News Category
From Date
To Date
Maximum Number of Result

සන්ධානය හැදුවේ ජනපති රනිල්ට සහාය දෙන්න... අපි පොහොට්ටුව එක්ක හිටගන්නේ නැහැ - ලාන්සා කියයි

Jan 2, 2024 at 06:46 AM
|

2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සහ නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින රාජගිරිය නව සන්ධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා,

“මේ වර්ෂයේ අනිවාර්යෙන් මැතිවරණයක් පැවැත්විය යුතු අතර එය ජනාධිපතිවරණය විය යුතුයි කියලා විශ්වාස කරනවා. ජනාධිපතිතුමාට අවශ්‍යනම් පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණය වුනත් පවත්වන්න පුලුවන්. විපක්ෂයේ මතය පාර්ලිමේන්තු මැතිවරණය කැඳවයි කියලා. මගේ මතය වන්නේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය කැඳවයි කියන එකයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරලා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය නොකරන සහ අනෙකුත් දේශපාලන පක්ෂ එක්ක තරග කරලා ඒවා නියෝජනය නොකරන 71 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. 71 දෙනාම දැනට ඒ පක්ෂ නියෝජනය කරන්නේ නැහැ. ඒ 71 දෙනා නියෝජනය කරමින් තමා නව සන්ධානය බිහි කරන්න පාර්ලිමේන්තුව තුළ නව කතිකාවක් ආරම්භ කළේ. අපිට පුලුවන් වෙනවා පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජනය කරන, ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම පක්ෂ සහිත සන්ධානය අපට හදන්න.

අද ඉදන් නව සන්ධානයේ දේශපාලන මෙහෙයුම් කටයුතු සක්‍රීයව ආරම්භ කරනවා. ජනාධිපතවරණයේදී අපගේ කණ්ඩායම පුළුල් කණ්ඩායමක් ලෙස ජනාධිපතිතුමාට සහය දක්වන්න, ශක්තිමත් කණ්ඩායමක් විදියට වැඩ කරනවා. අපි වැඩ කරපු හැම තැනම ජයග්‍රහණය කළා. අපි කරන්න එපා කියපු දේවල් කරන්න ගිහින් සමහර නායකයන්ට පරාජය වැලඳගන්න සිදුවුනා. අපි කියපු දේවල් කරපු අය ක්‍රමක් ක්‍රමයෙන් උඩට ආවා. සත්‍ය අසත්‍ය ජනතාවට ඉදිරිපත් කරන, ඇත්ත බොරුව අතර මැතිවරණයක් එනවා. ඕනෑම පක්ෂයකට අරවා දෙනවා, මේවා දෙනවා කියලා කියන්න පුලුවන්. හැබැයි කරන්න බැහැ. සල්ලි ගස් වලින් කඩන්නත් බැහැ. මවන්නත් බැහැ. අද ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා. මිනිස්සු බනිනවා කියලා ජනාධිපතිතුමත්, ආණ්ඩුවත් දන්නවා. මිනිස්සු කොච්චර බැන්නත් මේ සත්‍ය, ඇත්ත, යථාර්ථය මිනිස්සුන්ට කියන්න ඕනේ. ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා ජනතාවට ඇත්ත කියන්න. කයියනායකලට කයිවාරු ගහන්න පුලුවන්. බොරු කියන්න පුලුවන්. ඕන දෙයක් දෙනවා කියලා කියන්න පුලුවන්. හැබැයි කරන්න බැහැ.

ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා බදු අඩුකරලා මොකද වුනේ. ඔක්කෝටම ඒක හොඳ වුනා. හැබැයි ආර්ථිකය කරගන්න බැරිවුනා. අපි මේ පටන්ගන්න ව්‍යාපාරය වැඩපිළිවෙළක් එක්ක යන ගමනක්. විශේෂයෙන් ආර්ථික වැඩපිළිවෙළක් එක්ක යන ගමනක්. ජනාධිපතිතුමාටත් අපි සහය දක්වන්නේ ආර්ථික වැඩපිළිවෙල හොඳ නිසා. ආර්ථිකය ශක්තිමත් කරන්න තීන්දු ගන්නකොට ජනතාවට අමාරුයි. අපිට අමාරුයි. නමුත් මේ සත්‍යයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා.

ආණ්ඩුවට ලැබෙන ආදායම මදි වියදම පිරිමහන්න. කවුරිහරි ඇවිල්ලා කියනවම් අරවා දෙනවා මේවා දෙනවා කියලා ලියලා තියාගන්න මාස තුනයි කරන්න පුලුවන්. මහ බැංකු අධිපතිතුමා කියනවා කවුරු පත්වුනත් මේ ක්‍රියාවලිය, ආර්ථික වැඩපිළිවෙළ කරන්න වෙනවා කියලා. අපි අද ඉදන් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත මිනිස්සුන්ට කියන්න. අවුරුදු 70 ක් තිස්සේ ජනතාව විවිධ දේශපාලන පොරොන්දු වලට අහුවුනා. ජන්ද දුන්නාම සියයට දහයක්, පහළොවක් විතර ඒ ඒ දේශපාලන පක්ෂ ඉටුකළා. ඒ කළෙත් ණය වෙලා. ජනාධිපතිතුමාටත් පුලුවන් අඩු කරගෙන කරගෙන යන්න. මේ කැමැත්තෙන් කරන දේවල් නෙමේ. රට දුවන්න මේ දේවල් කරන්න සිදු වෙනවා.

අපි පැහැදිලිව කියන්න ඕනේ මේ සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක හිටගන්නේ නැහැ. බදු අඩුකරද්දි කිව්වා අඩු කරන්න එපා කියලා. පොහොර එක නවත්තන්න එපා කිව්වා. කොරෝනා කාලේ කිව්ව රට ඔය විදිහට වහන්න එපා කියලා. ඒ එකක්වත් ඇහැව්වේ නැහැ. වියත්තු කියලා කොටසක් ඇවිල්ලා, දැන් සජිත් මහත්තයට උපදෙස් දෙන්නේ ඒ වියතා තමා. ගෝඨාභය මහත්තයගේ දකුණු අත වගේ හිටියේ නාලක ගොඩහේවා මහතා. එතුමා තමා බදු අඩුකරන්න උපදෙස් දුන්නේ. පොහොර ප්‍රශ්නය දොස්තර මහත්තයා. දේශපාලඥයෝ නෙමේ මේ දේවල් කළේ. අපි බැනුම් ඇහැව්වට ගුටි කෑවට එකක්වත් අපි කළේ නැහැ. ඒ වෙලාවේ මතයක් තිබුනා දේශපාලනය නොකරන කෙනෙක් ගේන්න ඕනේ කියලා. ජනතාව කාලෙන් කාලෙට එක එක රැලි පස්සේ යනවා. මිනිස්සුන්ට උදව් නොකරන, බදු නොගෙවන, රස්සාවක් නොදුන්න, මොනවත් නොකරපු අය කයිවාරු වලින් වීරයෝ වෙලා.

අපි ඇවිල්ලා ජනතාවට ඇත්ත කියනවා. අද සජබයට, පෙහොට්ටුවට මිනිස්සු දාහක් ගෙනල්ලා රැස්වීමක් තියාගන්න බැහැ. ජවිපෙ හැම තැනින්ම බස් දාලා ජනතාව ගෙනල්ලා රැස්වීම් තියලා සාර්ථකත්වය පෙන්නන්න හදනවා. අපි විශ්වාස කරනවා අපේ දිස්ත්‍රික්ක 22 ඉන්න අය ජනතාව දහදාහකට වඩා ගෙනල්ලා රැස්වීමක් කරන්න පුලුවන් ශක්තිමත් අය කියලා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන්න පුලුවන් එකම කණ්ඩායම අපි. අපි වැඩපිළිවෙලක් එක්ක ජනතාවට සත්‍ය ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.”

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.