News Category
From Date
To Date
Maximum Number of Result

පුල්මුඩේ ඛනිජ වැලි නිධියත් හොර රහසේ ඉන්දියාවට - පෙරටුගාමීන්ගෙන් චෝදනා

Mar 5, 2024 at 04:50 PM
|

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ඉන්දියානු සමාගම් වලින් අත්පත් කර ගනිමින් සිටින බවටත්, එම ව්‍යාපෘතියට උචිත ලෙස රාජ්‍ය නීති පද්ධතිය වෙනස් කරන බවටත්, ඒ සඳහා ඛනිජ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් අත්තනෝමතිකව තහවුරු කරමින් සිටින බවටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. 

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාර්තු 5 වැනිදා නුගේගොඩ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

"එක වරම පරිසර අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ඛනිජ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එක ප්‍රශ්නයක් තමයි මේ ආණ්ඩුවට වසර ගණන්, දශක ගණන්, පරම්පරා ගණන් බලපාන ජාතික ප්‍රතිපත්ති සම්මත කරන්න බලයක් හෝ ජන වරමක් තිබේද යන්න. එහෙම බලයක් නෑ. සමාජ අනුමතියකුත් නෑ. මේ ජනාධිපතිවරයා අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙන්නවත් නුසුදුසුයි කියලා ජනතාව තීරණය කළ කෙනෙක්. මේ පාර්ලිමේන්තුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තුවක්. ආණ්ඩුවේ සිටින පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගත්තොත් ඔවුන් මේ ප්‍රතිපත්තියට එරෙහි ප්‍රතිපත්තියක් පෙන්වලා ජනතාවගේ ඡන්දය ගත්ත අය. ඒ කාටවත් මේ සඳහා අයිතියක්, බලයක් හෝ ජන වරමක් නෑ.

ඊළඟ ප්‍රශ්නය තමයි මේ ඛනිජ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියේ අන්තර්ගතය. එය මෙතෙක් ලංකාවේ පැවතුනු නීතියේ තීරණාත්මක වෙනසක් සිදු කර තිබෙනවා. මේ වනතුරු ලංකාවේ නීතිය තියෙන්නේ ඛනිජ සම්පත් රජයට අයිතියි කියලා. ඒ නිසා තමයි ඛනිජ කැනීම් බලපත්‍රයක් නැතිව තමන්ට අයිති ඉඩමක පවා ඛනිජ කැනීමට නීතියෙන් ඉඩක් නැත්තේ. ඒ නිසා තමයි ඛනිජ සඳහා රාජ්‍ය භාගයක් අය කරන්නේ. මේ අලුත් ප්‍රතිපත්තියේ කරලා තියෙන්නේ යම් භූමියක අඩංගු ඛනිජ පිලිබඳ තීරණ ගැනීමේදී එම ඉඩමේ අයිතිකරුට ඇති බලය වැඩි කරලා. මේ අලුත් ජාතික ප්‍රතිපත්තියේ 7 වන මූලධර්මයට අනුව ඉඩමේ අයිතිකරුට ඛනිජ කැනීමේ බලයක් හිමි වෙනවා විතරක් නෙවෙයි, කැනීම් බලපත්‍රය වෙනත් කෙනෙකුට ලබා දෙන්නත් පුළුවන්. මීට පෙර මුලින්ම 2023 මැයි 24 වැනිදා මෙවැනි ඉඩක් ලබාදෙන රෙගුලාසියක් නිකුත් කළා. ඊට පස්සේ 2024 ජනවාරි 4 වැනිදා ඉඩම් හිමියන්ට විශේෂ අයිතියක් හිමිවන ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒකට අනුව මන්නාරමේ සහ ත්‍රිකුණාමලයේ ඛනිජ සම්පත් විවිධ ඉන්දියානු සමාගම් විසින් අත්පත් කර ගත්තා. මේ තියෙන්නේ ඒ විවිධ සමාගම් කැනීම් බලපත්‍ර අරන් තිබෙන ප්‍රදේශ වල සිතියම්, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ වෙබ් අඩවියේ තිබුණු ඒවා. ඊට අමතරව රජයේ ඉඩම් අක්කර 100කුත් බදු ගත්තා. එය කලේ විවිධ නම් වලින් පෙනී සිටින ඉන්දියානු සමාගම්. දැන් මේ සමාගම් හරහා ඉන්දියාව ලංකාවේ ඉතාම වටිනා ඛනිජ සම්පත් අත්පත් කර ගනිමින් ඉන්නවා. අවසානයේදී මේ මංකොල්ලය සඳහා ජාතික ප්‍රතිපත්තියකුත් හදලා.

මේ ආණ්ඩු ජලය සම්බන්ධයෙන් කළේ මේකේ අනෙක් පැත්ත. ජල සම්පත සමාගම් වලට විකුනන්න ඕන වුණාම දැනට භූගත ජලය සහ පොලොව මතුපිට ජලය ජනතාව සතුයි කියලා තිබෙන නීතිය එය රජය සතුයි කියලා වෙනස් කරන්න හැදුවා. ඒකෙන් උත්සාහ කළේ ජලය රජය සතුනම් රජයට ඒවා සමාගම් වලට විකුණන්න සහ බදු දෙන්න පුළුවන්, රජයට අයිති ජලය පාවිච්චි කරන ජනතාවගෙන් බදු ගන්න පුළුවන් කියන එක නීතිගත කර ගන්න. 1998දී චන්ද්‍රිකාත්, 2002දී රනිලුත්, 2007දී මහින්දත් මේ උත්සාහය කළා, නමුත් ජනතාවගේ විරෝධය නිසා ඒවා හකුලා ගන්න සිදු වුනා. දැන් රනිල් - රාජපක්ෂ හවුල උත්සාහ කරන්නේ දැනට රජය සතු ඛනිජ සම්පත් ඉඩම් හිමියා සතුයි කියලා නීතියක් හදලා, ඉඩම් හිමියා ඒ ඉඩම ඉන්දියානු සමාගමට විකුනලා හෝ බදු දීලා, වටිනා ඛනිජ සම්පත් ඉන්දියාව සතු කරන එක. මොනොසයිට් වගේ ඛනිජ වල විකිරණශීලී මූලද්‍රව්‍ය තිබෙනවා. ඉන්දියාව න්‍යෂ්ටික බලවතෙකු වීමට උත්සාහ කරන නිසා විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු වටිනා ඛනිජ අත්පත් කර ගන්න හදනවා වෙන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකුණාමලය - සාම්පූර් වගේ යුද උපායමාර්ගිකව වැදගත් පුල්මුඩේ වෙරල තීරය සිය හිමිකාරීත්වයට ගන්න අරමුණ ටිහ්බෙන්න පුළුවන්. ඒ මොකක් වුනත් ලංකාව භූ දේශපාලන මිලිටරි උගුලක පැටලෙනවා.

මේ විනාශයට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි. භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම, පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වල සිටින හෘදය සාක්ෂියක් ඇති රජයේ නිලධාරීන්ටත්, ඛනිජ පිලිබඳ විශේෂඥයන්ටත්, පොදු ජනතාවටත් අපි ආරාධනා කරනවා එක්සත් වී පුළුල් ව්‍යාපාරයක් ගොඩ නගන්න කියලා."

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.