රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
රුසියාවේ පැවැති මැතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලැබූ ජයග්‍රහණය යනු, රුසියානු රජය සහ සන්නද්ධ හමුදාවන් විසින් ගෙන යනු ලබන මෙහෙයුම් කෙරෙහි එරට ජනතාව දැක්වූ සෘජු සහයෝගයක් හා ගෞරවයක් බව Lanka Voice යූටියුබ් නාලිකාව ඔස්සේ මොස්කව් නුවර සිට අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බටහිර රටවල් සහ යුක්‍රේනය විසින් මෙම මැතිවරණ ක්‍රියාවලියට මෙන්ම අන්තර්ජාලමය ඡන්ද විමසීම්වලට විවිධ බාධා සහ සයිබර් ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළද, සාපේක්ෂව නිදහස් හා සාමකාමී වටපිටාවක ජනතාව සිය මනාපය ප්‍රකාශ කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
ලෝකයේ පවතින ප්‍රධාන ගැටලු හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හුදෙක් සාකච්ඡා මණ්ඩපයකට පමණක් සීමා වී ඇති බවත්, දැවෙන ප්‍රශ්න විසඳීමට නිසි බලයක් ක්‍රියාත්මක කිරීමට එය අපොහොසත් වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම, රතු මුහුදේ පවතින යුදමය තත්ත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුද හමුවේ ගෝලීය ඉන්ධන (විශේෂයෙන් ඩීසල්) මිල ඉහළ යෑම සහ නෞකා ගාස්තු වැඩිවීම ඉදිරියේදී ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අනතුරු අඟවන ඔහු, ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ සබඳතාවල සංකීර්ණතාව හමුවේ ඉදිරියේදී දෙරටේ නායකයින්ට තීරණාත්මක එකඟතාවන්ට පැමිණීමට සිදුවනු ඇති බවද අවධාරණය කළේය.
සවිස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..
ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..
ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..