
76 වැනි නිදහස් දින සැමරුම් උළෙල හෙට ගාලුමුවදොර දී
76 වැනි නිදහස් දින සැමරුම් උළෙල ‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ ගාලුමුවදොර අබියසදී පෙබරවාරි 4 දා අභිමානවත් ලෙස සැමරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ආරාධනය පරිදි මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැති සෙට්ඨා තවිසින් මහතා සහභාගි වන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පවසයි.
මෙම අවස්ථාවට තායිලන්ත අගමැතිවරයා සමග දූත පිරිසක් ද එම තානාපතිවරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් ද සහභාගි වන අතර සාමාන්‍ය ජනතාව සඳහා නිදහස් පෙළපාලිය නැරඹීම සඳහා මෙවර අවස්ථාව හිමි නොවේ.
නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය සහ ජාතික ශිෂ්‍ය භට බළකායේ සාමාජිකයෝ එක්වෙති.
මේ සඳහා නිලධාරීන් 241 දෙනකු සමග ආරක්‍ෂක අංශ සාමාජිකයන් 6125ක් සහභාගි වන බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
සැමරුම් පෙළපාලිය සඳහා ගුවන්යානා 19ක් සමග ගුවන් හමුදාවේ නව තාක්‍ෂණ නිපැයුම් මෙවර පෙළපාලියට එක්කරන බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා පවසයි. නාවික හමුදා රථ පෙළපාලියට සමගාමීව නාවික හමුදාව සතු නැව් කිහිපයක් ගාලුමුවදොර අබියස මුහුදේ ගමන් කරමින් ප්‍රදර්ශනයට සහාය වන බව ද වාර්තා වේ.
නිදහස් දින සැමරුම වෙනුවෙන් 03 වැනිදා සවස 2.00 සිට 04 වැනිදා දහවල් 12.00 පමණ වන තෙක් කොල්ලුපිටියේ සිට ගාලුමුවදොර දක්වා පාර වසා දමන බවත්, නිදහස්දා රථවාහන සහ ආරක්‍ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 4000ක් පමණ දෙනා යොදවන බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
