
සර්වජන බලයේ උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත ජනතා සංවාදයට ඉදිරිපත් කරයි
"සර්වජන බලය දේශපාලන එකමුතුව, "සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් තම "උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" අද(06) ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කරනු ලැබීය.
මෙම සුවිශේෂී කටයුත්ත සිදු කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදීය.
මෙම "සර්වජන උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" මගින් ජාතික ප්‍රමුඛතා 20ක් පෙන්වා දෙන අතර ඒවා ජයගත හැකි පරිදි "සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" ගොඩනඟන ආකාරය ජනතාව ඉදිරියේ තබයි. එසේම මෙම කෙටුම්පත මගින් අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය, රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය, ජාතික ආරක්ෂාව, ආර්ථිකය, නූතන මූල්‍ය සම්පත් කළමනාකරණය, විදේශ සබඳතා, සමාජ සුබසාධනය, තාරුණ්‍යය, සංස්කෘතිය සහ කලාව, යුක්තිය, ක්‍රීඩාව, තාක්ෂණය, ජාතික සමඟිය, වැවිලි, කෘෂිකර්මාන්තය සහ පශු සම්පත්, කර්මාන්ත, නාවික, ගුවන් සහ අභ්‍යන්තර ප්‍රවාහන යටිතල පහසුකම්, ප්‍රවාහනය, දේශපාලන ප්‍රතිසංස්කරණ, ණය කළමනාකරණය යන ක්ෂේත්‍ර පිළිබඳව "සර්වජන බලය ප්‍රතිපත්තිමය දැක්ම" වෙන් වෙන් වශයෙන් ජනතා සංවාදය පිණිස ඉදිරිපත් කර තිබේ.
මෙම "උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අමතා මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු වන ගාමිණී වලේබොඩ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි යන සර්වජන බලය දේශපාලන එකමුතුවේ නායකයෝ අදහස් දැක්වූහ.
මෙම සුවිශේෂී අවස්ථාවට ඉහත පක්ෂ, ජාතික සංවිධානවල සෙසු නායකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ ද ව්‍යවසායකයෝ, විද්වත් වෘත්තිකයෝ ඇතුළු දෑහිතකාමී පිරිසක් ද එක්ව සිටියහ.
මාධ්‍ය අංශය,
සර්වජන බලය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
