News Category
From Date
To Date
Maximum Number of Result

"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං

Sep 25, 2026 at 09:30 AM
|

චීනයේ 77 වන ජාතික දිනය සහ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සැමරීමේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය සහ පිළිගැනීමේ උත්සවය ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුආශියැං (Wei Huaxiang) මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි. 

එහිදී විශේෂ දේශනයක් පැවැත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුආශියැං (Wei Huaxiang) මහතා සඳහන් කළේ, සියලු අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වයට ඉදිරියේදීත් නව ජවයක් ලබා දීමට සූදානම් බවයි. 

චීනයේ වත්මන් ආර්ථික හා තාක්ෂණික ප්‍රගතිය මෙන්ම, රබර්-සහල් ගිවිසුමේ සිට පැවත එන දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ සුබසාධන ව්‍යාපෘති පිළිබඳවද සිහිපත් කළ තානාපතිවරයා, ඉදිරියටත් ජාත්‍යන්තර මට්ටමින් දෙරටේ සුහදතාව සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට කැපවන බව අවධාරණය කළේය.

සවිස්තරාත්මක වීඩියෝව පහළින්..


සම්බන්ධිත පුවත් | Related News

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 95ක විශේෂ බහුතරයකින් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඔක්තෝබර් මස 06වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
නැගෙනහිර පළාතේ මයිලන්තමඩු සහ මාධවනෙයි ප්‍රදේශවල පවතින පාරම්පරික තණබිම් ගැටලුව මුල් කරගනිමින් සිංහල හා දෙමළ ජනතාව අතර වාර්ගික නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බවත්, ඊට රජය වහා විසඳුම් ලබාදිය යුතු බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේදී පැවසීය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුව තුළ සුළු බෙදිමක් ඇති වූ බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
2026 නොවැම්බර් 01 වනදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ තිලීපන්ගේ අනුස්මරණ සැමරුම් පිළිබඳව නැවතත් රට තුළ දේශපාලන හා සමාජීය සංවාදයක් ගොඩනැගී ඇති බවත්, මාරාන්තික උපවාසයකින් මියගිය එකම ශ්‍රී ලාංකිකයා වන තිලීපන් සම්බන්ධයෙන් පවතින මතවාදයන් කාලයත් සමඟ දේශපාලනික අවශ්‍යතාවලට අනුව වෙනස් වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝ පවසයි.
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම ගමන්කරමින් සිටින්නේ එකම මාර්ගයක බවත්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සහ 22 වැනි සංශෝධනයේ අභ්‍යන්තරයට ගොස් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් නොකර සිදුකරන මෙම ක්‍රියාදාමය තුළ ජනතාව අධිකරණය සම්බන්ධයෙන් ඇති විශ්වාසය නැතිකර ගන්නා බවත් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (25) ආරම්භ වේ.
ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් නියම කරන ලද සිරදඬුවම ක්‍රියාත්මක නොකිරීමට යම් සාධාරණ හේතුවක් ඇත්නම්, ඒ පිළිබඳව ලබන මස 01 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියෝග කළේය.

ප්‍රධාන පුවත්

තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ තිලීපන්ගේ අනුස්මරණ සැමරුම් පිළිබඳව නැවතත් රට තුළ දේශපාලන හා සමාජීය සංවාදයක් ගොඩනැගී ඇති බවත්, මාරාන්තික උපවාසයකින් මියගිය එකම ශ්‍රී ලාංකිකයා වන තිලීපන් සම්බන්ධයෙන් පවතින මතවාදයන් කාලයත් සමඟ දේශපාලනික අවශ්‍යතාවලට අනුව වෙනස් වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝ පවසයි.

ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර

ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම ගමන්කරමින් සිටින්නේ එකම මාර්ගයක බවත්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සහ 22 වැනි සංශෝධනයේ අභ්‍යන්තරයට ගොස් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් නොකර සිදුකරන මෙම ක්‍රියාදාමය තුළ ජනතාව අධිකරණය සම්බන්ධයෙන් ඇති විශ්වාසය නැතිකර ගන්නා බවත් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං

චීනයේ 77 වන ජාතික දිනය සහ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සැමරීමේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය සහ පිළිගැනීමේ උත්සවය ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුආශියැං (Wei Huaxiang) මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..

රුසියාවේ පැවැති මැතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලැබූ ජයග්‍රහණය යනු, රුසියානු රජය සහ සන්නද්ධ හමුදාවන් විසින් ගෙන යනු ලබන මෙහෙයුම් කෙරෙහි එරට ජනතාව දැක්වූ සෘජු සහයෝගයක් හා ගෞරවයක් බව Lanka Voice යූටියුබ් නාලිකාව ඔස්සේ මොස්කව් නුවර සිට අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..

නාගරික සංවර්ධන අධිකාරියට අයන් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය නමැති භූමිය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට කඩිනමින් ලබා ගැනීමට සහ සමාගම වෙත අවශ්‍ය අනුමැතින් ලබා ගැනීමට රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලසක් ලෙස ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අල්ලස් කොමිසමට ඊයේ (24) අවසර දෙන ලදී.

''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..

අමෙරිකාව සමග පවතින යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නොනමන බව, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් අවධාරණය කරන බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77 වන සංවත්සරය සැමරීමේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය සහ පිළිගැනීමේ උත්සවය කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීමට හැකි වීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවද, එමගින් ජනතාව මුහුණ දෙන සැබෑ ආර්ථික හෝ සමාජීය ගැටලුවලට විසඳුම් නොලැබෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

22 ගැන විවාදය අද..

අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ

තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයකු වන තිලීපන් (රාසයියා පාර්තිපන්) වෙනුවෙන් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ලෝකඩ ප්‍රතිමාවක් ස්ථාපනය කර සැමරුම් පැවැත්වීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රජයට දැඩි චෝදනා එල්ල කරයි.

සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බවත්, එය පාලනය සඳහා හෘදය වස්තුවට උපකරණයක් සවිකර ඇති බවත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (22) අනාවරණය විය.

ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?

දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා දිවයින ඔන්ලයින් (Divaina Online) යූටියුබ් නාලිකාව සමඟ එක්වෙමින් පවසන්නේ වත්මන් මැදපෙරදිග කලාපයේ දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවකට ගමන් කරමින් පවතින බවයි.

පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර ප්‍රධාන නඩුවේ වරදකරුවන් 15 දෙනාට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් වෙන වෙනම දඩුවම් නියම විය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..

රටේ පවතින නීතියට ගරු කිරීම භික්ෂූන් වහන්සේලා ඇතුළු සෑම පුරවැසියෙකුගේම වගකීමක් බැවින් තමන් වහන්සේ නීතියට හිස නමන බවත්, තමන් සිදුකළ අරගලය කිසිදු පෞද්ගලික හෝ දේශපාලනික න්‍යායපත්‍රයක් වෙනුවෙන් නොව ජාතියේ හා ශාසනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සිදුකළ එකක් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.