News Category
From Date
To Date
Maximum Number of Result

කතානායක, ඔන්ලයින් පනතට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ කොටසක් මඟහරිමින්, අනීතිකව අනුමැතිය දුන්නා - සජිත්ගෙන් චෝදනා

Feb 4, 2024 at 06:43 AM
|

සමගි ජන බලවේගය විරුද්ධ වුවත් මාර්ගගත සුරක්ෂිත පනත පාර්ලිමේන්තුවේ අනුමත වී කතානායකවරයා මෙය සහතික කළත් මීට පෙර එම පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ලක් කර සිදුවිය යුතු සංශෝධන පාර්ලිමේන්තුවට ලබා දුන්නත් පෙනෙන ආකාරයට වත්මන් කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ කොටසක් මඟහරිමින් අවදානය යොමු නොකරමි අනීතිකව මෙම දේශපාලන නායකයෝ ආරක්ෂා කරන පනතට අනුමැතිය ලබා දුන් බව විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම පනත සමගි ජන බලවේග නිතිඥ කණ්ඩායමක් හරහා සිදු කරන ලද විශ්ලේෂණයෙන් අනාවරණය වූයේ ස්ථාන 9කදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (3) ‘ජවය’ ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂ හමුවට එක්වෙමිනි.

ඒ අනුව 24 වැනි වගන්තිය (පනත් කෙටුම්පතේ 27 වැනි වගන්තිය) සමග කියවිය යුතු 11 (ඇ) වගන්තිය අනුව අන්තර්ජාල ප්‍රවේශ සේවා සම්පාදකයෙකු හෝ අන්තර්ජාල අතරමැදියෙකු හට මාර්ගගත ස්ථානයක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව අහිමි කිරීම සඳහා කරුණු විභාග කර බැලීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයෙකු විසින් ලබාදෙනු ලබන නියෝගයක් අවශ්‍ය බැව් අධිකරණය විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබිණි. එනමුත් වත්මන් පනත මගින් මහේස්ත්‍රාත් විභාගයකින් තොරව අන්තර්ජාල ප්‍රවේශ සේවා සම්පාදකයෙකු හෝ අන්තර්ජාල අතරමැදියෙකු හට එරෙහිව කොන්දේසි සහිත නියෝග නිකුත් කිරීමේ බලය ලබාදෙන බව විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම 13 වගන්තිය අනුව නීතිපතිවරයාගේ සංශෝධනයනට අමතරව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් 13 වැනි වගන්තියට (පනත් කෙටුම්පතේ 13 වැනි වගන්තියට) තවදුරටත් සංශෝධන ගෙනආ යුතු බවට තීරණයේ 46 සහ 47 පිටු තුළ අධිකරණය විසින් යෝජනා කරන ලද නමුත් එම අතිරේක සංශෝධන හඳුන්වාදී නොමැති බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

තවද 16 වැනි වගන්තිය (පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය) සහ 19 වැනි වගන්තිය තුළ ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීමේ නාමයෙන් අන්තර්ජාල පරිශීලකයන්ට බියෙන් ‌තොරව අන්තර්ජාලයේ සැරිසැරීම හා අන්තර් ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය ආරක්ෂිත පරිසරය බිඳ හෙළනු ලබන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හා නිසි පරිදි අනුගත වීමට නම් 16 වැනි වගන්තිය ඉවත් කළ යුතු බවත් 19 වැනි වගන්තිය (පනත් කෙටුම්පතේ 21 වැනි වගන්තිය) අනුව උක්ත 16 වැනි වගන්තියේදී මෙන්ම මෙහිදිද කැරැල්ලක් ‌හෝ රජයට විරුද්ධව වරදක් සිදු කිරීමේ චෝදනා මත අන්තර්ජාල පරිශීලකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවට ඔවුන් වෙත අනවශ්‍ය සීමා පැනවීමක් සිදුවන බැවින් මෙම 19 වැනි වගන්තියද ඉවත් කළ යුතුවන බවට නිර්දේශ කර ඇති මුත් එම නියෝග රජය අමතක කර ඇති බවත් පැවසීය.

එමෙන්ම 20 වැනි වගන්තිය (පනත් කෙටුම්පතේ 22 වැනි වගන්තිය) තීරණයේ 61 පිටුවේ, වගන්තියේ නිදර්ශනය සංශෝධනය කිරීම අධිකරණය නිර්දේශ කර ඇති මුත් රජය තමන්ට අවශ්‍ය ආකාරයට එය සම්මත කර ඇති බවත් ඊට අමතරව විද්‍යුත් තැපෑල, කෙටි පනිවිඩ, පුද්ගලයන් දෙදෙනකු අතර සන්නිවේදන කොන්දේසි සහිතව නිදහස් කිරිම යන වගන්තිය වෙනස් කරන්න අධිකරණය කිව්වත් රජය එය වෙනසකින් තොරව යොමු කර ඇති බවත් පැවසීය.

අධිකරණය විසින් සිය තීරණයේ 60 වැනි පිටුව තුළ විමර්ශනයක් සිදුවෙමින් පවත්නා අතරතුර හෙළිදරව් විය හැකි තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා පනත් කෙටුම්පත තුළ විධිවිධාන නොමැති බවට නිරීක්ෂණය කරන ලදුව එවන් වගන්තියක් එක්කළ යුතු බවට යෝජනා කරන ලදී. එහිදී විමර්ශන නිලධාරීන් සිය තොරතුරු සම්බන්ධ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු බවට පනවන එම නව වගන්තිය තුළ එසේ කටයුතු නොකරන නිලධාරීන් වෙත ලබාදිය යුතු දඬුවම්ද නිශ්චය කරන ලදී. එනමුදු පනත තුළ එවන් නව වගන්තියක් දක්නට නොලැබෙන බවත් 61 පිටුවේ සලකා බලනු ලබන ප්‍රතිපාදනයක් අවශ්‍ය බවට අධිකරණය විසින් නිරීක්ෂණය කරන ලද අතර සුදුසු සංශෝධනයක් යෝජනා කරන ලදී. නමුත් මෙයද කතානායකවරයා සහ රජය මගහැර ඒ ආකාරයෙන්ම අනුමත කර ඇති බවත් පැවසීය.

20, 29(6), 30(1), සහ 31(1) වගන්ති වලින් පළමු වරදකට ලබා දෙන දඩුවමකට පසුව වරදක් කළ පසුත් ලබා දෙන දඩුවම ඊටත් වඩා වැඩි වීම ගැන අධිකරණය මෙය වෙනස් විය යුතු වුවත් වෙනස් කළ යුතු අවස්ථා 9ක් රජය තැකීමකට ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මෙහි දී රජය, කතානායකවරයා විසින් අනීතිකව කටයුතු කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 (4) පැහැදිලිව සදහන් ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නිර්දේශ පනත් කෙටුම්පත්වලට ඇතුළත් විය යුතු වුවත් රජය එවැනි දෙයක් සිදු කර නොමැති බවත් මෙය සම්මත කර ගැනීමට පෙර මේ ගැන සොයා බලන ලෙස කතානායකවරයාට පැවසුවත් ඔහු එය සවන් නොදී ආණ්ඩුවට ඕනෑ ආකාරයට කටයුතු කළ බවත් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතානායකවරයා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඔහුගේ හැසිරීම අශීලාචාර අනීතික ව්‍යවස්ථා විරෝධි බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

බාල බෙහෙත් සමාජයට නිකුත් කිරීමේ වරද ගැන සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ සමහර විපක්ෂයේ විකල්ප විප්ලවකාරි කණ්ඩායම් එයට විරුද්ධ වූ බවත් දින 3ක් මේ ගැන වාද විවාද කළත් අවසානයේ ලැජ්ජා නැති පොහොට්ටුවේ 113ක් කෙහෙලියව රැක්ක බවත් අත්අඩංගුවට ගත් කෙහෙලිය පමණක් නොව බාල බෙහෙත් තුළින් මිනිසුන් විනාශ කළ කෙහෙලිය රකින්න අත් ඉස්සු 113ත් වගකිව යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

සාක්ෂි තිබියදීත් කෙහෙලිය තවමත් ඇමති පුටුවේ බවත් මොහුව ඉවත් කරන්න ජනපතිට කොන්දක් නැති බවත් ජනපතිට කොන්දක් නැතිනම් කෙහෙලියට විරුද්ධව ගෙන එන නව විශ්වාසභංගයේදී සහාය දක්වන ලෙස පොහොට්ටුවට කියා සිටින බවත් විපක්ස නායකවරයා තවදුරටත් පැවසීය.

තමා දේශපාලනය කරන්නේ පවුල හෝ පවුලේ සාමාජිකයන් හෝ වෙන කවුරුන් හෝ රජකරවන්න නොව රටේ ජනතාව රජ කරවීමට බවත් එම නිසා පක්ෂයට ගත යුතු සහ නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසත් වසර ගණනාවක් අත්දැකීම් ඇති නිසා නිවැරදි දේ තමා දන්නා බවත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න බැරි නම් පක්ෂය හැරදා ගියාට තමා අමනාප නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුද්ගලික කරුණු කාරණා කේන්ද්‍ර කර ගෙන පුද්ගලයන් සම්බන්ධ කර නොගන්නා බවත් එවැනි පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් සැළකිලිමත් වන්නේ පරිණත නොවන පුද්ගලයන් බවත් දේශපාලනය තුළ පරිණත හා පුළුල් දැක්මක් සහිත පුද්ගලයන් සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

දුර්වල තැන්වල වෙනස්කම් සිදු කළ යුතු බවත් ඒ තැනට පත් නොකර නිවැරදිව වැඩ කරන ලෙසත් කිසිවකු ඉවත් කිරීමෙන් තමා සතුටක් නොලබන බවත් මේ මැතිවරණ වසරේ හිතවත්කම් මත කටයුතු කළ නොහැකි බවත් ජනතාව හමුවට ගොස් යුතුකම් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය නායකයාට නොව සාමාජිකයන්ට අයිති පක්ෂයක් බවත් එය ජයග්‍රාහී තැනට ගෙන ඒමේ අභියෝගය නායකයා ලෙස තමාට ඇති බවත් පක්ෂයට පුළුල් කරන්න කෘත්‍යාධිකාරි මණ්ඩලය අවසර දුන් බවත් එම නිසා විවිධ පුද්ගලයන් පක්ෂයට බදවා ගත් නමුත් කිසිදු ජාතිවාදියෙක් ආගම්වාදියෙක් දූෂිතයෙක් වංචාකාරයෙක් බදවා නොගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තැන්තැන්වල ගොස් විවිධ කතා කියා පක්ෂය වට්ටවන්නේ නැතිව කයිවාරු නොගහ පක්ෂය වට්ටවන්නේ නැතිව කටයුතු කරන ලෙසත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ විවේචනය කරන අයට විරුද්ධව තරා තිරම නොබලා විනය පරීක්ෂණ පවත්වන බවත් සෘජු තීන්දු ගැනීමේ දී තමා කාටවත් බය නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.