News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද "නීති විරෝධී සහ ප්‍රකෝපකිරීමකින් තොරව කළ ආක්‍රමණයක්" මෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ජාත්‍යන්තර අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් සහ තීව්‍ර වෙමින් පැවතීම රුසියානු විදේශ අමාත්‍යාංශය හෙලා දක ඇතැයි වාර්තාවේ.

වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින්ගේ වත්කම් හා සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ජන හමුවකදී අදහස් පල කලේය.

මෙම මාසය අවසන් වන විට තමනට නියමිත සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍යවරුන්ගේ වැටුප් අත්හිටුවීමට තීරණය කර ඇති බව රජය පවසයි.

පවතින බලශක්ති අර්බුදය හමුවේ මෙතෙක් රජය විදුලි කප්පාදුවක් සිදුකර නොමැති බවත් විටින් විට සිදුවන විසන්ධි වීම් විදුලිය බිඳවැටීම් බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.

මහජනතාව වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද සහන පැකේජයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව සභානායක බිමල් රත්නායක මහතා සභාවට දැනුම් දුන්නේය.

චීන මහජන සමූහාණ්ඩුව කියුබාව සඳහා නව වටයක ආධාර අනුමත කළ අතර එයට විදුලි උපකරණ සහ අනෙකුත් හදිසි අවශ්‍යතා මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 80 ක හදිසි මූල්‍ය ආධාර මෙන්ම සහල් ටොන් 60,000 ක පරිත්‍යාගයක් ද ඇතුළත් බව හවානා හි චීන තානාපති හුවා ෂින් අඟහරුවාදා කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනල් බර්මුඩෙස් සමඟ පැවති සාකච්ඡාවකදී පැවසුවේය.

විපක්ෂ නායකවරයා පාස්කු ප්‍රහාරය සාධාරණයක් ඉටුවී නැති බව තැන තැන ගොස් පැවසුවද පාස්කු ප්‍රහාරය සිදුවූ සමයේ පල්ලිවල කඩා තබා ගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් විපක්ෂ නායකවරයාගේ නගර සභා ලැයිස්තුවේ සිටින බව අරගලයේ නියමුවෝ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රදීප් චාල්ස් පවසයි.

ආණ්ඩුවේ කෙනෙකුට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක් විපක්ෂයේ සහ රාජ්‍ය සේවයේ අයට තිබුනොත් ඒක හොරකමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.


ප්‍රධාන පුවත්

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.