News Category
From Date
To Date
Maximum Number of Result

හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය‍ වෙත ඉදිරිපත් කිරීමට චීනයත් රුසියාවත් පියවර ගෙන තිබේ.

අද ලෝකය පාලනය කරන්නේ මූල්‍ය අධිරාජ්‍යවාදය විසින් බවත්, මූල්‍ය අධිරාජ්‍යවාදය විසින් ජනතාව සතු සම්පත් කොල්ලකෑම සඳහා ආයතන ගණනාවක් පිහිටුවා ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පොලිසිය ඇතුළු රාජ්‍ය ආරක්ෂාවක් යොදවා තිබීම රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් බවට නව ජනතා පෙරමුණ චෝදනා කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඉරානය සහ අමෙරිකාව ඇතිකරගත් සටන් විරාමය මධ්‍යයේ ඉරානය ඊයේ (8) පස්රුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදමා තිබේ.

2026 දෙවන කාර්තුව සඳහා 15%කට ආසන්න ප්‍රතිශතයකින් යළිත් විදුලි ගාස්තු ඉහළ දැමීමට ජාතික පද්ධති පාලක (National System Operator) පෞද්ගලික සමාගම මහජන උපයෝගීතා කොමිසමෙන් ( PUCSL) ඉල්ලීමක් කර තිබේ.

NDB බැංකුවේ අභ්‍යන්තර මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නොරොච්චෝලේ බලාගාරයට 2025 - 2026 කාල පරිච්ඡේදය සදහා ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයූ ඉන්දියාවේ ට්‍රයිඩෙන්ට් සමාගමට අදාල කොන්ත්‍රාත්තුව පවරා ඇත්තේ නියමිත ප්‍රසම්පාදන මූලධර්මයන් උල්ලංඝනය කරමින් බව විගණකාධිපතිවරයා අනාවරණය කර ඇත.

හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්ධන ආනයනයේ දී විශාල මුදල් වංචාවක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා හරිත සන්ධානය අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ශන කොමිසමට පැමිණිල්ලක් සිදුකර තිබේ.


ප්‍රධාන පුවත්

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.