ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත් ටිකෙන් හොරා කන තක්කඩියන් එක හිරගෙයක නොවෙයි හිරගෙවල් දාහක දැම්මත් මදි! – විමල් වීරවංශ (වීඩියෝ)
අසරණ රෝගීන්ට ලබා දෙන ඖෂධවලින් ද සොරා කන පිරිස් එක සිරගෙයක පමණක් නොව සිරගෙවල් දහසක දැමුවත් ප්‍රමාණවත් නොවන බවත් දැන් වත්මන් පාලකයන් මෙවැනි “සොරකම්, වංචා, දූෂණ” පෙන්වමින් වැරදි ප්‍රතිකර්ම සඳහා ජනතාවගේ මනස සකසන බවත් ඒ අනුව “සොරකම” පෙන්වා ජනතා විරෝධයකින් තොරව රජයේ රෝහල් පෞද්ගලීකරණයට පාර කපා ගැනීමේ අවදානමක් මතුව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
ඊයේ(03) සවස කඩුවෙල වැලිවිට දී පැවති “9න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම?” යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
දැන් මොකක්ද වෙමින් තියෙන්නේ?
“විදේශ විනිමය අර්බුදය සති දෙකකින් විසඳනවා, කියමින් ‘බොරු හීන’ මවමින් සිටි බැසිල් රාජපක්ෂලා අවසානයේ රට පතුල නොපෙනෙන අගාධයක් වෙත ගෙන ගියා. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලා ගියාට පසුව දැන් මොකක්ද වෙමින් තියෙන්නේ? දැන් සාමාන්‍ය වෙලාවක පොවාගන්න බැරි ‘තිත්ත බෙහෙත් ටික’ පොවාගන්නයි හදන්නේ. බෙහෙත් කිව්වාම මතක් වුණේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා දැන් හිරේනේ. පිළිකා රෝගීන්ට දෙන ඉන්ජෙක්ෂන් එකේ බලපුවාම වතුර තියෙන්නේ. මොනතරම් හෙන ගහන්න ඕනෙද?අණක්-ගුණක් නැතුව, ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත් ටිකෙන් හොරා කනවා කියන්නේ රටකට මොනතරම් සාපයක් ද? එවැනි තක්කඩිකමක් තවත් නැහැ. එක හිර ගෙදරක නොවෙයි හිර ගෙවල් දාහක දැම්මත් මදි.
කවර රටක වුවත් දූෂණ, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම් ආදිය තිබිය හැකියි. නමුත් ඒවාට දැඩි පිළියම් යෙදීම අනිවාර්යෙන් සිදු විය යුත්තක්. මේ වන විට චීනයේ පවා හිටපු විදේශ ඇමති සහ හිටපු ආරක්ෂක ඇමති යන දෙදෙනාම සිරගතවයි සිටින්නේ. එක් අයෙකුට දූෂණ චෝදනාවක්, අනෙක් කෙනාට ‘රාජ්‍ය රහස් එළියට දුන්නා’ කියන චෝදනාවයි ඇත්තේ. දැන් නඩුව අහනවා.
ආණ්ඩුවේ ඉස්පිරිතාල ටික විකුණන එකද උත්තරය?
මේ ආර්ථික අර්බුදය හමුවේ ජනතාව තුළ ඇත්තේ විෂම මනසක්. ඒ අස්සේ දැන් මේ පාලකයන් අමුතු තියරි හදනවා. එහෙම තියරිවලින් වස පොවන්න එනවා. ‘හිටපු සෞඛ්‍ය ඇමතිත් හිරේ. නිලධාරිනුත් මේකට සම්මාදම්. මුං ඔක්කොම කරන්නේ මහජන ධනය හොරා කන එක. ඉස්පිරිතාල මුන්ට හොරා කන්න මෙහෙම තියාගෙන ඉඳලා වැඩක් නැහැ. මේවා පෞද්ගලික අංශයට දීලා දාමු’ කියා ඒ තියරියෙන් ජනතාවට හිතන්න සලස්වනවා. හොරකම් කරනවා නම් ඒක නවත්වනවා මිසක් ආණ්ඩුවේ ඉස්පිරිතාල ටික පිටරැටියන්ට හරි මෙහේ ධනපතියන්ට හරි දෙන එකද උත්තරය? කොහොමද කොළඹ ජාතික රෝහල දැන් තියෙන පෞද්ගලික රෝහල් සමාගමකටම දීල දාපුවම? එතැනින් ලැබෙන බිල අසරණ රෝගීන්ට ගෙවාගන්න පුළුවන් ද? මේ කරන්නේ ‘දූෂණය, වංචාව, හොරකම’ පෙන්වලා වැරැදි ප්‍රතිකර්මයට ජනතාවගේ ඔළුව හදන එක”
මෙම ජනහමුව අමතා ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී යූ. ධනවංශ මහතා ද අදහස් දැක්වීය.
මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී ශෂී පෙරේරා මහතා ද එක්ව සිටියේය.
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
ජාතික නිදහස් පෙරමුණ,
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..