ශ්‍රීලන්කන් විකිණීම තවත් දින 45ක් පස්සට... ලංසු එනකම් වියදම් කප්පාදු කරයි
ශ්‍රීලන්කන් ගුවන් සමාගම විකිණීමට අදාළ ලංසු කැඳවීම තව දින 45කට කල් දැමීමට රජය තීරණය කළ බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
එසේම ගුවන් සමාගම සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 510ක පමණ ණය මුදල ද මහා භාණ්ඩාගාරය යටතට පවරා ගැනීමට ද තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (04 දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබූ බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05දා) සිය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
"ශ්‍රීලන්කන් ගුවන් සමාගම විකිණීමට අදාළව ලංසු තැබීම පවරා ඇත්තේ ලෝක බැංකුව මගින් නම් කරන ලද ෂත්‍ක් නමැති සමාගමටයි. ගුවන් සමාගම සතුව දැනට පවතින රුපියල් බිලියන 1.2ක පමණ ණය මුදල සමග එය මිලදී ගැනීමට කිසිදු ගුවන් සමාගමක් මේ මොහොතේදී ඉදිරිපත් නොවනු ඇතැයි ෂත්‍ක් සමාගම දැනුම් දුන්නා. ඒ අනුව මාර්තු 05 වැනිදා පස්වරු 3.00ට අවසන්වීමට තිබූ ලංසු කැඳවීම තව දින 45කින් දීර්ඝ කිරීමට පියවර ගත්තා.
මෙම තීරණයත් සමග අලුතින් ලංසු තැබීමට කැමති ගුවන් සමාගම්වලට අවස්ථාවක් උදාවෙනවා. එසේම දැනට ලංසු ඉදිරිපත් කර ඇති ගුවන් සමාගම්වලට නව යෝජනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සැලසෙනවා. මහා භාණ්ඩාගාරය යටතට පවරාගනු ලබන ගුවන් සමාගම සතු ණය ප්‍රමාණය පියවාගනු ලබන්නේ ශ්‍රී ලංකන් මිලදී ගනු ලබන ගුවන් සමාගම ඉදිරිපත් කරන ලංසු මුදලිනි.
ශ්‍රීලන්කන් සමාගමේ කාර්යක්‍ෂමතාව වැඩිකර ගැනීම සඳහා ඉදිරි මාස 06ක කාලයක් සඳහා ඩොලර් මිලියන 60ත් 70ත් අතර මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරය මගින් ලබාදෙනවා. ඒ අනුව දැනට පවතින තත්ත්වයට වඩා උසස් මට්ටමේ සේවාවක් පවත්වාගෙන යෑමට ගුවන් සමාගම කටයුතු කළ යුතුයි.
ඒ සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපති, අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සියලු කාර්යමණ්ඩලය කාර්යක්‍ෂමව කැපවීමෙන් කටයුතු කළ යුතුයි.
ගුවන් සමාගමේ වියහියදම් පාලනය සහ එහි ක්‍රියාකලාපය අධීක්‍ෂණය සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරනවා. ඔහු විසින් සති දෙකකට වරක් ගුවන් සමාගමේ කටයුතු පරීක්‍ෂා කළ යුතුයි. මෙම කාලය තුළ සේවක වැටුප් වැඩි කිරීම හෝ දීමනා වැඩි කිරීමට කටයුතු කරන්න බැහැ. අනවශ්‍ය විදෙස් ගමන් සහ අනවශ්‍ය වියදම් කළ නොහැකියි.
මෙම මාස 06ක කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිසි ප්‍රගතියක් සිදුනොවන බවට හෙළි වුවහොත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වෙනස්කම් සිදුකිරීමට වුව කටයුතු කරනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්