සෙවණගල උක් ගොවියන්ට කොළඹ එන්න කියා ඇමති හඳුන්නෙත්ති ලෙඩ වෙලා..
සෙවනගල සීනි කර්මාන්තශාලාවේ සේවක වර්ජනය සහ උක් වගාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැඳවා තිබූ විශේෂ හමුවට කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී නොවීම හේතුවෙන් උක් ගොවි සංවිධාන නියෝජිතයෝ සිය දැඩි අසතුට පළ කරති.
අමාත්‍යවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බව දන්වමින් මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය සහභාගී වී ඇති අතර, එහිදී සේවක වැටුප් ගැටලුව සම්බන්ධයෙන් යම් එකඟතාවක් ඇති වුවද ගොවීන්ගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් නොලැබුණු බව ගොවි නියෝජිතයෝ පවසති.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගොවිසෙත ඒකාබද්ධ ගොවි බලමණ්ඩලයේ භාණ්ඩාගාරික ප්‍රියන්ත මහතා මෙසේ පැවසීය.
"අපි මෙතනට ආවේ ඇමතිතුමා හම්බවෙන්න. නමුත් එතුමා හිටියේ නැහැ. අද වෙනකොට උක් ගොවියා දැවැන්ත ප්‍රශ්න රැසකට මුහුණ දීලා ඉන්නවා. වගාවට අවශ්‍ය තෙල් ටික නැහැ, පොහොර සහ වල්නාශක නැහැ. මාස 12න් කපන්න ඕන උක් ගස් අද මාස 36ක් වෙලා. ටොන් 4,000ක් විතර අව්වට වේලෙනවා. ටොන් එකක් කපන්න රුපියල් 4,500ක් යනවා, නමුත් අපිට ලැබෙන්නේ රුපියල් 10,000කටත් අඩු මුදලක්. ලේකම්තුමිය මේ ප්‍රශ්නවලට දාර්ශනික උත්තර දුන්නට බිමේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබුණේ නැහැ."
උක් ගොවියන්ගේ සුබසාධන සංගමයේ ලේකම් පී.කේ. පතිරණ මහතා සඳහන් කළේ සේවකයන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් ලේකම්වරිය පොරොන්දුවක් ලබාදුන් බවයි.
2027 ජනවාරි මාසය වන විට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත්, එතෙක් වර්ජනය අතහැර රාජකාරි වාර්තා කරන ලෙසත් ඇය ඉල්ලා සිටි බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් සෙසු සේවකයන් දැනුවත් කර අවසන් තීරණයක් ගන්නා බව සේවක නියෝජිතයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..