දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්.. - රහසිගත නිගමනය ඉදිරියේදී කථානායක සහ ජනපති වෙත..
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කර තිබේ.
මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 15 ක් ගොනු කර තිබූ අතර ඒවා දින දෙකක් තිස්සේ ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග විය.
අද දින වාචික දේශන ඉදිරිපත් කිරිම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන තිබේ නම් ඒවා සදූදා පස්වරු 12.00 ට පෙර ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියම කළේය.
ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරියේ දී යොමු කරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කළහ.
අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, මීඩියා ලෝ ෆෝරම්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා සංවිධානය ඇතුළු පාර්ශව 15 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
එම පෙත්සම් වලින් සදහන් කර තිබුණේ මෙම සංශෝධිත පනත් කෙටුම්පත තුළින් අධිකරණ බලය කප්පාදු වීම මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වීමක් සිදුවන බවයි.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..