News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කිසිදු අපේක්ෂකයකු පෙනෙන තෙක් මානයක නැති බවත්, පක්ෂය මේ වනවිට කෑලි හය හතකට කැඩී ඇති බවත්, ඒ හේතුවෙන් පක්ෂය අන්තිම බින්දුවටම වැටී ඇති බවත් හිටපු ජනාධිපතිනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (29 දා) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළාය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ඉදිරියේ 2023 ජූලි 21 වැනි දින ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් එකඟ වූ Connectivity යන නාමකරණයෙන් හැඳින්වෙන, ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සපුරා ඒකාබද්ධකරණයකට ලක් කෙරෙන, ඒ අනුව දෙරට අතර බලශක්ති ඒකාබද්ධකරණය යටතේ තෙල් සහ විදුලි බල පද්ධති පවා Connectivity කෙරෙන, සය වැදෑරුම් වැඩපිළිවෙළ දැනටමත් ඇරඹී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ සමගි ජන බලවේග පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය වත්මන් ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා වෙත ලබා දිය යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ම ඉදිරිපත් වී ඇති බවයි.

ආණ්ඩුව විසින් ඉන්දියාවේ මීලඟ ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ සැලසුමක නිරතවී සිටින බවත්, ස්වෛරී රාජ්‍යක් ලෙස පැවති සිකීම් රාජ්‍ය ඉන්දියාවේ 17 වැනි ප්‍රාන්තය බවට පත්කර ගන්නා ලද්දේ ද මෙබඳුම ආකාරයකට බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ලොව පුරා රටවල් නියෝජනය කරන උසස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් 22 සිට 25 දක්වා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්වින.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින් කාදිනල්තුමා විසින් ඔහුට එල්ල කරන්නට යෙදුණු චෝදනාවලට පිළිතුරු බඳිමින් යවන ලද ලිපිය පිළිබඳව ‘ලංකා ලීඩර්‘ ජාතික සංවිධානවල මතය විමසන ලදී මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (26) මුල්වරට අනාවරණය කළේය.

සමලිංගික චර්යා ප්‍රචලිත කරන පනත හා දුරාචාරයට ඉඩකඩ සැලසීමට ගෙනන පනත් තුළ අන්තර්ගත කරුණු පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරුන් සහ විශේෂයෙන්ම මන්ත්‍රීවරියන් කියවා බලා ඇත්දැයි බරපතළ සැකයක් ඇති බවත්, තමන්ටත් දරුවන් සිටින දෙමාපියන් ලෙස ඔවුන්ට මෙබඳු සමලිංගික හැසිරීම් ප්‍රචලිත කරන පනත්වලට සහාය දිය හැකිදැයි යන්න ගැටලුවක් ඇති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

දේශපාලන ඕනෑ එපාකම් වෙනුවෙන් මෙරට බුද්ධි අංශ පාවාදීම සිදු නොකල යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි


දේශීය පුවත්

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..

නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.