‘නාමල් අද ගන්නවා.. රතිඤ්ඤා දාන්න, බැනර් ගහන්න’ කියා පාක්ෂිකයන්ට පණිවුඩ යවලා.. - මිලින්ද රාජපක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කළද, ලබන 12 වනදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජන රැළිය කිසිදු බාධාවකින් තොරව ජයග්‍රාහී ලෙස පවත්වන බව එම පක්ෂයේ ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (04) පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම අත්අඩංගුවට ගැනීමේ උත්සාහය පිටුපස පැහැදිලි දේශපාලන අරමුණක් පවතින බව පෙන්වා දුන් ඔහු, නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතහොත් පෙරටත් වඩා දෙගුණයක ජනගඟක් අනුරාධපුරයට රැස්කරවන බවට අභියෝග කළේය.
ඉදිරි සති අන්තයේ පැවැත්වෙන ජනහමුවේදී ජනතාව හමුවේ කීමට තරම් සංවර්ධන හෝ ආර්ථික සහන පිළිබඳ මාතෘකාවක් නොමැති නිසා, නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ජනතාව ලවා අත්පොළසන් කරවා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවටද ඔහු චෝදනා කළේය.
එසේම, මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් පසු ගම් මට්ටමින් රතිඤ්ඤා පත්තු කර බැනර් හා කටවුට් ප්‍රදර්ශනය කරමින් සැමරුම් පවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් වට්ස්ඇප් පණිවිඩ මගින් සිය පාක්ෂිකයන් දැනුවත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු අනාවරණය කළේය.
ආණ්ඩුවට එරෙහිව හඬ නගන විට එල්ල වන මෙවැනි මර්දනයන් හා කැඳවීම් හමුවේ තම දේශපාලන ගමන කිසිසේත් නතර නොවන බවද මිලින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..