
නඩුව වැරදියි... ජනමත විමසුමකින් තොරව ජනපතිවරණය කල් දාන්න බෑ - උදය ගම්මන්පිල
ජනමත විචාරණයකින් තොරව එලඹෙන ජනපතිවරණය කල් දැමීමට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
නඩුව වැරදියි. ජනමත විමසුමකින් තොරව ජනපතිවරණය කල් දාන්න බෑ
ජනපතිවරණය පැවැත්විය යුතු දිනය පිළිබඳ ව්‍යවස්ථාවේ ව්‍යාකූලත්වයක් තිබෙන නිසා ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන තුරු ජනපතිවරණය පැවැත්වීම වලක්වන්න කියලා ව්‍යාපාරිකයෙක් උසාවි ගිහින්. මේ නඩුවට කිසිම නීතිමය පදනමක් නැති නිසා බොහෝ දෙනෙක් මේක නොසලකා හරිවි. නමුත් අතීත අත්දැකීමක් නිසා අපි නම් මේකට දැඩි අවධානයක් යොමු කරනවා. 2023 පුංචි ඡන්දය ප්‍රකාශයට පත් කරපු වෙලාවේ එජාපයට සම්බන්ධ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරලා කිව්වා, ආර්ථික අර්බූදය නිසා ආණ්ඩුවට සල්ලි නෑ. ඒ නිසා ඡන්දය පවත්වන්න එපා කියලා. හැමෝම ඒ නඩුවට හිනා වුණා. නමුත් අන්තිමේ දී ආණ්ඩුවත් උසාවියට ඇවිත් ඉදිරිපත් කලේ ඒ තර්කයමයි. කොහොම හරි දී පුංචි ඡන්දය අතුරුදහන් වුණා. අදටත් සොයා ගන්න නෑ.
මේ නඩුවේ පදනම වෙලා තිබෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපති ධූර කාලය වසර හයේ සිට වසර පහ දක්වා අඩු කලත් ඒ අනුව 83(ආ) වගන්තියේ තිබෙන සය අවුරුදු කියන වචනය පස් අවුරුදු කියා සංශෝධනය කරන්න අසමත් වීමෙන් ව්‍යාකූලත්වය ඇති වෙලා කියන එකයි. ජනාධිපති ධූර කාලය පිළිබඳ කියන්නේ 30(2) වගන්තියේ. එතැන ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් කියලා සංශෝධනය කරලා තිබෙනවා. 83 (ආ) වගන්තියේ විධිවිධාන තිබෙන්නේ ජනාධිපති ධූර කාලය දිගු කරනවා නම් ගත යුතු ක්‍රියාමාර්ග ගැන.
අපි දැන් 83(ආ) වගන්තියේ කියන්නේ මොකද්ද කියලා බලමු. ඒකෙන් කියන්නේ 30(2) වගන්තිය සංශෝධනය කරන්න හෝ ඊට පටහැනි විධිවිධාන අඩංගු කරලා හෝ ජනාධිපති ධූර කාලය වසර හය ඉක්මවීමට හෝ ගෙනෙන පනතක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කරනවාට අමතරව ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතිය ගන්න ඕනි බවයි. වසර හයක් ඉක්මවා ජනාධිපතිගේ ධූර කාලය දිගු කරන්නයි ජනතා අනුමැතිය ඕනි. නමුත් රනිල් ජනාධිපතිගේ ධූර කාලය වසර පහේ සිට හය දක්වා දිගු කිරීමට ජනතා අනුමැතියක් ඕනෑ නෑ කියන එක තමයි නඩුවේ තර්කය.
නමුත් ඒක වැරදි තර්කයක්. මේ වගන්තියේ කරුණු තුනක් ජනමත විචාරණයකට යටත් කරලා තිබෙනවා. ඒ අතරේ ජනාධිපතිගේ ධූර කාලය වසර පහකි කියා සඳහන් 30(2) වගන්තිය සංශෝධනය කිරීමත් තිබෙනවා. ජනාධිපතිගේ ධූර කාලය වසර පහේ සිට හය දක්වා දිගු කිරීමට නම් 30(2) වගන්තිය සංශෝධනය කරන්න ඕනෑ. ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විමසුමක දී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බවත් මේ වගන්තියේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. ඉදිරියේ දී මේ නඩුවට මැදිහත් වෙලා නඩුව පරාජය කරන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
