අධ්‍යාපන පද්ධතියේ විකෘතිතා රැසක්.. - අධ්‍යාපනඥ විද්‍යාර්ථීන්ගේ එකමුතුවෙන් විශේෂ නිවේදනයක්
වත්මන් රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගනු ලබන අදූරදර්ශී තීරණ හේතුවෙන් සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ නැවත ආපසු හැරවිය නොහැකි මට්ටමේ දැඩි විකෘතිතා කිහිපයක් සිදුවෙමින් පවතින බව පෙන්වා දෙමින් "අධ්‍යාපනඥ විද්‍යාර්ථීන්ගේ එකමුතුව" විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත විශේෂ නිවේදනයක් යොමු කර තිබේ.
එම එකමුතුවේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාළ නිවේදනය මගින් වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් කෙරෙහි රජයේ සහ අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු කරවා ඇත.
අදාළ නිවේදනය පහළින්..
අධ්‍යාපනඥ විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ විශේෂ නිවේදනයක්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ අවධානය සදහා ඉදිරිපත් කරමි.
වර්ථමාන අධ්‍යාපන පද්ධතිය තුළ නැවත ආපසු හැරවිය නොහැකි දැඩි විකෘතිතා කිහිපයක් සිදුවෙමින් පවතින අතර එය වත්මන් රජයේ දූරදර්ශී නොවන අධ්‍යාපන තීරණ නිසා සිදුවන බව පෙන්වා දෙමි.
1.6 ශ්‍රේණිය සදහා හදුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දුර්වලතා පෙන්වා දීමත් සමග තාවකාලිකව එම ප්‍රතිසංස්කරණ නතර කළ ද ඒ වෙනුවෙන් වඩා ඵලදායී ප්‍රතිසංස්කරණ සකස් කිරීමේ වගකීමද විනිවිදභාවයෙන් සිදු නොවන බව පෙන්වා දෙමි. මේ තත්ත්වය තුළ නැවත රටේ මුදල් විනාශ කරම්න් පාසල් පද්ධතියට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් හදුන්වා දීමට අවස්ථාව ඇත. මක්නිසාද යත් ජාතික අධ්‍යාපන ආයතන මෙවැනි බාරධූර වගකීම් ඉටු කරව ගන්නෙ සුදුසුකම් හෝ අත්දැකීම් සහිත පුද්ගලයන් යොදා ගෙන නොව තම හිතවතුන් යොදවාගෙන බව කවුරුත් දන්නා කරුණක් වන බැවිනි.
එසේම මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීමට ගෙන යන උත්සාහය ද නිදහස් අධ්‍යාපනය සුරකිමු යන සටන් පාඨ පෙන්වා බලයට පැමිණි රජයකින් සිදු කිරීම විමතියට කරුණකි.
මේ රජය බලයට පැමිණි විගස ද පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් මාස 6 ක කාල සීමාවකින් අධ්‍යාපනවේදී උපාධි ලබා ගත් අයට රජයේ 2-11 ගුරු පත්වීම් ලබා දෙන ලදි. සාමාන්‍යයෙන් මෙතෙක් පැවති රජයන් මෙවැනි පත්වීම් ලබා දුන්නෙ උසස් පෙළ ඉහළ Z අගයකින් විශ්වවිද්‍යාලයට තේරි පත්ව එහි පළමු වසර සහ දෙවන වසර විභාගවලින් උසස් ලෙස සමත් සීමිත පිරිසක් පමණක් තෝරා ගන්නා වසර හතරක අධ්‍යාපනවේදී ගෞරව උපාධියක් සහිත අය පමණි.
මේ සදහා කොළඹ , පේරාදෙණිය සහ විවෘත ව්ශ්වවිද්‍යාලයේ සීමිත පිරිසක් සම්මුඛ පරික්ෂණවලින් අනතුරුව බදවා ගන්නා ලදි. නමුත් නිදහස් අධ්‍යාපනය සුරැකිම ගැන පම්පෝරි ගැසූ වර්ථමාන ආණ්ඩුව උසස් පෙළ සාමාන්‍ය සමර්ථයක් සහිතව විභාගය සමත්ව පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ලක්ෂ ගණන් මුදල් දී මාස 6කින් අධ්‍යාපනවේදී උපාධිය විකුණන උපාධි කඩවලින් ලබා ගත් පුද්ගලයන්ට ගුරු සේවයේ 2-11 පත්වීම් ලබා දෙන්නෙ කුමන මූලධර්මයක් යටතේ ද?
එසේම උසස් අධ්‍යාපනය වලපල්ලට ගෙන යන තවත් අමනෝඥ තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි. අධ්‍යාපනවේදී ගෞරව උපාධිය සදහා ජාතික අධ්‍යාපන ආයතනයට උසස් පෙළ සිසුන් අභ්‍යන්තර සිසුන් ලෙස බදවා ගැනීමට පියවර ගනිමින් සිටින බව ඒ අනුව දැන ගන්නට ඇත. ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමේ පරමාර්ථ වන්නෙ මෙය නොවේ. විෂයමාලා සැකසීම,සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම ආදියයි. තම ප්‍රමුඛ වගකීම සිදු කරන්නට ගොස් සතර අතේ ගා ගත් ජාතික අධ්‍යාපන ආයතනයට විශ්වවිද්‍යාලයේ කාර්‍ය්භාරය ලබා දුන්නොත් ආණ්ඩුවේ සායම තව තවත් දියකර ගන්නට ඉතා ඉක්මනින්ම හැකි වන බව පෙන්වා දෙමි.
මෙලෙස යම් ශිෂ්‍ය කණ්ඩායමක් බදවා ගතහොත් ඔවුන්ගේ අනාගතය අතිශයින් අදුරු වන බව පෙන්වා දෙමු.
අධ්‍යාපනවේදී උපාධියේ වටිනාකම හෑල්ලු කරමින් පෞද්ගලික උපාධි කඩවලින් මාස 6 යේ අධ්‍යාපනවේදී උපාධි ලබාගත් අයට 2-11 ගුරු පත්වීම් ලබා දෙන වත්මන් රජය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වසර 3ක පූර්ණ නේවාසික පාඨමාලාවකින් පසුව ලබා දෙන ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අධ්‍යාපනවේදි උපාධිය දක්වා උසස් කිරීමට දක්වන්නේ දැඩි අකමැත්තකි. ඒ ජාතික අධ්‍යාපන ආයතනයේ කිහිප දෙනෙකුගේ බලපෑම් මත බව නොරහසකි .(ජාතික අධ්‍යාපන ආයතනයේ විශ්‍රාමික ඉහල නිලධාරීන් කිහිප දෙනෙකු මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉහල තනතුරු දරති . විද්‍යාපීඨ ඩිප්ලෝමාව උපාධිය දක්වා උසස් කළහොත් ඔවුන්ගේ විශ්වවිද්‍යාල කඩ වැසී යෑමේ තර්ජනයට ලක්වේ.)
කෙසේ වෙතත් මීට පෙර පැවති ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යතුමා මේ තත්ත්වය තේරුම් ගෙන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ඒකාබද්ධ කොට ගුරු අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපනයට පනත් කෙටුම්පත පවා සකස් කර තිබුනි. ඔහුගේ කාලය තුළ කිසිදු පෞද්ගලික විශ්වවිද්‍යාලයක ප්‍රමිතියෙන් තොර උපාධි සදහා ගුරු පත්වීම් ලබා නුදුන්නේ ය.
එසේම විද්‍යාපීඨ පද්ධතිය තුළ දැඩි බෙදීමක් මේ වන විට ඇති කර තිබේ. ඒ කුලියාපිටියේ තාක්ෂණික විද්‍යාපීඨයේ ශික්ෂණලාභීන්ට අධ්‍යාපනවේදී ගෞරව උපාධිය ලබා දෙන අතර ඒ සමාන සුදුසුකම් හෝ ඊට ඉහල සුදුසුකම් ලබා ඇති අනෙකුත් විද්‍යාපීඨ 19 ශික්ෂණලාභීන්ට ඩිප්ලෝමාවක් පමණක් ලබා දීමෙනි. මෙය සමානාත්මතාවය නැමති මූලික මානව හිමිකම උල්ලංඝනය කිරීමකි. ඉහත කරුණු අනුව පෙනී යන්නෙ වත්මන් රජය අධ්‍යාපනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සාධාරණත්වය මූලධර්මය සහ ගුණාත්මක බව පිළිබඳ නිර්නායක නොසලකා ගනු ලබන ඒවා බවයි.
එබැවින් අධ්‍යාපනයට අත්තටු දෙන බව පවසා මහජන මතය ලබාගත් රජය ඒ වෙනුවට අධ්‍යාපනයේ ගුනාත්මක භාවය විනාශය කරා ගෙන යන අදූරදර්ශි තීරණය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු
ලේකම් ,
අධ්‍යාපනඥ විද්‍යාර්ථීන්ගේ එකමුතුව
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්