News Category
From Date
To Date
Maximum Number of Result

මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට ලබාගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මාස කීපයකට පෙර ගෙන්වන ලද රුපියල් මිලියන ගණනක් වටිනා ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකය මගින් භාර නොගැනීම නිසා එම ඖෂධ වරායේ හා ගුවන්තොටුපළේ අනාරක්‍ෂිත ලෙස ගබඩා කර තැබීමෙන් ඖෂධ තොග විනාශවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්තමාන තත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවත්, එසේ සෑහීමට පත්ව සිටින බව පෙන්වන හොඳම නිදසුන ඉහළ පෙළේ රුසියානු නියෝජිත පිරිස පසුගියදා ශ්‍රී ලංකාවේ කළ සංචාරය බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවාන් දගාරියන් මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා අදහස් පළ කිරීමක් සිදුකර තිබේ.

අද වන විට ලෝක දේශපාලනයේ සිදුවී තිබෙන වෙනස්කම්වලට අනුව තම පක්ෂයද වෙනස් වී ඇතැයි ජාතික ජන බලවේග විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව හා සාධාරණ ලෙස කටයුතු කිරීමට සහ කල්පවත්නා සාමකාමී දේශපාලන විසඳුමක් සඳහා ජනමත විචාරණයක් ලබා දිය යුතු බවට එක්සත් ජනපද කොංග්‍රසය විසින් ඉදිරිපත් කරන ලද ද්විපාර්ශවික යෝජනාවක් සලකා බැලෙමින් පවතින්නේ යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රකාශ කර ඇතැයි ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කරයි.

‘යුක්තිය රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුමක්’ යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඉන්දීය මාධ්‍යය වාර්තා කර ඇත්තේ මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බවයි.

එට්කා ගිවිසුම ගෙන ඒමේ ප්‍රධාන කොටස්කරුවකු ලෙස ක්‍රියාකරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, මීට පෙර මෙම ගිවිසුම ගෙනඒමට දැරූ උත්සාහය මේ රටේ වෘත්තිකයන් හා විද්වතුන් එක්ව පරාජය කළ බවත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සාමාජික ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා පවසයි.


දේශීය පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක..

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.

"විශ්වාසභංගයෙන් ඇමති බේරගත්තාට වැඩක් වුණේ නැහැ" - චාමර සම්පත් දසනායක

විශ්වාසභංග යෝජනාවෙන් අධිකරණ ඇමතිවරයාව බේරා ගැනීමට කටයුතු කළද එයින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් හෝ වැඩක් සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

පොල්තෙල් ආනයන සමාගම් 5ක් රු.මිලියන 2891ක් රජයට බදු පොලු තියලා..

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙලෙස ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණයෙන් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

තරුණියන් තරුණයන් වරදට පොළඹවන ඔන්ලයින් ජාවාරමක් එළියට..

Facebook, Messenger, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාල යොදාගනිමින් මහා පරිමාණයෙන් සිදුකෙරෙන සංවිධානාත්මක කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.