News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ තීරණාත්මක ඇගැයීමක් සඳහා ලබන 11 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව සැලකිල්ලට ගෙන වහාම නඩු පවරන ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතීඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරා මහතාත් අග්‍රාමාත්‍ය අපේක්ෂ ලෙස නාමල් රාජපක්ෂ මහතාත් නම් කරනු ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම සඳහා නව නව නීතියක් හඳුන්වාදීමට උත්සාහ දරන්නේ මූල්‍ය අරමුදලේ බලපෑම නිසා නොව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දේවත්වයෙන් විශ්වාස කරන නව යටත් විජිතකරණ මහා න්‍යායපත්‍රයට අනුව යැයි පැහැදිළි වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඇති වූ ආර්ථික අර්බුදයත් සමග බදු බර ජනතාව මත පැටවීම හේතුවෙන් දැඩි දිළිඳුභාවයට පත්වූ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය පනස් පන් ලක්‍ෂය ඉක්මවා ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා මගින් තහවුරු වී තිබේ.

නත්තල සහ අලුත් අවුරුදු සමයේ ඉහළ ගිය එළවළු සහ මත්ස්‍ය මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

2003 දී 'යළි පුබුදමු ශ‍්‍රී ලංකා' යටතේ ඉදිරිපත් කළ විදුලිය පුද්ගලීකරණය කිරීමේ පනත ජනාධිපතිවරයාගේ උවමනාවට නැවත ඉදිරිපත් කරන විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඊට අනුමැතිය ලබාදීම සඳහා ජනවරමක් ලැබී නැති බවත්, එම පනත වහාම හකුළා ගන්නා ලෙසත් දන්වමින් ජනිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාට ලිපියක් යොමුකර තිබේ.

රටේ ඒකීය භාවය සුරකින බවට ප්‍රතිඥා දී තිබියදීත් මෙරට සිංහල බෞද්ධ උරුමය විනාශ වෙමින් පවතින බවත්, එබැවින් හිමාලයා ප්‍රකාශනය හරහා කෙබඳු තත්ත්වයක් නිර්මාණය විය හැකිද යන්න ජනතාව තේරුම්ගත යුතු බවත් ජාතික උරුමයන් සුරැකීමේ මධ්‍යස්ථානයේ නියෝජිත නීතිඥ එස්.කේ.ඒ. එස් සේනානායක මහතා පවසයි.

හිමාලයා ප්‍රකාශනයේ දිගුවක් ලෙස ක්‍රියාත්මක කිරීමට යන සත්‍ය සෙවීමේ කොමිසම් පනත බලාත්මක කිරීමෙන් 13 වැනි සංශෝධනය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නිර්මාණය වන බවත්, 2009 දී රට බෙදීම වළක්වා ලැබූ යුද ජයග්‍රහණය හේතුවෙන් බෙදුම්වාදීන්ගේ කේවල් කිරීමේ බලය අහෝසි වුවද, මේ හරහා නැවත එම කේවල් කිරීමේ බලය බෙදුම්වාදීන්ගේ අතට ලැබෙන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.