
ශ්‍රීලන්කන් විකිණීම තවත් දින 45ක් පස්සට... ලංසු එනකම් වියදම් කප්පාදු කරයි
ශ්‍රීලන්කන් ගුවන් සමාගම විකිණීමට අදාළ ලංසු කැඳවීම තව දින 45කට කල් දැමීමට රජය තීරණය කළ බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
එසේම ගුවන් සමාගම සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 510ක පමණ ණය මුදල ද මහා භාණ්ඩාගාරය යටතට පවරා ගැනීමට ද තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (04 දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබූ බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05දා) සිය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
"ශ්‍රීලන්කන් ගුවන් සමාගම විකිණීමට අදාළව ලංසු තැබීම පවරා ඇත්තේ ලෝක බැංකුව මගින් නම් කරන ලද ෂත්‍ක් නමැති සමාගමටයි. ගුවන් සමාගම සතුව දැනට පවතින රුපියල් බිලියන 1.2ක පමණ ණය මුදල සමග එය මිලදී ගැනීමට කිසිදු ගුවන් සමාගමක් මේ මොහොතේදී ඉදිරිපත් නොවනු ඇතැයි ෂත්‍ක් සමාගම දැනුම් දුන්නා. ඒ අනුව මාර්තු 05 වැනිදා පස්වරු 3.00ට අවසන්වීමට තිබූ ලංසු කැඳවීම තව දින 45කින් දීර්ඝ කිරීමට පියවර ගත්තා.
මෙම තීරණයත් සමග අලුතින් ලංසු තැබීමට කැමති ගුවන් සමාගම්වලට අවස්ථාවක් උදාවෙනවා. එසේම දැනට ලංසු ඉදිරිපත් කර ඇති ගුවන් සමාගම්වලට නව යෝජනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සැලසෙනවා. මහා භාණ්ඩාගාරය යටතට පවරාගනු ලබන ගුවන් සමාගම සතු ණය ප්‍රමාණය පියවාගනු ලබන්නේ ශ්‍රී ලංකන් මිලදී ගනු ලබන ගුවන් සමාගම ඉදිරිපත් කරන ලංසු මුදලිනි.
ශ්‍රීලන්කන් සමාගමේ කාර්යක්‍ෂමතාව වැඩිකර ගැනීම සඳහා ඉදිරි මාස 06ක කාලයක් සඳහා ඩොලර් මිලියන 60ත් 70ත් අතර මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරය මගින් ලබාදෙනවා. ඒ අනුව දැනට පවතින තත්ත්වයට වඩා උසස් මට්ටමේ සේවාවක් පවත්වාගෙන යෑමට ගුවන් සමාගම කටයුතු කළ යුතුයි.
ඒ සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපති, අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සියලු කාර්යමණ්ඩලය කාර්යක්‍ෂමව කැපවීමෙන් කටයුතු කළ යුතුයි.
ගුවන් සමාගමේ වියහියදම් පාලනය සහ එහි ක්‍රියාකලාපය අධීක්‍ෂණය සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරනවා. ඔහු විසින් සති දෙකකට වරක් ගුවන් සමාගමේ කටයුතු පරීක්‍ෂා කළ යුතුයි. මෙම කාලය තුළ සේවක වැටුප් වැඩි කිරීම හෝ දීමනා වැඩි කිරීමට කටයුතු කරන්න බැහැ. අනවශ්‍ය විදෙස් ගමන් සහ අනවශ්‍ය වියදම් කළ නොහැකියි.
මෙම මාස 06ක කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිසි ප්‍රගතියක් සිදුනොවන බවට හෙළි වුවහොත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වෙනස්කම් සිදුකිරීමට වුව කටයුතු කරනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
