‍රමයකට ඒ ආදායම උපයන්න වෙනවා - ජනපති අනුර කියයි

ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව සිටින තත්ත්වය මත ඉදිරියට යාමට පරාමිතීන් දෙකක් ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

අලුත් ආණ්ඩුවේ ණය රුපියල් ට්‍රිලියනය පන්නලා - ගම්මන්පිල හෙළිකරයි

වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබාගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක නිළධාරියා කෝවිඩ් එන්නත් වංචාව සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට නියමිතයි!

ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලාට කෝවිඩ් එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බිලියන ගණනක් වංචා කළ බවට එල්ලවන චෝදනා හේතුවෙන් වී සිරගත වීමට ඉඩ ඇති බව පැවසේ.

මේ එකක්වත් අපි ගෙනාපු තෙල් නැව් නෙවෙයි... තෙල් මිල අඩු කරන්න බැරි ඒ නිසා - ජනපති අනුර

දැනට රට පුරා බෙදා හරින සියලු ඉන්ධන තම රජය යටතේ ගෙනවන ලද තෙල් නැව් නොවන බවත්, එනිසා එහි මිල පාලනයත් සම්බන්ධයෙන් මැදිහත් වීමට අසීරු බවත් ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මහ මැතිවරණයේ දී මාලිමාවට 2/3 බලයක් ලබා දීම අනතුරුදායකයි - උවිඳුගෙන් අනතුරු ඇඟවීමක්!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට අති බහුතරයක් ලැබීම දේශපාලනික වශයෙන් විනාශකාරී දෙයක් විය හැකි බව දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

මාලිමාවේ නිල මතය කියන්නේ මමයි... කවුරුවත් කියන මතවලින් වැඩක් නැහැ - චන්නගේ ප්‍රශ්නයට නලින්ද දුන් උත්තරය (වීඩියෝ)

ජාතික ජනබලවේගයේ නිල මතය ලෙස පිළිගත යුත්තේ එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක සහ විධායක කමිටු සාමාජික නලින්ද ජයතිස්ස මහතා විසින් පවසන මතය දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක් වෙමින් ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරණයේ දී ඩඩ්ලි, අනුරට කෝටි දහයක් දුන්නා... රත්න සහල් අධිපති සජිත්ට කෝටි 50ක් දුන්නා - ඉන්ද්‍රානන්ද කියයි (වීඩියෝ)

ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි දහයක මුදලක් වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට ලබා දුන් බව ජන අරගල සන්ධානය පවසයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.