සිර දඬුවම ක්‍රියාත්මක නොකරන්න හේතු ඇත්නම් කියන්නැයි ඥාණසාර හිමිට අධිකරණයෙන් නියෝගයක්..
ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් නියම කරන ලද සිරදඬුවම ක්‍රියාත්මක නොකිරීමට යම් සාධාරණ හේතුවක් ඇත්නම්, ඒ පිළිබඳව ලබන මස 01 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියෝග කළේය.
අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් පෙනී නොසිටි අතර, උන්වහන්සේ අසනීප තත්ත්වයෙන් පසුවීම ඊට හේතුව බව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පැවසීය.
මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප වීමෙන් පසු මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බැවින්, එම අභියාචනය සලකා බලා අවසන් වන තෙක් සිරදඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ විත්තිකරු අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව අදාළ කරුණු ඉදිරිපත් කළ යුතු බවයි. ඒ අනුව සිරදඬුවම ක්‍රියාත්මක නොකිරීමට හේතු දක්වන්නේ නම් ලබන මස 01 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණි.
2016 වසරේ කිරුළපන පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතීන් අතර සංහිඳියාවට බාධා වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පවරන ලද මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත් අධිකරණය 2025 ජනවාරි 09 වන දින උන්වහන්සේට මෙම සිරදඬුවම නියම කර තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..
ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..
ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..