News Category
From Date
To Date
Maximum Number of Result

දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයකට පියමනින ලංකා රාජ්‍ය අස්ථාවර කල හැකි සියලු විදේශීය ඒජන්තයන් නිතිය හමුවට පැමිණවිය යුතු බව සංඛ චන්දිම අභයවර්ධන මහතා සිය සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමින් පවසා තිබේ.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ කරාජ් (Karaj) නගරය යා කරන ප්‍රධාන අධිවේගී මාර්ගයේ පිහිටි දැවැන්ත පාලමක් ගුවන් ප්‍රහාරයකින් විනාශ වන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම්” එයාර් ලංකා සමාගම” රක්ෂණ සමාගම් සහ ලංකා හොස්පිටල් සමාගම් විකිණීමට පසුගිය රජය ගත් තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (02) දැනුම් දුන්නේය.

පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ඉවත් කිරීමේ නවතම පියවරක් ලෙස, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) විසින් එක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ්වට (Randy George) තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග කර ඇති බව එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

පුවත් විකාශ සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරන ලද පුවතක් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අපහාසාත්මක බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

අමෙරිකානු නීතිපති පෑම් බොන්ඩි (Pam Bondi) සිය ධුරයෙන් ඉවත් කරන බවත්, ඇය වෙනුවට නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කිරීමට යෝජිත කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පැමිණි නිවාස සංවර්ධන හා ඉදිකිරීම් ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත් මහතාට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමත් සමඟ ඒ මහතා ඊයේ(02)වන දා එම ස්ථානයෙන් පිටව ගියේය.

රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (2) නියෝග කළේය.

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු කරනවා නම්, ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස දකින්නේ නැත්තම් ජනාධිපතිවරයා ද ගල් අඟුරු වංචාවට සම්බන්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (2) පැවසීය.


ප්‍රධාන පුවත්

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.