ඉපැරණි සෙල් ලිපි තුනක් අම්පාරෙන් හමුවේ
ඉපැරණි සෙල් ලිපි තුනක් අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.
පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බක්මිටියාව - තිඹිරිගොල්ල රක්ෂිතයේ රොටවැව ජලාශයට ආසන්නයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඉපැරණි බෞද්ධාරාමයක නෂ්ඨාවශේෂ විසිරී ඇති බවට හදුනාගෙන ඇති ස්ථානයක පැරණි සෙල්ලිපි හතරක් සම්බන්දයෙන් අධ්‍යයනයක් කිරීම සදහා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් පසුගිය දා එම ස්ථානයට පැමිණ සිටියහ.
ඒ මහතා සමග කැළණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යන අංශයේ පස්චාත් උපාධි පාඨමාලාවක් හදාරන පිරිසක් පැමිණ සිටි අතර, මෙම ස්ථානයේ පිහිටි සෙල් ලිපි පිටපත් කර, එම සෙල්ලිපි වලින් කියවෙන දේ තේරුම්කර, මෙම ස්ථානයට ඓතිහාසික වටිනාකමක් ලබාදීම සහ වෘත්තීමය වශයෙන් කටයුතු කරමින් සිටින මෙම සිසු සිසුවියන්හට සෙල් ලිපි පිටපත් කිරීම සහ කියවීම පිළිබඳව ප්‍රායෝගික පුහුණවක් ලබාදීම මෙහි අරමුණ බව ඔහු පැවසීය.
මෙම සෙල් ලිපි මෙයට පෙර වාර්තාවී, හදුනාගැනීමක් සිදුවී නොමැති බැවින්, එහි අඩංගු කරුණු අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්දයෙන් ජනතාව දැණුවත් කිරීම සදහා ප්‍රසිද්ධියට පත්කිරීමට අදහස් කරන බවත්, ඔහු පැවසීය.ක්‍රි.ව.100 – 200 කාලයට, 300 – 400 කාලයට සහ ක්‍රි.ව.500 – 600 කාලයට අයත් මෙතෙක් වාර්තා නොවූ සෙල්ලිපියක් බව ඔහු කියයි.
මේ වනවිටත් පුරා විද්‍යා නිලධාරීන්ගේ ගවේෂණයට ලක් නොවූ මෙම ස්ථානය සිංහ පර්වත විහාරය ලෙසින් හදුනාගෙන ඇති අතර, පැරණි රජවරුන්ගේ වන්දනාමානයට ලක්වූ ස්ථානයක් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්