මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් කැබිනට්ටුවට
සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකිවන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන විශේෂ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160 දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් ඍජුවම තෝරාපත් කරගත යුතු බවය. ඉතිරි මන්ත්‍රීන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරාගත යුතු බවත් එහි සඳහන්ය.
දැනට කලකට පෙර පක්ෂ නායකයන්ගේ මත විමසීමකින් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් මගින් ද මත විමසුමක් සිදු කරන ලදී. ඒ අනුව යට කී ලෙස ඡන්ද ක්‍රමය සංශෝධනයට කැමැත්ත පළ වී ඇති බැවින් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂා කරන වගත් අමාත්‍ය රාජපක්ෂගේ යෝජනාවෙහි වැඩිදුරටත් දැක්වෙයි.
දැනට ක්‍රියාත්මක වන සමානුපාතික ඡන්ද ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිපත්තිවලට පටහැණි බවත් දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය නීතිවිරෝධී වත්කම් රැස්කිරීම් ඇතුළු දූෂණ ක්‍රියාවලට මහජන නියෝජිතයන් පොළඹන බවත් ආණ්ඩුවේ අදහස වන බැවින් පවත්නා ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුව මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන වග දැනගන්නට තිබේ.
– Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්