News Category
From Date
To Date
Maximum Number of Result

පුල්මුඩේ ඛනිජ වැලි නිධියත් හොර රහසේ ඉන්දියාවට - පෙරටුගාමීන්ගෙන් චෝදනා

Mar 5, 2024 at 04:50 PM
|

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ඉන්දියානු සමාගම් වලින් අත්පත් කර ගනිමින් සිටින බවටත්, එම ව්‍යාපෘතියට උචිත ලෙස රාජ්‍ය නීති පද්ධතිය වෙනස් කරන බවටත්, ඒ සඳහා ඛනිජ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් අත්තනෝමතිකව තහවුරු කරමින් සිටින බවටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. 

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාර්තු 5 වැනිදා නුගේගොඩ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

"එක වරම පරිසර අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ඛනිජ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එක ප්‍රශ්නයක් තමයි මේ ආණ්ඩුවට වසර ගණන්, දශක ගණන්, පරම්පරා ගණන් බලපාන ජාතික ප්‍රතිපත්ති සම්මත කරන්න බලයක් හෝ ජන වරමක් තිබේද යන්න. එහෙම බලයක් නෑ. සමාජ අනුමතියකුත් නෑ. මේ ජනාධිපතිවරයා අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙන්නවත් නුසුදුසුයි කියලා ජනතාව තීරණය කළ කෙනෙක්. මේ පාර්ලිමේන්තුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තුවක්. ආණ්ඩුවේ සිටින පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගත්තොත් ඔවුන් මේ ප්‍රතිපත්තියට එරෙහි ප්‍රතිපත්තියක් පෙන්වලා ජනතාවගේ ඡන්දය ගත්ත අය. ඒ කාටවත් මේ සඳහා අයිතියක්, බලයක් හෝ ජන වරමක් නෑ.

ඊළඟ ප්‍රශ්නය තමයි මේ ඛනිජ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියේ අන්තර්ගතය. එය මෙතෙක් ලංකාවේ පැවතුනු නීතියේ තීරණාත්මක වෙනසක් සිදු කර තිබෙනවා. මේ වනතුරු ලංකාවේ නීතිය තියෙන්නේ ඛනිජ සම්පත් රජයට අයිතියි කියලා. ඒ නිසා තමයි ඛනිජ කැනීම් බලපත්‍රයක් නැතිව තමන්ට අයිති ඉඩමක පවා ඛනිජ කැනීමට නීතියෙන් ඉඩක් නැත්තේ. ඒ නිසා තමයි ඛනිජ සඳහා රාජ්‍ය භාගයක් අය කරන්නේ. මේ අලුත් ප්‍රතිපත්තියේ කරලා තියෙන්නේ යම් භූමියක අඩංගු ඛනිජ පිලිබඳ තීරණ ගැනීමේදී එම ඉඩමේ අයිතිකරුට ඇති බලය වැඩි කරලා. මේ අලුත් ජාතික ප්‍රතිපත්තියේ 7 වන මූලධර්මයට අනුව ඉඩමේ අයිතිකරුට ඛනිජ කැනීමේ බලයක් හිමි වෙනවා විතරක් නෙවෙයි, කැනීම් බලපත්‍රය වෙනත් කෙනෙකුට ලබා දෙන්නත් පුළුවන්. මීට පෙර මුලින්ම 2023 මැයි 24 වැනිදා මෙවැනි ඉඩක් ලබාදෙන රෙගුලාසියක් නිකුත් කළා. ඊට පස්සේ 2024 ජනවාරි 4 වැනිදා ඉඩම් හිමියන්ට විශේෂ අයිතියක් හිමිවන ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒකට අනුව මන්නාරමේ සහ ත්‍රිකුණාමලයේ ඛනිජ සම්පත් විවිධ ඉන්දියානු සමාගම් විසින් අත්පත් කර ගත්තා. මේ තියෙන්නේ ඒ විවිධ සමාගම් කැනීම් බලපත්‍ර අරන් තිබෙන ප්‍රදේශ වල සිතියම්, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ වෙබ් අඩවියේ තිබුණු ඒවා. ඊට අමතරව රජයේ ඉඩම් අක්කර 100කුත් බදු ගත්තා. එය කලේ විවිධ නම් වලින් පෙනී සිටින ඉන්දියානු සමාගම්. දැන් මේ සමාගම් හරහා ඉන්දියාව ලංකාවේ ඉතාම වටිනා ඛනිජ සම්පත් අත්පත් කර ගනිමින් ඉන්නවා. අවසානයේදී මේ මංකොල්ලය සඳහා ජාතික ප්‍රතිපත්තියකුත් හදලා.

මේ ආණ්ඩු ජලය සම්බන්ධයෙන් කළේ මේකේ අනෙක් පැත්ත. ජල සම්පත සමාගම් වලට විකුනන්න ඕන වුණාම දැනට භූගත ජලය සහ පොලොව මතුපිට ජලය ජනතාව සතුයි කියලා තිබෙන නීතිය එය රජය සතුයි කියලා වෙනස් කරන්න හැදුවා. ඒකෙන් උත්සාහ කළේ ජලය රජය සතුනම් රජයට ඒවා සමාගම් වලට විකුණන්න සහ බදු දෙන්න පුළුවන්, රජයට අයිති ජලය පාවිච්චි කරන ජනතාවගෙන් බදු ගන්න පුළුවන් කියන එක නීතිගත කර ගන්න. 1998දී චන්ද්‍රිකාත්, 2002දී රනිලුත්, 2007දී මහින්දත් මේ උත්සාහය කළා, නමුත් ජනතාවගේ විරෝධය නිසා ඒවා හකුලා ගන්න සිදු වුනා. දැන් රනිල් - රාජපක්ෂ හවුල උත්සාහ කරන්නේ දැනට රජය සතු ඛනිජ සම්පත් ඉඩම් හිමියා සතුයි කියලා නීතියක් හදලා, ඉඩම් හිමියා ඒ ඉඩම ඉන්දියානු සමාගමට විකුනලා හෝ බදු දීලා, වටිනා ඛනිජ සම්පත් ඉන්දියාව සතු කරන එක. මොනොසයිට් වගේ ඛනිජ වල විකිරණශීලී මූලද්‍රව්‍ය තිබෙනවා. ඉන්දියාව න්‍යෂ්ටික බලවතෙකු වීමට උත්සාහ කරන නිසා විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු වටිනා ඛනිජ අත්පත් කර ගන්න හදනවා වෙන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකුණාමලය - සාම්පූර් වගේ යුද උපායමාර්ගිකව වැදගත් පුල්මුඩේ වෙරල තීරය සිය හිමිකාරීත්වයට ගන්න අරමුණ ටිහ්බෙන්න පුළුවන්. ඒ මොකක් වුනත් ලංකාව භූ දේශපාලන මිලිටරි උගුලක පැටලෙනවා.

මේ විනාශයට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි. භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම, පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වල සිටින හෘදය සාක්ෂියක් ඇති රජයේ නිලධාරීන්ටත්, ඛනිජ පිලිබඳ විශේෂඥයන්ටත්, පොදු ජනතාවටත් අපි ආරාධනා කරනවා එක්සත් වී පුළුල් ව්‍යාපාරයක් ගොඩ නගන්න කියලා."

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.