විහාර දේවාලගම් පනත වෙනස් කර සඟසතු දේපළ ගිහියන් සතු කිරීමේ කුමන්ත්‍රණයක්! - මහා සංඝරත්නයෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට සහ තරුණ සඟ පරපුරට විශේෂ ඉල්ලීමක්..
මෙරට බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ රැකගැනීම උදෙසාම සම්මත කරගෙන තිබෙන 'විහාර දේවාලගම් පනත' පසෙකලා, එය සංශෝධනය කරන මුවාවෙන් සඟසතු දේපළ හා සාංඝික ඉඩකඩම් බාහිර භාරකාර මණ්ඩලවලට පැවරීමට සහ අටමස්ථානාධිපති නාහිමියන්ගේ සිදුවීම මුල් කරගනිමින් සමස්ත භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් දියත් වන ශාසන විරෝධී කුමන්ත්‍රණ පරාජය කිරීමට සියලු දෙනා වහාම පෙළගැසිය යුතු යැයි ජාතික භික්ෂු එකමුතුව අවධාරණය කරයි.
ගලෙන්බිඳුනුවැව, පලුගොල්ලාගම ශ්‍රී ඤාණිස්සර පිරිවෙන් විහාරස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම එකමුතුව වෙනුවෙන් අදහස් දැක්වූ මහා සංඝරත්නය මේ බව කියා සිටියහ.
ජාතික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී ඇලපත්ගම ඥාණරතන හිමි මෙහිදී මෙසේද පැවසීය,
"විහාර දේවාලගම් පනත යටතේ කාලීනව යම් යම් සංශෝධන සිදුවිය යුතු බව අප පිළිගන්නවා. නමුත් වත්මන් බලවේග උත්සාහ කරන්නේ මේ පනත සංශෝධනය කරන මුවාවෙන් සඟසතු දේපළ, සාංඝික ඉඩකඩම් බාහිර භාරකාර මණ්ඩලයකට පත් කරන්නයි. මොකක්ද මේ භාරකාර මණ්ඩලය? සාංඝික දේපළ භාරකාර මණ්ඩලයකට දීලා කොහොමද ඒවා පරිහරණය කරන්න දෙන්නේ?
අප පොලොන්නරුවට යනකොට දකින්න ලැබෙනවා නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවන ලද විශේෂ ගල් කැටයමක් (සෙල්ලිපියක්). එහි දැක්වෙන්නේ පන්සලට දානය අරගෙන එන පුද්ගලයෙක් සහ ඒ කැටයමට යටින් ඉන්න බල්ලන් සහ කපුටන්ගේ රූපයි. රජතුමා ඒකෙන් අර්ථකථනය කළේ, සාංඝික දේපළ ගිහි අය තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට පරිහරණය කළොත්, මතු ආත්මවල බල්ලන්, කපුටන් වෙලා උපදිනවා කියන එකයි. ඒක තමයි අපේ රටේ තිබුණු සදාචාරාත්මක හරපද්ධතිය. අතීතයේ සිටම පැහැදිලි කරදුන් ඒ උතුම් ධර්මතාවය පසෙකලා, මේ භාරකාර මණ්ඩලයක් හරහා කරන්න හදන්නේ සඟසතු දේපළ ගිහියන්ගේ පරිහරණයට භාරදීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක්ද කියන එක ගැන අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා."
"කැලෑවක තිබෙන ගසක් කැපීම සඳහා එම කැලෑවේම ගසකින් ලබාගත් ලීයකින් පොරෝ මිටක් සකස් කරගන්නා සේ, වත්මන් සමාජය තුළ බුදු සසුන විනාශ කිරීම සඳහා මිථ්‍යාදෘෂ්ටික බලවේග විසින් අපේම තරුණ ස්වාමීන් වහන්සේලාව අතකොළුවක් බවට පත් කරගනිමින් සිටිනවා. උන්වහන්සේලාව විවිධ උපක්‍රම හරහා ශාසනයට එරෙහිව පාවිච්චි කරමින්, උන්වහන්සේලා ලවාම මේ උතුම් සම්බුද්ධ ශාසනයට නැවත නැවතත් පහර එල්ල කරවන ස්වභාවයක් අද පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා.
ඒ නිසා අපේ තරුණ ස්වාමීන් වහන්සේලාගෙන් මේ වෙලාවේ අප ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, මේ කුමන්ත්‍රණ පිළිබඳව බොහොම කල්පනාකාරීව සහ බුද්ධිමත්ව කටයුතු කරන ලෙසයි. බාහිර බලවේගවල උගුල්වලට හසු නොවී, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය කරන නිවැරදි භූමිකාවට වඩින්න කියා අප උන්වහන්සේලාට සිහිපත් කරනවා."
ජාතික භික්ෂු එකමුතුවේ නියෝජිත, දික්වැල්ලේ ධම්ම විසුද්ධි හිමි එහිදී දැක්වූ අදහස්,
"අද වන විට අපේ රටටත්, ශාසනයටත් ලොකු හානියක් සිදුවෙමින් පවතිනවා. භික්ෂූන් වහන්සේලාට නිදහසේ තමන්ගේ වත්පිළිවෙත් ටික කරගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. අපි භික්ෂූන් වහන්සේලා හැටියට හුදකලාව වැඩසිටිමින් ශාසනික මෙහෙවරක නිරත වන අයයි. අටමස්ථානාධිපති හාමුදුරුවන්ගේ මේ කතන්දරය ගැන අපි දන්නවා. උන්වහන්සේ යම් වැරැද්දක් කළා නම්, ඒ වැරැද්දට නිසි දඬුවම අධිකරණයෙන් ලබාදිය යුතුමයි. ඒක කාටවත් නවත්වන්න හෝ වළක්වන්න බැහැ. නමුත්, ඒ හේතුව කරගෙන දුෂ්කර පළාත්වල, විහාරස්ථානවල වැඩවසන අහිංසක භික්ෂූන් වහන්සේලාට දාන වේල පවා ලබාගන්න බැරි තත්ත්වයක් තැන් තැන්වල ඇතැම් දායක සභාවන් තුළ නිර්මාණය කරමින් පවතිනවා."
"අනුරාධපුරයේ භික්ෂු බලමණ්ඩල නිහඬ ඇයි? ත්‍රෛනිකායික නාහිමිවරුන් මැදිහත් විය යුතුයි"
"මේ සිදුවීම සිද්ධ වුණේ අනුරාධපුරයේ. ඒ වුණත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය එකතු වෙලා භික්ෂු බලමණ්ඩලයක් හැටියට හෝ දායක සභාවක් එකතු වෙලා මේ සිදුවීම ගැන රටට කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. ත්‍රෛනිකායික නායක හාමුදුරුවන්ගෙන් අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව වහාම නිල ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා. මොකද මේ කවි කතන්දර හින්දා, මිථ්‍යාදෘෂ්ටික බලවේග හින්දා අපට සිදුවන පීඩාවන් සහ හිංසාවන් බොහොමයි. අපට නැතිවෙන බලවේග, දායක සභාවන්, අප සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කළ දායකයෝ අපෙන් ඈත් වෙමින් පවතිනවා.
මේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලැබෙනතුරු ජාතික භික්ෂු එකමුතුව හැටියට අපි ඇස් පියාගෙන ඉන්නේ නැහැ. අපි මහණ වුණ දා ඉඳන් මැරෙනකම් දායකයන්ගේ මරණයට, දානයට, හැමදේටම සේවය කරන අයයි. අපේ ඒ සේවාව දිගටම කරගෙන යන්න නම්, අපට වඩා ඉහළින් ඉන්න අපේ නායක හාමුදුරුවරු වහාම මීට පිළියම් යෙදිය යුතුයි. මෙතනින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත්නම්, අපට සිදු වෙනවා වෙනත් තීරණයක් ගන්න. මේ ශාසනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න අපි සූදානම්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..