News Category
From Date
To Date
Maximum Number of Result

කතානායක, ඔන්ලයින් පනතට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ කොටසක් මඟහරිමින්, අනීතිකව අනුමැතිය දුන්නා - සජිත්ගෙන් චෝදනා

Feb 4, 2024 at 06:43 AM
|

සමගි ජන බලවේගය විරුද්ධ වුවත් මාර්ගගත සුරක්ෂිත පනත පාර්ලිමේන්තුවේ අනුමත වී කතානායකවරයා මෙය සහතික කළත් මීට පෙර එම පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ලක් කර සිදුවිය යුතු සංශෝධන පාර්ලිමේන්තුවට ලබා දුන්නත් පෙනෙන ආකාරයට වත්මන් කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ කොටසක් මඟහරිමින් අවදානය යොමු නොකරමි අනීතිකව මෙම දේශපාලන නායකයෝ ආරක්ෂා කරන පනතට අනුමැතිය ලබා දුන් බව විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම පනත සමගි ජන බලවේග නිතිඥ කණ්ඩායමක් හරහා සිදු කරන ලද විශ්ලේෂණයෙන් අනාවරණය වූයේ ස්ථාන 9කදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (3) ‘ජවය’ ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂ හමුවට එක්වෙමිනි.

ඒ අනුව 24 වැනි වගන්තිය (පනත් කෙටුම්පතේ 27 වැනි වගන්තිය) සමග කියවිය යුතු 11 (ඇ) වගන්තිය අනුව අන්තර්ජාල ප්‍රවේශ සේවා සම්පාදකයෙකු හෝ අන්තර්ජාල අතරමැදියෙකු හට මාර්ගගත ස්ථානයක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව අහිමි කිරීම සඳහා කරුණු විභාග කර බැලීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයෙකු විසින් ලබාදෙනු ලබන නියෝගයක් අවශ්‍ය බැව් අධිකරණය විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබිණි. එනමුත් වත්මන් පනත මගින් මහේස්ත්‍රාත් විභාගයකින් තොරව අන්තර්ජාල ප්‍රවේශ සේවා සම්පාදකයෙකු හෝ අන්තර්ජාල අතරමැදියෙකු හට එරෙහිව කොන්දේසි සහිත නියෝග නිකුත් කිරීමේ බලය ලබාදෙන බව විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම 13 වගන්තිය අනුව නීතිපතිවරයාගේ සංශෝධනයනට අමතරව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් 13 වැනි වගන්තියට (පනත් කෙටුම්පතේ 13 වැනි වගන්තියට) තවදුරටත් සංශෝධන ගෙනආ යුතු බවට තීරණයේ 46 සහ 47 පිටු තුළ අධිකරණය විසින් යෝජනා කරන ලද නමුත් එම අතිරේක සංශෝධන හඳුන්වාදී නොමැති බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

තවද 16 වැනි වගන්තිය (පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය) සහ 19 වැනි වගන්තිය තුළ ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීමේ නාමයෙන් අන්තර්ජාල පරිශීලකයන්ට බියෙන් ‌තොරව අන්තර්ජාලයේ සැරිසැරීම හා අන්තර් ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය ආරක්ෂිත පරිසරය බිඳ හෙළනු ලබන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හා නිසි පරිදි අනුගත වීමට නම් 16 වැනි වගන්තිය ඉවත් කළ යුතු බවත් 19 වැනි වගන්තිය (පනත් කෙටුම්පතේ 21 වැනි වගන්තිය) අනුව උක්ත 16 වැනි වගන්තියේදී මෙන්ම මෙහිදිද කැරැල්ලක් ‌හෝ රජයට විරුද්ධව වරදක් සිදු කිරීමේ චෝදනා මත අන්තර්ජාල පරිශීලකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවට ඔවුන් වෙත අනවශ්‍ය සීමා පැනවීමක් සිදුවන බැවින් මෙම 19 වැනි වගන්තියද ඉවත් කළ යුතුවන බවට නිර්දේශ කර ඇති මුත් එම නියෝග රජය අමතක කර ඇති බවත් පැවසීය.

එමෙන්ම 20 වැනි වගන්තිය (පනත් කෙටුම්පතේ 22 වැනි වගන්තිය) තීරණයේ 61 පිටුවේ, වගන්තියේ නිදර්ශනය සංශෝධනය කිරීම අධිකරණය නිර්දේශ කර ඇති මුත් රජය තමන්ට අවශ්‍ය ආකාරයට එය සම්මත කර ඇති බවත් ඊට අමතරව විද්‍යුත් තැපෑල, කෙටි පනිවිඩ, පුද්ගලයන් දෙදෙනකු අතර සන්නිවේදන කොන්දේසි සහිතව නිදහස් කිරිම යන වගන්තිය වෙනස් කරන්න අධිකරණය කිව්වත් රජය එය වෙනසකින් තොරව යොමු කර ඇති බවත් පැවසීය.

අධිකරණය විසින් සිය තීරණයේ 60 වැනි පිටුව තුළ විමර්ශනයක් සිදුවෙමින් පවත්නා අතරතුර හෙළිදරව් විය හැකි තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා පනත් කෙටුම්පත තුළ විධිවිධාන නොමැති බවට නිරීක්ෂණය කරන ලදුව එවන් වගන්තියක් එක්කළ යුතු බවට යෝජනා කරන ලදී. එහිදී විමර්ශන නිලධාරීන් සිය තොරතුරු සම්බන්ධ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු බවට පනවන එම නව වගන්තිය තුළ එසේ කටයුතු නොකරන නිලධාරීන් වෙත ලබාදිය යුතු දඬුවම්ද නිශ්චය කරන ලදී. එනමුදු පනත තුළ එවන් නව වගන්තියක් දක්නට නොලැබෙන බවත් 61 පිටුවේ සලකා බලනු ලබන ප්‍රතිපාදනයක් අවශ්‍ය බවට අධිකරණය විසින් නිරීක්ෂණය කරන ලද අතර සුදුසු සංශෝධනයක් යෝජනා කරන ලදී. නමුත් මෙයද කතානායකවරයා සහ රජය මගහැර ඒ ආකාරයෙන්ම අනුමත කර ඇති බවත් පැවසීය.

20, 29(6), 30(1), සහ 31(1) වගන්ති වලින් පළමු වරදකට ලබා දෙන දඩුවමකට පසුව වරදක් කළ පසුත් ලබා දෙන දඩුවම ඊටත් වඩා වැඩි වීම ගැන අධිකරණය මෙය වෙනස් විය යුතු වුවත් වෙනස් කළ යුතු අවස්ථා 9ක් රජය තැකීමකට ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මෙහි දී රජය, කතානායකවරයා විසින් අනීතිකව කටයුතු කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 (4) පැහැදිලිව සදහන් ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නිර්දේශ පනත් කෙටුම්පත්වලට ඇතුළත් විය යුතු වුවත් රජය එවැනි දෙයක් සිදු කර නොමැති බවත් මෙය සම්මත කර ගැනීමට පෙර මේ ගැන සොයා බලන ලෙස කතානායකවරයාට පැවසුවත් ඔහු එය සවන් නොදී ආණ්ඩුවට ඕනෑ ආකාරයට කටයුතු කළ බවත් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතානායකවරයා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඔහුගේ හැසිරීම අශීලාචාර අනීතික ව්‍යවස්ථා විරෝධි බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

බාල බෙහෙත් සමාජයට නිකුත් කිරීමේ වරද ගැන සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ සමහර විපක්ෂයේ විකල්ප විප්ලවකාරි කණ්ඩායම් එයට විරුද්ධ වූ බවත් දින 3ක් මේ ගැන වාද විවාද කළත් අවසානයේ ලැජ්ජා නැති පොහොට්ටුවේ 113ක් කෙහෙලියව රැක්ක බවත් අත්අඩංගුවට ගත් කෙහෙලිය පමණක් නොව බාල බෙහෙත් තුළින් මිනිසුන් විනාශ කළ කෙහෙලිය රකින්න අත් ඉස්සු 113ත් වගකිව යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

සාක්ෂි තිබියදීත් කෙහෙලිය තවමත් ඇමති පුටුවේ බවත් මොහුව ඉවත් කරන්න ජනපතිට කොන්දක් නැති බවත් ජනපතිට කොන්දක් නැතිනම් කෙහෙලියට විරුද්ධව ගෙන එන නව විශ්වාසභංගයේදී සහාය දක්වන ලෙස පොහොට්ටුවට කියා සිටින බවත් විපක්ස නායකවරයා තවදුරටත් පැවසීය.

තමා දේශපාලනය කරන්නේ පවුල හෝ පවුලේ සාමාජිකයන් හෝ වෙන කවුරුන් හෝ රජකරවන්න නොව රටේ ජනතාව රජ කරවීමට බවත් එම නිසා පක්ෂයට ගත යුතු සහ නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසත් වසර ගණනාවක් අත්දැකීම් ඇති නිසා නිවැරදි දේ තමා දන්නා බවත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න බැරි නම් පක්ෂය හැරදා ගියාට තමා අමනාප නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුද්ගලික කරුණු කාරණා කේන්ද්‍ර කර ගෙන පුද්ගලයන් සම්බන්ධ කර නොගන්නා බවත් එවැනි පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් සැළකිලිමත් වන්නේ පරිණත නොවන පුද්ගලයන් බවත් දේශපාලනය තුළ පරිණත හා පුළුල් දැක්මක් සහිත පුද්ගලයන් සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

දුර්වල තැන්වල වෙනස්කම් සිදු කළ යුතු බවත් ඒ තැනට පත් නොකර නිවැරදිව වැඩ කරන ලෙසත් කිසිවකු ඉවත් කිරීමෙන් තමා සතුටක් නොලබන බවත් මේ මැතිවරණ වසරේ හිතවත්කම් මත කටයුතු කළ නොහැකි බවත් ජනතාව හමුවට ගොස් යුතුකම් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය නායකයාට නොව සාමාජිකයන්ට අයිති පක්ෂයක් බවත් එය ජයග්‍රාහී තැනට ගෙන ඒමේ අභියෝගය නායකයා ලෙස තමාට ඇති බවත් පක්ෂයට පුළුල් කරන්න කෘත්‍යාධිකාරි මණ්ඩලය අවසර දුන් බවත් එම නිසා විවිධ පුද්ගලයන් පක්ෂයට බදවා ගත් නමුත් කිසිදු ජාතිවාදියෙක් ආගම්වාදියෙක් දූෂිතයෙක් වංචාකාරයෙක් බදවා නොගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තැන්තැන්වල ගොස් විවිධ කතා කියා පක්ෂය වට්ටවන්නේ නැතිව කයිවාරු නොගහ පක්ෂය වට්ටවන්නේ නැතිව කටයුතු කරන ලෙසත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ විවේචනය කරන අයට විරුද්ධව තරා තිරම නොබලා විනය පරීක්ෂණ පවත්වන බවත් සෘජු තීන්දු ගැනීමේ දී තමා කාටවත් බය නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතු යැයි ඉගෙන ගත යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.
පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

ප්‍රධාන පුවත්

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතු යැයි ඉගෙන ගත යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.