පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රධාන සංඝනායක ධුරයෙන් ඉල්ලා අස්වෙති..
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය වසර 14ක් පුරා හෙබවූ පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන් වහන්සේ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
උන්වහන්සේගේ මෙම ඉල්ලා අස්වීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇත්තේ සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේදී පැවැති දකුණු පළාත් මහා සංඝ සභාවේ විශේෂ රැස්වීමේදීය.
තම තීරණය පිළිබඳව අදහස් දක්වමින් සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ නායකත්ව තනතුරු ජීවිතාන්තය දක්වා දැරිය යුතු නැති බවත්, තරුණ භික්ෂූන් වහන්සේලාට වගකීම් භාරගනිමින් ඉදිරියට පැමිණීමට අවස්ථාව ලබා දිය යුතු බවත්ය. එමෙන්ම සංඝනායක තනතුරු යනු මහලු වියේදී පමණක් ලබාදෙන ගෞරව නාමයන් ලෙස නොසැලකිය යුතු අතර, ශාසනයේ අභිවෘද්ධිය උදෙසා සක්‍රීයව දායක විය හැකි පිරිස් විසින් ඒවා දැරිය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
2012 වසරේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාත් සංඝ සභාව මගින් මෙම ධුරයට පත්කරන ලද ඕමල්පේ සෝභිත හිමියන්, තනතුරෙන් ඉල්ලා අස්වීමට පෙර තමන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ පැවැති විහාරස්ථාන සහ අධ්‍යාපනික ආයතන 14ක වගකීම් සිය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලා වෙත පැවරීමටද කටයුතු යොදා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්