
ඉපැරණි සෙල් ලිපි තුනක් අම්පාරෙන් හමුවේ
ඉපැරණි සෙල් ලිපි තුනක් අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.
පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බක්මිටියාව - තිඹිරිගොල්ල රක්ෂිතයේ රොටවැව ජලාශයට ආසන්නයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඉපැරණි බෞද්ධාරාමයක නෂ්ඨාවශේෂ විසිරී ඇති බවට හදුනාගෙන ඇති ස්ථානයක පැරණි සෙල්ලිපි හතරක් සම්බන්දයෙන් අධ්‍යයනයක් කිරීම සදහා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් පසුගිය දා එම ස්ථානයට පැමිණ සිටියහ.
ඒ මහතා සමග කැළණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යන අංශයේ පස්චාත් උපාධි පාඨමාලාවක් හදාරන පිරිසක් පැමිණ සිටි අතර, මෙම ස්ථානයේ පිහිටි සෙල් ලිපි පිටපත් කර, එම සෙල්ලිපි වලින් කියවෙන දේ තේරුම්කර, මෙම ස්ථානයට ඓතිහාසික වටිනාකමක් ලබාදීම සහ වෘත්තීමය වශයෙන් කටයුතු කරමින් සිටින මෙම සිසු සිසුවියන්හට සෙල් ලිපි පිටපත් කිරීම සහ කියවීම පිළිබඳව ප්‍රායෝගික පුහුණවක් ලබාදීම මෙහි අරමුණ බව ඔහු පැවසීය.
මෙම සෙල් ලිපි මෙයට පෙර වාර්තාවී, හදුනාගැනීමක් සිදුවී නොමැති බැවින්, එහි අඩංගු කරුණු අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්දයෙන් ජනතාව දැණුවත් කිරීම සදහා ප්‍රසිද්ධියට පත්කිරීමට අදහස් කරන බවත්, ඔහු පැවසීය.ක්‍රි.ව.100 – 200 කාලයට, 300 – 400 කාලයට සහ ක්‍රි.ව.500 – 600 කාලයට අයත් මෙතෙක් වාර්තා නොවූ සෙල්ලිපියක් බව ඔහු කියයි.
මේ වනවිටත් පුරා විද්‍යා නිලධාරීන්ගේ ගවේෂණයට ලක් නොවූ මෙම ස්ථානය සිංහ පර්වත විහාරය ලෙසින් හදුනාගෙන ඇති අතර, පැරණි රජවරුන්ගේ වන්දනාමානයට ලක්වූ ස්ථානයක් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
