News Category
From Date
To Date
Maximum Number of Result

පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානය පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ලද ඉමාම් කමිටු වාර්තාව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද හෙළිදරව් කළේය.

පසුගිය වසරේ, ජගත් හමුදාවල වෙඩි බලය දක්වන ලයිස්තුවේ රුසියාව දෙවෙනි ස්ථානයටත් අමෙරිකාව පළමු ස්ථානයටත් පත්කර තිබුණි. කෙසේ වුවද මෙම වසරේ එම ලයිස්තුවේ ලොව ප්‍රබලතම හමුදාව ඇත්තේ රුසියාවට බව එක්සත් ජනපද ප්‍රවෘත්ති සහ ලෝක වාර්තා සඟරාවේ ශ්‍රේණිගත කිරීම් මගින් පෙන්වා දී ඇත.

පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ඉමාම් කමිටු වාර්තාව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් හෙළිදරව් කරමින් සිටියි.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බොලිවියාවේ හිටපු ජනාධිපති ඉවෝ මොරාලෙස් ඝාතන තැතකින් දිවි ගලවා ගත් බව අද(27) ඔහුගේ "ෆේස්බුක්" පිටුවේ පළ කර ඇති වීඩියෝවක් මගින් ස්ථිර කර සිටියි. ප්‍රහාරයෙන් ඉවෝ මොරාලෙස්ට කිසිදු හානියක් සිදුවී නොමැති අතර, ඔහුගේ රියදුරු පමණක් තුවාල ලබා ඇති බව පැවසේ.

බොලිවියාවේ හිටපු ජනාධිපති ඉවෝ මොරාලෙස් ඝාතන තැතකින් දිවි ගලවා ගත් බව අද(27) ඔහුගේ "ෆේස්බුක්" පිටුවේ පළ කර ඇති වීඩියෝවක් මගින් ස්ථිර කර සිටියි. ප්‍රහාරයෙන් ඉවෝ මොරාලෙස්ට කිසිදු හානියක් සිදුවී නොමැති අතර, ඔහුගේ රියදුරු පමණක් තුවාල ලබා ඇති බව පැවසේ.

කණ්ඩායමේ සාමාජිකත්වය රාජ්‍යයන් නවය ලෙස පවත්වා ගැනීමට ගත් තීරණය සැළකිල්ලට ගනිමින්, බ්‍රික්ස් සංවිධානයට(BRICS) පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව ඉදිරිපත්කළ ඉල්ලුම්පත්‍රය පිළිගෙන නොමැති බවත්, කෙසේවෙතත්, ශ්‍රී ලංකාවට හවුල්කාර සාමාජික රටක් ලෙස එක්වීමට අවසර ලබා දී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ‘සන්ඩේ ටයිම්ස්’ වෙත හෙළිකර ඇත.

අගමැති හරිනි හරිනි අමරසූරිය මෙනෙවිය යුද්ධය අවසන් කළ වසර පිළිබඳව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර තුන්වන සමාලෝචනය කල් යනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා උපුටමින් විදෙස් මාධ්‍ය පවසා තිබේ.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.