
බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයෙන් ආචාරය පුදකරයි
බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ජනාධිපති Luis Arce, හිටපු ජනාධිපති Evo Morales සහ බොලිවියානු ජනතාවට ආචාර පුදකර සිටින බව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.
එම සහයෝගිතාවයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා විසින් නිවේදයක් නිකුත් කරමින් පවසන්නේ එක්සත් ජනපදයේ පිටුබලය ලබන අධිරාජ්‍යවාදීන් විසින් බොලිවියාවේ සිදුකල හමුදා කුමන්ත්‍රණය, දකුණ අස්ථාවර කිරීමේ තවත් උත්සාහයක් බවත්, ජනාධිපති ලුයිස් ආර්ස් මේ සඳහා කඩිනමින් පියවර ගැනීම හේතුවෙන් එම කුමන්ත්‍රණය අසාර්ථක වූ බවත් ය.
අදාළ නිවේදය පහළින්...
බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කළ ජනාධිපති ලුයිස් ආක්, හිටපු ජනපති ඉවෝ මොරලෙස් සහ බොලිවියානු ජනයාට අපගේ ගෞරවණීය උත්තමචාරය!
මූලිකවම වෙනිසියුලානු ජාතික මානව හිතවාදී අසාහය නායකයා වන සයිමන් බොලිවාර් සම්බන්ධයෙන් හදාරද්දී බොලිවියාව යන රට ශ්‍රී ලංකාවේ අපට හමුවේ. ඉන් නොනැවතී අද්වීතීය විප්ලවාදියෙකු මෙන්ම අධිරාජ්‍යය විරෝධී ලෝක නායකයෙකු වන චේ ගවේරා සහෝදරයා ගේ ජීවිත කතාව හදාරද්දී ශ්‍රී ලංකාවේ අපට බොලිවියාව හමුවේ. ඉන් පසුව අපගේ දේශපාලන හැදෑරීම තුළ බොලිවියාව අපට හමුවන්නේ බොලිවියාවේ දැවැන්ත අධිරාජ්‍ය විරෝධී දේශපාලන භූමිකාවක් ඉටු කරමින් සිටින ඉවෝ මොරලෙස් සම්බන්ධයෙන් හදාරද්දීය.
අප ඉහතින් විස්තර කළ අපගේ ගෞරව ආදරයට ලක්වූ බොලිවියාව සම්බන්ධයෙන් අසන්නට ලැබුණු හමුදා කුමන්ත්‍රණ ප්‍රවෘත්තිය මගින් දකුණු අමෙරිකාව අස්ථාවර කර තම දඩ බිම් ශක්තිමත් කිරීමට කැස කවන අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට බොලිවියාව තුළ ජයග්‍රහණයක් අත්වූවාදැයි යන කණගාටුව අප තුළ ඇති විය. එහෙත් ඉතාමත් කෙටි කාලයක් තුළ ජනාධිපති ලුයිස් ආර්ස් ගේ ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණයට සහභාගි වූ ඉහළ හමුදා නිලධාරියා අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීම අධිරාජ්‍ය විරෝධී කඳවුරේ සිටින අපගේ සතුටට හේතු විය.
බොලිවියාවේ අනාගතය සුරැකිමට බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කරවීමට හිටපු ජනාධිපති ඉවෝ මොරලෙස් සිය සාමාජිකයා මෙහෙය වූ ආකාරය දෙස බලන විට ඔහු කියුබාවේ අසාහය නායකයා වූ ෆිදෙල් ක්‍රස්තෝගෙන් නිවැරදිව ඉගෙන ගෙන ඇති බව පෙනී යයි.
එලෙසම බොලිවියානු ජනයා තම මව්බිම පළමුකොට තබා බොලිවියානු ජනාධිපතිවරයා මුහුණ දුන් අසීරු දේශපාලන මංසන්ධිය පසුකර යාමට දැක්වූ කැපවීම ලොව සියළුම රටවල අධිරාජ්‍ය විරෝධී ජනයාගේ චිත්ත ධෛර්ය වඩවන බව කිව යුතුමය.
එලෙසම බොලිවියානු ජනයා මුහුණ දුන් අසීරුසහගත මොහොත පසුකර යාමට අමෙරිකානු රාජ්‍ය සංවිධානය ( Organization of American States) අතුළු සංවිධාන මෙන්ම, කියුබාවේ, චිලියේ, වෙනිසියුලාවේ සහ දකුණු අමෙරිකානු කළාපයේ රාජ්‍ය නායකයන් දැක්වූ දායකත්වය දකුණු අමෙරිකානු කළාපයට සැතපුම් දහස් ගණනක් දුරින් සිටින අධිරාජ්‍ය විරෝධී අපගේ චිත්ත ප්‍රිතියට හේතුවිය. කෙසේ වුවද කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ 637 වතාවක් ඝාතනය කිරීමට අමෙරිකානු අධිරාජ්‍යවාදීන් ගනු ලැබූ නිහීන උත්සහායන් සළකා බැලීමේදී බොලිවියාට එරෙහි ඔවුන්ගේ මැදිහත් වීම මෙතැනින් අවසන් වන්නේ නැති බව අපගේ විශ්වාසයයි.
2019 දී ඉවෝ මොරලෙස් මහතා වෙත තනතුරු හැරයාමට සැලැස්වූ මත භේදයට තුඩු දුන් බොලිවියානු ජානාධිපතිවරණයෙන් බලයට පත්වූ හිටපු අන්තර්වාර ජනාධිපති ජෙනීන් ඇනෙස් නැවත පාලනයට ගෙන ඒමට එළි දැක්වූ කුමන්ත්‍රණයට ආශීර්වාද කළ සමහර රාජ්‍ය කිහිපයක් සිටින බව මාධ්‍ය මගින් අප දුටුවෙමු. කුමන හේතුවකට හෝ කිසියම් අයෙකු අමෙරිකානු අධිරාජ්‍යවාදීන් මෙහෙයවන කුමන්ත්‍රණ වලට සහයෝගය දෙන්නේ නම් අද යුක්‍රේනයට අත්වී ඇති ඉරණම හැදෑරිය යුතු යැයි අපි අවධාරණය කරමු. අධිරාජ්‍යවාදීන් තමනට සහයෝගය දෙන කුමන මට්ටමේ රටක් හෝ ජාතියක් විනාශ මුඛයට ඊළඟ මොහොතේ ඇදගෙන යනු බව නැවත සිහිපත් කරමු. නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදයට රුසියාව සහ චීනය එකව එල්ල කරන ප්‍රහාරයෙන් ඇද වැටෙන ගෝලිය උතුරේ අනිවාර්ය දඩ බිම් ලතින් අමෙරිකාව, අප්‍රිකාව, ආසියාව සහ යුරෝපයේ ස්වාධීන රාජ්‍යද එකතු වන බව අද වන විට තහවුරු වී තිබේ. ඒ අනුව අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට ඉතාම සමීපයෙන් සිටිමින් කියුබානු ජනයා තම විප්ලවය සහ තම මව්බිම රැක ගැනීමට ගන්න ධෛර්ය ආදර්ශයට ගැනීම ලතින් අමෙරිකානු රටවලට පාඩු නොවන බව අපගේ හැඟීමයි.
අප වැනි ආසියානු රටවල අධිරාජ්‍ය විරෝධී ජනයාට බොලිවියානු ජන නායකයන් මෙන්ම බොලිවියානු ජනයා තමන් මුහුණ දෙන තීරණාත්මක දේශපාලන අභියෝගය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට කටයුතු කිරීම මගින් ලබා දුන් ආදර්ශය අපව අතිශයින් ධෛර්යමත් කළ බව සඳහන් කරමු.
අධිරාජ්‍ය විරෝධී ලෝක පරිමාන සටනට ජයවේවා.
Jeewantha Jayatissa,
Bolivarian Solidarity of Sri Lanka
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
