
උතුරු සහ නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීමට විග්නේශ්වරන්ගෙන් අලුත් සන්ධානයක්
උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීම වෙනුවෙන් දෙමළ ජාතිකවාදී පක්ෂ සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක ජනාධිපති නීතිඥ සී.වී. විග්නේෂ්වරන් පවසයි.
ඒ, දිවයිනේ උතුරු සහ නැගෙනහිර බොහෝ මැතිවරණ කොට්ඨාසවලින් සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සැළකිව යුතු පරාජයකට ලක්ව තිබියදීය.
නොවැම්බර් මස පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය උතුරු සහ නැගෙනහිර පළාත්වල ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ අතර, එය එම කලාපයේ දේශපාලන ක්ෂේත්‍රයේ වෙනසක් සනිටුහන් කළේය.
දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂවල ඉදිරි සැලසුම් පිළිබඳ දහස් දක්වමින් විග්නේෂ්වරන් පවසා ඇත්තේ දෙමළ ජාතිකවාදය ගැන උනන්දුවක් දක්වන සියලුම දේශපාලන පක්ෂ අතර සන්ධානයක් ඇති කර ගැනීම පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙන බවයි.
“උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස රජයට බලකිරීම සඳහා මෙම සන්ධානය පිහිටුවනු ලබනවා.”යනුවෙන් ඔහු පවසයි.
මීට පෙර උතුරේ දේශපාලන කණ්ඩායම් දෙකකට ලැබුණු ඡන්ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි වශයෙන් ජාතික ජන බලවේගයට ලැබී ඇති බව හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.
“මීට පෙර විශේෂිත දේශපාලනඥයන් දෙදෙනෙකුට සහය දුන් ආධාරකරුවන් මෙවර සහය දී ඇත්තේ ජාතික ජන බලවේගයට. ඊට අමතරව පළමු වතාවට ඡන්ද අයිතිය ලබාගත් බොහෝ දෙනාද කිසියම් හේතුවක් නිසා ජාතික ජන බලවේගයට ඡන්දය දී තිබෙනවා. නමුත් අනෙකුත් දේශපාලන පක්ෂවලට ලැබෙන සහයෝගය අඩුවෙලා නැහැ.” යැයි ඔහු පවසයි.
දෙමළ දේශපාලන පක්‍ෂ තම ඉදිරි වැඩකටයුතු සැලසුම් කරමින් සිටින අතරවාරයේ යුද ගැටුම්වලදී මියගිය තම පවුලේ සාමාජිකයන් සැමරීමට උතුරේ ජනතාවට ඉඩදීම වැනි සාධනීය තීන්දු තීරණවලට ද ප්‍රශංසා කරන බව විග්නේෂ්වරන් පැවසීය.
“ආණ්ඩුව හොඳ වැඩ ටිකක් කරනවා. යුද්ධයෙන් මියගිය අය සැමරීමට ඉඩ දීමට ඔවුන් ගත් තීරණය එවැනි එක් තීරණයක්. දේශපාලන පක්ෂ ඇතුළු ජනතාව ඒ ගැන සතුටු වෙනවා.” යනුවෙන් ඔහු පවසා තිබේ.
- Ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
