News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගන්නා ලද මොහොමඩ් ඊබ්‍රහම් 2015 දී ජාතික ජන බලවේගය ජාතික ලැයිස්තුවේ සිටියද 2019 දී ඔහුගේ පුතුන් බෝම්බ පුපුරවා ගන්නේදැයි කිසිවකුට දැනගැනීමට හැකියාවක් නැති බව ජාතික ජන බලවේගය සඳහන් කරයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මෙරට සංචාරය ගැන නිල වශයෙන් දැනුම් දීමත් සමග මෙරට ශ්‍රමිකයන් රැගෙන යාමට ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණි ගුවන් ගමන් නවතා දැමීමට ඊශ්‍රායල් ගුවන් සමාගම කටයුතු කර ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සනාථ කළේය.

සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයකින් බලයට පැමිණියහොත් පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ලිඛිතව තමන් දැනුවත් කර ඇති බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් කියා සිටිති.

අමෙරිකානු අධිරාජ්‍යය බිඳවැටෙන සෑම විටම ඔවුන් විසින් ලෝකයේ යුදමය තත්ත්වයක් නිර්මාණය කරන බවද, ඊශ්‍රායලය ත්‍රස්තවාදී රාජ්‍යක් ලෙස අමෙරිකාව භාවිත කළේ ඛනිජ තෙල් වෙනුවෙන් අරාබි මුහුද, රතු මුහුදේ ගැටලුවක් නිර්මාණය කිරීමට බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශනයේ දෙරටේ ආර්ථිකය ඒකාබද්ධ කරන උපාංග 6ක් ඇති බවත්, මුදල් ඒකකය, මූල්‍ය පද්ධතිය, රේගුව, බලශක්ති පද්ධතිය හා විදුලි බල පනත හරහා විදුලි පද්ධතිය යන කොටස් මෙසේ ඒකාබද්ධ කිරීමට එකඟවී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමන්ත්‍රණයකට හසු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දෙයි.

වර්තමානයේ පක්ෂයට එරෙහිව කුමන බාධක සහ අභියෝග එල්ලවී තිබුණත් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය හිමිකර ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික බලවේග රැගත් සන්ධානය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

දයාන් ජයතිලක විසින් තම ජන්ම හතුරෙකු ලෙස සැලකූ ජවිපෙට සහතිකයක් ලබාදීම පිළිබඳව විශ්ව විද්‍යාලයේ ඔහුගේ සමකාලීනයකු වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය කුමක් දැයි ලංකා ලීඩර් ඔහුගෙන් විමසන ලදී.

‍මාලිමාවට ඡන්දය දිය යුත්තේ ඇයි දැයි දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා කරුණු 10ක් සඳහන් කරමින් වෙබ් අඩවියකට එක්තරා විග්‍රයක් කර තිබේ.


දේශීය පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.