මාලිමා සංවිධායක පහර දී මන්ත්‍රී රෝහලේ..
කොටගල ප්‍රාදේශීය සභාවේ ඊරොස්ට් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගනේෂන් රාජේන්ද්‍රන්ට ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ආධාරකරුවෙකු විසින් පහර දුන් බව කියමින් රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මෙම පහර දීම කොටගල නගරයේදි 21 වැනිදා පස්වරු 3:00ට පමණ සිදු වූ බවද එම මන්ත්‍රීවරයා පවසයි.
ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ඔහුගේ ආධාරකරුවෙකු විසින් තමන් මෝටර් රථයෙන් (21) වැනිදා සවස නිවස වෙත යමින් සිටියදී කොටගල නගරයෙදි සිය මෝටර් රථය හරස් කර නතර කරවාගෙන ඔවුන් දෙදෙනාම තමන්ට පහර දී තුවාල කළ බවයි ඔහු පවසන්නේ.
පහරදීමෙන් පසුව මෝටර් රථයේ යතුර ඔවුන් විසින් රැගෙන ගියේ යැයිද පවසමින් මන්ත්‍රීවරයා දිඹුල පතන පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබිණි.
කොටගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ උප සභාපතිනියට සභාව තුළදී බැන වැදීම නතර කරන ලෙස බල කරමින් තමන්ට පහර දුන් බවද එම මන්ත්‍රීවරයා කියා සිටි.
මේ අතර සැකකරුවන් ඔහුගේ නිවසට පැමිණ සිද්ධිය පොලිසිය වෙත පැමිණිලි කළහොත් මීට වඩා දේවල්වලට ඉදිරියේදී මුහුණ පෑමට සිදු වන බව කියා බිරිඳට තර්ජනය කර ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.
මේ අතර පහර දුන්නේ යැයි කියන සැකකරුවන් දෙදෙනා අදාළ මන්ත්‍රිවරයා තමන්ට පහර දුන් බව පවසමින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.
එමෙන්ම සිදුවීමට සම්බන්ධ තිදෙනා රෝහලෙන් බැහැර වීමෙන් පසු අදාළ නෛතික පියවර ගන්නා බවයි දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්