උතුරු සහ නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීමට විග්නේශ්වරන්ගෙන් අලුත් සන්ධානයක්
උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීම වෙනුවෙන් දෙමළ ජාතිකවාදී පක්ෂ සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක ජනාධිපති නීතිඥ සී.වී. විග්නේෂ්වරන් පවසයි.
ඒ, දිවයිනේ උතුරු සහ නැගෙනහිර බොහෝ මැතිවරණ කොට්ඨාසවලින් සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සැළකිව යුතු පරාජයකට ලක්ව තිබියදීය.
නොවැම්බර් මස පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය උතුරු සහ නැගෙනහිර පළාත්වල ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ අතර, එය එම කලාපයේ දේශපාලන ක්ෂේත්‍රයේ වෙනසක් සනිටුහන් කළේය.
දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂවල ඉදිරි සැලසුම් පිළිබඳ දහස් දක්වමින් විග්නේෂ්වරන් පවසා ඇත්තේ දෙමළ ජාතිකවාදය ගැන උනන්දුවක් දක්වන සියලුම දේශපාලන පක්ෂ අතර සන්ධානයක් ඇති කර ගැනීම පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙන බවයි.
“උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස රජයට බලකිරීම සඳහා මෙම සන්ධානය පිහිටුවනු ලබනවා.”යනුවෙන් ඔහු පවසයි.
මීට පෙර උතුරේ දේශපාලන කණ්ඩායම් දෙකකට ලැබුණු ඡන්ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි වශයෙන් ජාතික ජන බලවේගයට ලැබී ඇති බව හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.
“මීට පෙර විශේෂිත දේශපාලනඥයන් දෙදෙනෙකුට සහය දුන් ආධාරකරුවන් මෙවර සහය දී ඇත්තේ ජාතික ජන බලවේගයට. ඊට අමතරව පළමු වතාවට ඡන්ද අයිතිය ලබාගත් බොහෝ දෙනාද කිසියම් හේතුවක් නිසා ජාතික ජන බලවේගයට ඡන්දය දී තිබෙනවා. නමුත් අනෙකුත් දේශපාලන පක්ෂවලට ලැබෙන සහයෝගය අඩුවෙලා නැහැ.” යැයි ඔහු පවසයි.
දෙමළ දේශපාලන පක්‍ෂ තම ඉදිරි වැඩකටයුතු සැලසුම් කරමින් සිටින අතරවාරයේ යුද ගැටුම්වලදී මියගිය තම පවුලේ සාමාජිකයන් සැමරීමට උතුරේ ජනතාවට ඉඩදීම වැනි සාධනීය තීන්දු තීරණවලට ද ප්‍රශංසා කරන බව විග්නේෂ්වරන් පැවසීය.
“ආණ්ඩුව හොඳ වැඩ ටිකක් කරනවා. යුද්ධයෙන් මියගිය අය සැමරීමට ඉඩ දීමට ඔවුන් ගත් තීරණය එවැනි එක් තීරණයක්. දේශපාලන පක්ෂ ඇතුළු ජනතාව ඒ ගැන සතුටු වෙනවා.” යනුවෙන් ඔහු පවසා තිබේ.
- Ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා